දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දානන්දත් වැඩේ අත් නොහරී: මැච් එක වික්ක බවම කියයි: පොලිසියටත් බනියි: ගෝඨාගෙන් පරීක්ෂණයකුත් ඉල්ලයි (VIDEO)
Homeප්‍රවෘත්ති

මහින්දානන්දත් වැඩේ අත් නොහරී: මැච් එක වික්ක බවම කියයි: පොලිසියටත් බනියි: ගෝඨාගෙන් පරීක්ෂණයකුත් ඉල්ලයි (VIDEO)

PropellerAds

2011 ලෝක කුසලාන ක්‍රිකට් මහ තරගාවලියේදි තරගය පවා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා විසින් සිදු කළ පැමිණිල්ල අනුව කළ විමර්ශන කටයුතු...

පී.බී.ට ගහලා රාජපක්ෂලාට අත උස්සන නාඩගම එච්චර සීරියස් ගන්න එපා! (VIDEO)
ලංකාව ලෝකයේ දෙවැනි නරකම ආර්ථිකය.. 2022 බංකොලොත්.. කී දාහක් මැරෙයිද දන්නෑ.. - හිටපු ඇමති රාජිත
ප‍්‍රතික්‍ෂෙප වූ චීන සමාගමෙන්ම තවත් පොහොර තොගයක්…?
2011 ලෝක කුසලාන ක්‍රිකට් මහ තරගාවලියේදි තරගය පවා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා විසින් සිදු කළ පැමිණිල්ල අනුව කළ විමර්ශන කටයුතු ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් නතර කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තමන් ඉල්ලිමක් කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි හිටපු ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

” මා විසින්  2011 ලෝක කුසලානය පිළිබදව ප්‍රකාශයක් පසුගියදා සිදු කළා. ඒ ප්‍රකාශය මම මිට කලින් දෙවතාවක් සිදු කළා. මේ පිළිබදව හිටපු ක්‍රීඩා ඇමතිවරු සහ ක්‍රිකට්ක්‍රීඩකයින් ප්‍රකාශ සිදු කළා. 2018 වසරේ දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා විසින්  හරින් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයට එවන ලද ලිපියක් මා සතුව තියෙනවා.

ඒ්කෙන් කියන්නේ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතරින් වැඩිම දුෂණ චෝදනා තියෙන රට ලංකාව කියලා. මේ පිලිබදව දැනට පරික්ෂණ පවත්වනවා කියලා ඇමතිවරයට දන්වලා තියෙනවා. මා විසින් කරන ලද ප්‍රකාශයට පොලිස් ඒකකය විසින් මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. මම මා සතුව තිබු සියළුම තොරතුරු ලබා දුන්නා.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සම්බන්ධ නැහැකියලා මම පැහැදිලිව කිව්වා . මම දන්නේ නැහැ පොලිස් ඒකකය කුමාර සංගක්කාරවත්, මහේල ජයවර්ධනවත් කැඳ වුයේ කුමන පදනමකින්ද කියලා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේකට තොරතුර නැහැ, ඒ නිසා මේ පරීක්ෂණ නතර කරා කියලා.

මම කතා කරා මගෙන් ප්‍රකාශ ලබා ගත් පොලිස් ඒකකයට. පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතින් මේ පරික්ෂණය තියන්න බැහැ  කියලා. තරග පවා දිමේ පනත සම්මත වුණේ 2019 , මේ සිද්ධිය වුණේ 2011 වසරේදී.

කුමාර සංගක්කාර මහතාගේ නිතිඥයා කියලා තියෙනවා මේකට කට උත්තර ලබාදෙන්න අපි බැදිලා නැහැ කියලා. මොකද මේ පනත වැරදි, එතකොට තමයි පොලිසියට තේරෙන්නේ ආරම්භ කරපු පරික්ෂණය වැරදි කියලා. පොලිසිය වැරදි පරික්ෂණයක් ආරම්භ කරලා ඇනගත්තම පරික්ෂණය අවසන් තොරතුරු නැහැ කියන්න බැහැ.

මේ වෙනකොට පොලිසිය තොරතුරු ලබාගෙන තියෙන්නේ තේරිම් කම්ටුවේ සභාපතිවරයාගෙන් විතරයි. එවකට ක්‍රිකට්පාලනයේ හිටපු ලේකම්ගෙන් කට උත්තර ලබා ගත්තද? සභාපතිගෙන් ගත්තද? විධායක නිලධාරින්ගෙන් ගත්තද? ඒ තරගාවලියට සම්බන්ධ කිසිවෙකුගෙන් කට උත්තර ලබාගෙන නැ. මම පැහැදිලිව සදහන් කරා තොරතුරු ගන්න ඕනි අය කවුරුන්ද කියලා.එක්කෙනෙක්ගෙන් කට උත්තර අරගෙන පරික්ෂණය වහන්න පුළුවන්ද? මේ විදිහටම තමයි පොලිසිය පහුගිය කාලයෙත් සිදු කලේ.

අපි යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් විරුද්ධව පැමිණිලි දානකොට දවස් දෙකෙන් පැමිණිල්ල වැහුවා. මෙතනදි වෙලා තියෙන්නේ පොලිසිය පරික්ෂණ කරලා තියෙන්නේ වැරදි විදිහට. මේ පනතට අනුව පොලිස් විමර්ෂණ එක්කයට පරික්ෂණ කරන්න බැහැ. මේකේ බරපතල කම නිසා මම කට උත්තරයක් දුන්නා. මේක විමර්ෂණය කල යුත්තේජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින්.

මම ජනාධිපතිවරයාට කිව්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අසාධාරණ ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. මේ පිලිබදව විධිමත් පරික්ෂණයක් කරන්න කියලා මම ඉල්ලිමක් සිදු කලා.පොලිසිය තමන්ගේ වැරැද්ද වහා ගන්න මේක මගේ පිට දලා තියෙනවා.

පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් මම අහනවා එක පුද්ගලයෙක් ගෙනල්ලා ප්‍රකාශයක් ලබාගෙන විමර්ෂණය නතර කරන්න පුළුවන්ද‍? 2019 සම්මත පනතින් 2011 සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කරන්න පුළුවන්ද කියලා මම අහනවා?

කුමාර සංගක්කාර මහතා කියලා තියෙන්නෙත් මේක සම්බන්ධයෙන් පරික්ෂණ කල යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් කියලා. මම එදත් කිව්වා මේක දේශපාලනියකරණය කරන්න එපා කියලා. මේක විපක්ෂය දේශපාලනය කරගෙන. අපිට ලෝක කුසලානය දිනන්න පුළුවන්, ආයේ දිනන්න නම් මේ තරගා පවා දිම නතර කරන්න ඕනේ. මේක පිටි පස්සේ ක්‍රීඩකයෝ නැහැ. හැබැයි මේකට සම්බන්ධය විශාල ලෙස මුදල් වැය කරනවා මේකෙන් බේරෙන්න” හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටියේය.

කෙසේවෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේ මෙවැනි චෝදනාවක් පිළිබද මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැති බවත්, ලෝක කුසලාන අවසන් තරගය පාවා දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්ය.

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දානන්දත් වැඩේ අත් නොහරී: මැච් එක වික්ක බවම කියයි: පොලිසියටත් බනියි: ගෝඨාගෙන් පරීක්ෂණයකුත් ඉල්ලයි (VIDEO)
මහින්දානන්දත් වැඩේ අත් නොහරී: මැච් එක වික්ක බවම කියයි: පොලිසියටත් බනියි: ගෝඨාගෙන් පරීක්ෂණයකුත් ඉල්ලයි (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh06Gdxq0VcMzh-oJ6YorVuKK5TXnWLGgbHolPNuFVieoXNAMd1UkD7CLq-ghyyXMiAObRzZL2QfHSgTVJ7rh51ZBMNAYw08flsG32UgUzsD367hi4lSscp28SzLoe_88CiuyEerxTLn3U/s320/sanga-mahindananda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh06Gdxq0VcMzh-oJ6YorVuKK5TXnWLGgbHolPNuFVieoXNAMd1UkD7CLq-ghyyXMiAObRzZL2QfHSgTVJ7rh51ZBMNAYw08flsG32UgUzsD367hi4lSscp28SzLoe_88CiuyEerxTLn3U/s72-c/sanga-mahindananda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/video_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/video_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy