දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්
Homeප්‍රවෘත්ති

ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්

PropellerAds

මෙය වූ කලී රුසියානු රදල ධනපති පැලැන්තියේ සාටෝපවත් ජීවිතයට ඔබ්බන් දිවෙන අසම්මත පෙම් සබඳතා, කෘත්‍රිම වෛවාහික දිවි පෙවෙත, බාල් නැටුම්, රාත්‍ර...

ගෝඨාට එරෙහි ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක්
විජයකලා කොළඹට - අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
විජයකලා ගැන දැඩි තීන්දුවක් ගැනීමට රජය සූදානම්
ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්
මෙය වූ කලී රුසියානු රදල ධනපති පැලැන්තියේ සාටෝපවත් ජීවිතයට ඔබ්බන් දිවෙන අසම්මත පෙම් සබඳතා, කෘත්‍රිම වෛවාහික දිවි පෙවෙත, බාල් නැටුම්, රාත්‍රී භෝජන උත්සව, මිල අධික රේන්ද සහ පීත්ත පටි ඇල්ලූ වටිනා වස්ත්‍රාභරණ ආදියෙහි පිරුවටය බිඳ දැමූ උසස් කලා කෘතියකි. ඇනා අර්කෙඩියෙව්නා කරෙනිනා සහ ඇලෙක්සි කිරිලිච් රොන්ස්කි යන දෙදෙනාගේ අනෛතික ප්‍රේමයත්, කොන්ස්ටන්ටින් දිමිත්රිච් ලෙවින් සහ කැතරින් ඇලෙක්සැන්ඩ්‍රොව්නා ෂර්බැට්ස්කියා (කිටී)යන දෙපළගේ නිශ්චිත ප්‍රේමයත් මූලික කරගනිමින් මෙම නවකතාව රචනා කර ඇත. ඇනා කැරනිනා නවකතාව රචනා කිරීම සඳහා තෝල්ස්තෝයි අනුගමනය කළ ශෛලීන් වියත් අවධානයට විශේෂයෙන් යොමු වීය. මෙහි කතා වින්‍යාසය කතුවර අභිමතයට මැනවින් සුසංගත වූවකි. මෙම අධ්‍යයනයෙන් එම විශේෂත්වය විදාරණය කෙරේ.

කතාව වනාහි හේතුඵල සම්බන්ධය ගැන නොසලකා සිද්ධි අනුපිළිවෙළින් ගළපා ගොතනු ලබන්නකි. කතාවින්‍යාසය යනු යම් කතා වස්තුවක් සදහා උචිත සිිදුවීම් හේතුඵල සම්බන්ධය සලකමින් අභිමත අරමුණ ඉටුකරගැන්මෙහි ලා ගැළපීම යි. වියතුන් දක්වන රජ සහ බිසව මිය යාමේ කතාවෙහි රජ මියයාම නිසා බිසව ද මිය ගියා ය යන්න මීට ප්‍රචලිත ම නිදසුන ය.කතාවින්‍යාසය (Plot) අරභයා අදහස් දැක්වූ ග්‍රීක විචාරක ඇරිස්ටෝටල්,කාව්‍ය ශාස්ත්‍රය (Poetics) කෘතියෙහි සවැනි පරිච්ජේදයෙන් මෙවන් අදහසක් මතුකර යි.

"ක්‍රියාවන්ගේ අනුකරණය නම් කථාවින්‍යාසය යි(Muthos). මේ අනුව කතාවින්‍යාසය යනුවෙන් මා අදහස් කරන්නේ සිද්ධි ගැළපීමේ පිළිවෙළ යි."[1]

කතාවක් සාර්ථක වීමට නම් එය පාඨකයා පිළිගැනීමට නම් කතා වින්‍යාසයක් අත්‍යවශ්‍ය වේ. නොඑසේනම් එය හුදු කතාන්දරයක් පමණක් වනු ඇත. යතාර්ථයක් නොව මායාමය කතාවක් වනු ඇත. කතාවත් කතා වින්‍යාසයත් එකිනෙක බැඳී පවත්නා හුයක මෙන් පවතින අතර ප්‍රබන්ධ කතා, නවකතා සහ කෙටි කතා විෂයෙහි මෙම අංග ද්වයෙහි ගැළපීම වඩාලා ම තහවුරු වේ. මේ අනුව කතාවින්‍යාසය හා කතාව යනු දෙකක්බව පැහැදිලි ය. ඇතැම් සාහිත්‍ය නිර්මාණකරුවන් කතාවින්‍යාසයෙහි පවා විවිධතා මතුකරගනී. නවකතාංග අතර එක් කතා වින්‍යාසය මතු නොව ද්විත්ව, සමූහ කතා වින්‍යාස ද දක්නට ලැබේ. ද්විත්ව කතා වින්‍යාසයක් (Double Plot) යනු එක් මූලික කතා වින්‍යාසයක් සමග බැදී පවත්නා අතරෙහි වෙන් වෙන් වශයෙන් ද දිස්වන කතාවින්‍යාස දෙකකි. එක ම කතන්දරයක් තුළ ආඛ්‍යාන මාර්ග දෙකක් වශයෙන් ද මෙය විටෙක දිස්වන බැවින් කතාවස්තුවක් කුළ ඇති අනුකතා දෙකක් ලෙසින් ද පාඨකයාට පෙනෙන්නට පුළුවන. සෑම කතාවකට ම ද්විත්ව කතා වින්‍යාස භාවිත නොකෙරේ. එය තීරණය කිරීම ලේඛකයා සතු කාර්යයකි. මෙහි උචිතත්වය පිළිබඳව ප්‍රංශ ජාතික විචාරකයකු වන ජෝජ් ස්ටයිනර් දක්වන අදහස වැදගත් ය.

"එම්ප්සන් සහ අනෙකුත් විචාරකයින් පවසන ආකාරයට ද්විත්ව කථාවින්‍යාසයක් යනු, විවිධාකාරයට ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති සංකීර්ණ උපාංගයකි. එය විශේෂ අදහසක් සාමාන්‍යයීකරණයට යොදාගත හැකිය. ඒ, කථාපුවත නැවත නැවත අවබෝධකරවීම සඳහා පාඨකයාට බලපෑම් කිරීමටත් කෘතිය විමසන්නා හෝ පාඨකයා එහි දැක්වෙන එක් විශිෂ්ට දෘෂ්ටාන්තයක් පිළිබඳව පමණක් සිතීම මඟහරවන්නා වූ සාර්වික දෘෂ්ටියක් ඉදිරිපත් කිරීමටත් ද්විත්ව කථාවින්‍යාසයකට හැකියාව ඇති බැවිනි."

"ද්විත්ව කථාවින්‍යාසයක් යනු උත්ප්‍රාසයේ සාම්ප්‍රදායික මාධ්‍යය යි."

"ද්විත්ව හෝ සමූහ කථාවින්‍යාසයකට පවතින තත්ත්වය වඩා තී්‍ව්‍ර ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමටත්, සම්මිශ්‍රනය වූ ආකූල යථාර්ථය නැවත නිෂ්පාදනය කිරීමටත් හැකිය." [2]

එක් කථා වින්‍යාසයක් තුළ කළ නොහැකි කාර්යයන් සමූහයක් කථා වින්‍යාස දෙකකදී ග්‍රහණය කළ හැකිබව ඉහත උද්ධෘත මගින් පැහැදිලි වේ. නවකථාවෙන් අභිමුඛ චින්තනය එක් අන්තයනට සීමා නොකර සාර්වත්‍රික කිරීමටත්, සන්සන්දනාත්මක දෘෂ්ටියකින් විමසීමටත්, ඒකාකාරී ලකුණෙන් මුදවාගැනීමටත් මෙසේ ද්විත්ව කථා වින්‍යාස යොදා ගන්නාබව පැහැදිලි ය. ලාංකේය සාහිත්‍යයේ මෙකී කථා වින්‍යාසයේ ද්විත්වතාවයට වඩා දැකිය හැකි වන්නේ දෘෂ්ටිකෝණයෙහි විවිධතා ය. රුසියානු සාහිත්‍යයෙන් විමසතොත් තෝල්ස්තෝයි ඇනා කැරනිනා නවකථාව සඳහා ද්විත්ව කථා වින්‍යාසයෙන් උපරිම සැකසීම් සිදුකර ඇති බව පෙනී යයි.

ඇනා කැරනිනා නවකථාවෙහි ද ප්‍රධාන කථා වින්‍යාස දෙකක් දෘෂ්‍යමාන වේ. ඒ ඇනා හා ඇගේ විවාහක සැමියා වු කැරනින් එක් පසෙකත්, ලෙවින් හා කිටීඅනෙක් පසෙකත් ලෙසින් ගොඩනැගී ඇති කථා පුවත් දෙකක් වශයෙනි. ඒවා වෙන් වෙන්ව ඉදිරිපත් නොවුනත් ඒකාබද්ධ වන අවස්ථා ද වෙයි. පාඨකයා කථා වින්‍යාස දෙක අතර හෙම්බත් නොකර මනා සංයමයකින් තෝල්ස්තෝයි ඔවුන්ව රුසියානු සමාජයට කැඳවාගෙන යයි. කථාවින්‍යාස අතර කථාව දෝලනය කරන්නේ නවකථාවේ රසයට බිඳකුදු හානියක් නොකරමිනි. මෙහිඩොලී හා ඔබ්ලොවුන්ස්කිගේ කොටස ද දක්නට වන නමුත් එය කථා වින්‍යාසයක් නොව ඇරඹුමක් පමණි. ඇනා හා ලෙවින් ප්‍රමුඛ කරගනිමින් තෝල්ස්තෝයි අපේක්ෂා කරන්නේ කවරක්ද යන්නට ඊෂා හේවාබෝවල දෙන අර්ථකථනය මෙසේ යි.

"තෝල්ස්තෝයි එකිනෙකට වෙනස් ආකාරයකින් ගලායන කථාවස්තු දෙකක් සිය කෘතියට යොදාගනී. නවකථාවේ වීරවරිය, ඇනා ඉන් එක් කථාන්දරයකින් ඉදිරිපත්වන අතර කථා නායකයා නොහොත් වීරයා, ලෙවින් අනෙක් කථාවෙන් දැක්වේ. මෙම කථාවින්‍යාස දෙක එක් මූලික කථාවින්‍යාසයක් ලෙසින් ගොතා ඇති අතර, එනිසා ඔවුන් එකිනෙකාට ප්‍රධාන වශයෙන් අනෙක් කථාවින්‍යාසයෙහි ආධාරක කොටස්කරුවකු වීමට හැකියාව ලැබේ. ලෙවින් සහ ඇනා වෙනස් සමාජ ස්ථර දෙකක් නියෝජනය කරයි. ඇනාගේ ජීවිත කථාවෙහි ශෝකානුකූල විකාශනයට ප්‍රතිවිරුද්ධව ලෙවින් නිශ්චිත මුලයකට අනුව සත්‍යවාදී ස්වරූපයකින් සිය ජීවිතය පවත්වාගෙන යාමටත්, ඉතා දුර්ලභ ප්‍රතිපත්ති හා වටිනාකම් අනුව නැගී සිටීමටත් උත්සුක වෙයි. ඇගේ ජීවිතය විනාශයකින් අවසන් වන අතර ඔහුගේ ජීවිතය ප්‍රීතිදායක ආකාරයෙන් කෙළවර වේ." [3]

කථාවින්‍යාසය පිළිබඳ හේවාබෝවලගේ අදහසෙහි වැදගත් අංශයක් වශයෙන් හඳුනාගත හැක්කේ ඇනාගේ චරිතයෙහි ප්‍රතිවිරුද්ධ පක්ෂය ලෙවින්ගේ චරිතයෙන් නියෝජනය වන බව ප්‍රකාශ කර තිබීම යි. නැතහොත් යහපත් විවාහ ජීවිතයක් හේතුවෙන් ලෙවින් සාර්ථකවන ආකාරය සහ අර්බුදකාරී විවාහයක් හා අනියම් ඇසුරක් හේතුකරගෙන ඇනා ඛේදජනක ඉරණමකට පත්වන ආකාරය සැසදීමට ඉඩ ලබාදීම බව යි. ඇය නිශ්චිතව සඳහන් කරන්නේ ඇනා යනු කථාවේ නායිකාව ලෙසින් හැඳින්වීමටත් වඩා වීරවරිය(The heroine, Anna) ලෙසින් හැඳින්වීම යෝග්‍ය බවයි. කථාවේ වීරයාලෙස ලෙවින් හඳුන්වා තිබීම (Tolstoy’s male protagonist, Levin) ද වැදගත් වේ. ඇනා සහ ලෙවින්ගේ කථා පුවත් දෙක ආශ්‍රය කරගනිමින් තෝල්ස්තොයි ද්විත්ව කථා වින්‍යාසයක් ගොඩනඟා ඇත්තේ නවකථාවේ ආරම්භක වැකිය ප්‍රමුඛ කරගනිමින් ය. නවකථාවේ දැක්වෙන, "සියලු වාසනාවන්ත පවුල් එකිනෙකට සමාන වේ. සියලු අවාසනාවන්ත පවුල් ඒවාට ම විශේෂ වු අවාසනාවන්ත භාවයකින් යුක්තය." [4] යන වැකිය තෝල්ස්තෝයිගේ කථා වින්‍යාසයේ විශේෂත්වයට අවශ්‍යයෙන් ම බද්ධ වන අතර එය ඉඟි කරන්නා වූ කථා සාරයක් වශයෙන් ද ක්‍රියා කරයි. මෙහි වාසනාවන්ත පවුල් යනු ලෙවින් සහ කිටීගේ පවුලය. අවාසනාවන්ත වන්නේ ඇනා-කැරනින් සහ ඇනා-රොන්ස්කිගේ පවුල් ය. මෙකී වාසනාව සහ අවාසනාව පිළිබඳ තීරණය පාඨකයාට ගැනීමට ඉඩලබා දෙමින් නිර්මාණාත්මක හරඹය කතුවරයා කරනුයේ කථා වින්‍යාසය මූලික කරගනිමිනි.

ඇනා කැරනිනා නවකථාවේ පුරුෂ චරිත දෙකක් වන රොන්ස්කි හා කැරනින් ඇනාගේ චරිත විකාශනයට බලපාන ප්‍රධාන පුද්ගලයෝ දෙදෙන වෙති. ජී.බී. සේනානායක පවසන්නේ ඇනා හා බද්ධවන පුරුෂ චරිත යුගලය රොන්ස්කි හා කැරනින් බව යි.

"මේ කථාව ඇනා කැරනිනා ද ඇගේ සැමියා හා පෙම්වතා ද යන තුන් දෙනාගේ ගතිගුණවල ඝට්ටනයක ප්‍රතිඵල ය." [5]

ලෙවින් කථානායකයා ලෙසින් ප්‍රධානවීම සාධාරණබව පෙනේ. ලෙවින්ගේ චරිතය ඇනාට සෘජු බලපෑමක් (තේමාව හැරුණුවිට) නොකර යි. එනම් ඔවුන් දෙදෙනාගේ සම්මුඛවීම් කෘතියෙහි දක්නට ලැබෙන්නේ එක ම අවස්ථාවකදී පමණි. ඒ ඔබ්ලොවුන්ස්කි සමඟ ලෙවින් ඇනා බැලීමට ඇගේ නිවසට යන අවස්ථාවේ දී ය. [6] ඔවුන් අතර ඥාති සම්බන්ධයකුදු නැත. ලෙවින් ඇනාගේ මලණුවන් වන ස්ටීවා හෙවත් ස්ටෙපාන් ඔබ්ලොන්ස්කිගේ මිතුරෙකි. ලෙවින් කිටීව විවාහ කරගත් පසුවය, ඇනාට ඔහු ඥාතියකුවන්නේ. ලෙවින් සම්බන්ධ වන්නේ ස්ටීවා, රොන්ස්කි හා කිටී සමඟ පමණි. ඇනාගේ හා ලෙවින්ගේ ජීවන තතු එක්නෙකට ආමුඛ සහ බද්ධ නොවන පරිද්දෙන් වෙන ම කථා දෙකක් ලෙසින් නවකථාවෙහි දැක්වීම හේතුවෙන් කථාවින්‍යාස දෙක සාර්ථකව කෘතියෙහි ආස්ථානගතවී ඇත. නමුත් ඇනාගේ ජීවන සංසිද්ධීන් සන්සන්දනාත්මකව වටහාගැනීමෙහි හා තෝල්ස්තෝයිගේ චරිතය නිරූපණයෙහි ලා ලෙවින් අත්‍යවශ්‍ය වේ.

ඇනා කැරනිනා කෘතියෙහි කථාවින්‍යාසය සම්බන්ධයෙන් ජෝජ් ස්ටයිනර්ගේ අදහස මෙසේ ය.

"ආරම්භයේදී ම තෝල්ස්තෝයි බලාපොරොත්තු වූයේ සමස්ත නවකථාවේ බර කථාවින්‍යාස දෙකක් අතර විසුරුවාලීමටයි. නවකථාවේ තේමාව සඳහා ඔහු කළ ගවේෂණයෙහි ව්‍යංග්‍යාර්ථවත් ද්වීමයභාවයක් දක්නට ලැබේ. තෝල්ස්තෝයි නවකථාවට නමක් යෙදීමේදී සාර්ථක සැලැස්මකින් ඉදිරිපත් කරන ලද විවාහ සංස්ථා දෙක සහ එයට තදනුබද්ධ අඹුසැමි යුගල දෙක මඟින් ඇනාගේ දික්කසාදයට පෙර කොටස සහ රොන්ස්කි සමඟ විවාහ වූ පසු කොටසත්, විවාහ සංස්ථාවේ ස්වභාවය සංසන්දනාත්මක දෘෂ්ටියකින් විමසීමත් යන කාරණා ප්‍රතිබිම්බගත කරයි." [7]

මොහු පිළිගන්නා අදහස වන්නේ ද මෙහි කථාවින්‍යාස දෙකක් ඇති බව යි. විවාහ දෙකක් වශයෙන් ඔහු අදහස් කරන්නේ ප්‍රධාන පෙම්වතුන්වන ඇනා-රොන්ස්කි අතර විවාහය සහ ලෙවින්-කිටී අතර විවාහයබව පැහැදිලි ය.ස්ටයිනර් ඇනා කැරනිනාහි ආකෘතිය කොටස් දෙකකට බෙදා විග්‍රහයක යෙදේ. ඒ ඇනාගේ පළමු විවාහය එනම්, ඇය දික්කසාදවීමට පෙර කොටස සහ රොන්ස්කි සමග විවාහවීමෙන් පසු කොටස වශයෙනි. පූර්වෝක්ත නිිර්වචනයෙහි නවකථාවේ පෙම්වතුන් යුගල දෙකකැයි සදහන් වූව ද,හේවාබෝවලගේ විග්‍රහයට අනුව මෙහි සම්බන්ධතා සතරක් දක්නට ලැබේ.

"මෙම විස්තරකථනයට අනුව නවකථාවේ ඉදිරිපත් කර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතා ආකාර සතර ගවේෂණය කළහොත් කතුවර දෘෂ්ටියෙහි මූලික කරුණු අවධානයට ලක්වනු ඇත. ඒවා නම්:
• පළමුව, අසතුටින් සිටින, එකිනෙකාට නොගැළපෙන නමුත් නීත්‍යනුකූලව විවාහපත්ව සිටින ඇනා-කැරනින් යුවල වෙති.
• ඉන් පසු, ආරම්භයේදී ඉතා සතුටින් දිවි ගෙවන නමුත් දිගුකලක් එසේ ආදරයෙන් සිටීමට නොහැකි වූ, නීතියට පටහැනි ලෙසින් පෙනෙන පෙම්වතුන් යුවල වන ඇනා-රොන්ස්කි ය.
• අනතුරුව, සරල සහ ප්‍රීතිමත් පෙම්වතුන් යුවල වන කිටී-ලෙවින් දෙදෙනා යි. ගෘහාශ්‍රිත අඹුසැමි ප්‍රේමය, විවාහ ජීවිතය ආරම්භයේදී ඇති වූ නොවැදගත් ගැටලු සංවේදීව කාලානුරූපීව විසඳා ගැනීම යන කරුණු මොවුන් සම්බන්ධව වැදගත් වේ.
• අවසාන වශයෙන්, ඩොලී හා ස්ටීවාගේ පවුල වත් පොහොසත්කම වෙනුවෙන් කාලය ගතකරමින් ප්‍රීතියට පත්වන සැමියකු සහ නිර්දෝෂී අවංකත්වයෙහි නිදර්ශනයක් වූ භාර්යාවක් නියෝජනය කරයි."[8]

උක්ත ප්‍රකාශයෙහි දැක්වෙන පුද්ගල සබඳතා අතරින් ඇනා-කැරනින් යුවළ හාඇනා-රොන්ස්කි යුවළ කථා තේමාව හා බලපවත්නා නාට්‍යමය ගැටුමට දායක වේ. කිටී-ලෙවින් යුවළ නවකථාවේ තුලනාත්මක හා ආදර්ශවත් පක්ෂය ගොඩනග යි. ඩොලී-ස්ටීවා ආධාරක යුවළක් ලෙසින් දිස්වේ. තෝල්ස්තෝයි සිය කෘතියට ආරම්භය ගැනීමට හා කථා නායිකාව වන ඇනාගේ පැමිණීමට උචිත පසුබිම සැකසීම සදහා මූලිකව ම ඔබ්ලොවුන්ස්කිගේ පවුල් ආරවුල යොදාගන්නා වූ ආකාරයක් දිස්වේ. කථාවේ තේමාව සඳහා අනියමාකාරයෙන්ඩොලී-ස්ටීවා දෙපළගේ දායකත්වය අවැසිවීම ද තවත් හේතුවකි.

