රජයේ රෝහල්වලින් හෘද සැත්කම් සිදු කර ගැනීමට පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ගෙන් අඩක් පමණ සිය ජිවිත වලින් සමුගෙන ගොස් ඇති බවට වාර්තා පළ වනවා. ...
රජයේ රෝහල්වලින් හෘද සැත්කම් සිදු කර ගැනීමට පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ගෙන් අඩක් පමණ සිය ජිවිත වලින් සමුගෙන ගොස් ඇති බවට වාර්තා පළ වනවා.
ඒ, රජයේ රෝහල්වලින් සිදු කෙරෙන හෘද සැත්කම් ප‍්‍රමාද වීම හේතුවෙන්. ප‍්‍රධාන රජයේ රෝහල් කිහිපයකම හෘද ශල්‍ය ඒකකවල පවතින අඩුපාඩු හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරා හෘද සැත්කම් සිදු කිරීම ප‍්‍රමාද වී තිබෙනවා.
කොළඹ ජාතික රෝහල සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය ඒකකවල පසුගිය කාල සීමාවේදී එවැනි ගැටළු මතු වුණා. කරපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ වායු සමන පද්ධතියේ පැවති ගැටළු හේතුවෙන් එහි සැත්කම් සිදු කිරීම පසුගිය කාලයේ නතර වී තිබෙනවා.
කෙසේ වෙතත් එම වායු සමීකරණ පද්ධතියේ ගැටළු නිරාකරණය කිරීමට අදාළ කටයුතු භාර සමාගම තවත් මාසයක පමණ කල් ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ. කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ ද විටින් විට එවැනි ගැටළු මතුවුණා.
මේ අතර පේරාදෙණිය රෝහලෙන් කුඩා දරුවන් සඳහා සිදු කෙරෙන හෘද සැත්කම් ද නතර වී ඇතැයි වාර්තා වනවා. ඊට හේතුව සැත්කම් සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කරන හෘද චිකිත්සක රසායනාගාරය වසරකට වැඩි කාලයක් වසා තැබීම හේතුවෙන්. නිර්වින්දන වෛද්‍යවරුන්ගේ ගැටළුවක් ඊට බලපා තිබෙනවා.
මේ හේතුවෙන් පේරාදෙණිය රෝහලට සැත්කම් සඳහා පැමිණෙන කුඩා දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමු කරන බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.
COMMENTS