මේ අනුව පැහැදිලි වන්නේ තෝල්ස්තෝයි ඇනා කැරනිනා නවකථාවේ කථා වින්‍යාසය සුවිශේෂි වීමට එහි කථා නායිකා සහ නායක චරිත හොඳින් තේමානුකූලව සුසංයෝග කර ඇති බවයි. නවකථාව නම් කලා මාධ්‍යය සම්බන්ධයෙන් කථා වින්‍යාස දෙකක් යෙදීමේ වැදගත්කම මෙයින් තහවුරු වේ.

පාදක සටහන්-

1- ඇරිස්ටෝටල්, කාව්‍ය ශාස්ත්‍රය, පරිවර්තක ඒ.වී.සුරවීර( නුගේගොඩ: සරසවි ප්‍රකාශකයෝ,2013) පිටුව 31.

2- Joige Steiner, Tolstoy Or Dostoesky(1967) Page 93. "Empson and other critics have pointed out, a double plot is a complex device capable of operating in a number of ways. It can be used to generalize a particular idea, to enforce by a sense of recurrence or universality some insight which the spectator or reader could evade by thinking it applicable to only one exceptional instance."
-"A double plot is a traditional medium for irony."
-"A double or multiple plot can act to render the atmosphere more dense and to reproduce the meshed complications of reality."

3- Eisha Manohari Hewbowala, The Tolstoyian Perspective of the Ethical Scenario of 19th Century Russia reflected in Anna Karenina as a perspective piece of Socio-Psychological Discourse Anna Karenina( Maharagama: Tharangi printers, 2009) Page 164.
- "Tolstoy narrates two stories in his discourse which flow differently. The heroine, Anna, appears in one, whilst the novel’s hero, Levin , comes in the other. The two plots are woven together so they could contribute to one another in certain important ways. Levin and Anna inhabit two separate social worlds. We see Lenin trying to place his life on a proper foundation truth, standing for a very different set of values, from those which make the details of Anna’s life so fatally tragic as the narrative proceeds. Her life ends in disaster, whereas his, ends in happiness."

4- ලියෝ තෝල්ස්තෝයි, ඇනා කැරනිනා, පරිවර්තක ස්වර්ණකාන්ති රාජපක්ෂ, (නුගේගොඩ: සරසවි ප්‍රකාශකයෝ, 2014) පිටුව 07

5- ජී.බී.සේනානායක, 'ඇනා කැරනිනා', බටහිර ශ්‍රේෂ්ඨ නවකථා (ගම්පහ: තරංග ප්‍රකාශකයෝ, 1998) පිටුව 38.

6- ලියෝ තෝල්ස්තෝයි, ඇනා කැරනිනා, පරිවර්තක ස්වර්ණකාන්ති රාජපක්ෂ, (නුගේගොඩ: සරසවි ප්‍රකාශකයෝ, 2014) පිටුව 676

7- Steiner: Page 92. "From the outset, Tolstoy intended to distribute the narrative weight in Anna Karenina between two principal plots, and there is a suggestive duality in his search for a title. Two marriages and two couples, as Tolstoy successively planned to name the book, reflect both an early draft in which Anna obtains a divorce and marries Vronsky and the fundamental purpose of inquiring into the nature of marriage from two contrasting points of view."

8- Hewabowala: Page 175.
"In the discourse, the four relationships presented, explored and examined at length, point to this durability in the perspective of author:
• first, the unhappy, ill-matched but legitimate couple, Anna and Karenin
• then, the initially extremely happy, illegitimate couple, Anna and Vronsky whose kind of love cannot last
• next, the simple, happy couple, Kitty and Levin having domestic bliss despite the early minor problems in their marriage which they manage to sort out sensibly as they proceed
• and finally, the family of Dolly and Steva having a playboy husband and an innocent, exemplary wife

ඩිල්ෂානි චතුරිකා දාබරේ
උපුටා ගැනීම බූන්දි වෙබ් අඩවිය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්
ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්
http://ift.tt/2tu2T3P
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_192.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_192.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy