ෆෝන් එකේ උඹ තියපු මැසේජ් තවමත් දෝංකාර දෙනව. උඹේ කටහඬ ඇහිලා කෝල් එකක් දුන්නම උඹ නෑ. “මේ ... පුතා ආයෙත් රස්තියාදුවක ගිහිල්ල,” හිත තරහෙන...
ෆෝන් එකේ උඹ තියපු මැසේජ් තවමත් දෝංකාර දෙනව.
උඹේ කටහඬ ඇහිලා කෝල් එකක් දුන්නම උඹ නෑ. “මේ ... පුතා ආයෙත් රස්තියාදුවක ගිහිල්ල,” හිත තරහෙන් කෑගහනවා. “කවදාවත් ඕන වෙලාවකට අල්ල ගන්න බෑ.”
සමහර වෙලාවට උඹ ඇත්තටම කොහේදෝ ගිහින්. සමහර වෙලාවට උඹ හිතලම ෆෝන් එක ගන්නේ නෑ. වෙලාවට වැඩ කරන හැටි ගැන අපිට පාඩමක් කියල දෙන්න.
මචන් ප්‍රසන්න,
මාගරට් කිවුව වගේම උඹට හොඳ ඉවක් තිබුණ. මූ මොකාද කියල දැකපු ගමන් උඹට තේරුණා. උඹ කෙනෙකුට සමීප වුනේ බොක්කෙන්ම. හැබැයි ඌව එපා වුනා නම් සද්දයක් නැතිව ඈත්වුනා.
වැල් වටාරම් වගේ කියාගන්න බැරි දාහක් දේවල් හිතේ කැරකෙනවා. හිත රට වටේ යනවා. එකක් පසුපස එකක් මතක සටහන් හිතේ සක්මන් කරනව.
ප්‍රියත් කිවුව වගේ යොලන්ඩ කිවුව වගේ උඹ එනිග්මාවක්. උඹ හිටපු තැනකුත් නෑ නොහිටපු තැනකුත් නෑ. හැබැයි නොදන්නා කෙනෙකුත් නෑ. නොදන්නා දෙයකුත් නෑ. කරපු දේකුත් නෑ. නොකරපු දේකුත් නෑ.
බර්නාඩ් කියපු විදියට උඹේ යාලුවෝ එකාට එකා දන්නේ නෑ. උඹට යාලුවෝ එක්ක වෙන වෙන විදියේ ගෘප් තිබුණ. ඒත් ඕනේ වුනා නම් උන්ව අඳුන්වල දෙන්න උඹ පැකිලුනේත් නෑ. බුද්ධාගම ගැන බීබීසී් යට ඉංග්‍රීසියෙන් දිග documentary එකක් කරන්න උඹ රන්ජිත් සෙට් කරලා දුන්නේ ඒ වැඩේට ගැලපෙනම කෙනා රන්ජිත් බව උඹ දන්නා නිසා. අවාසනාවකට අපිට ඒක කරගන්න බැරි වුනා.
උඹව අඳුන්වල දීල සුනෙත්ට මම කීවේ “ඕක ලෝකේ වටේම ගියා කියල බොරු කියනවා සැරින් සැරේ. හැබැයි ඉතින් ඒකෙන් අපි කාටවත් කරදරයක් නෑ,” කියල. අනික තමයි උඹට මා දන්නා කෙල්ලෙක් අඳුන්වල දෙන්න කලින් මම දෙපාරක් හිතුව. උඹ හොඳටම දන්නවා ඇයි ඒ කියල. කෙල්ලෝ උඹට මේතරම් වහ වැටෙන්නේ ඇයි කියල අද වෙනකල්ම මට හරියටම තේරුනේ නෑ.
හැබැයි අතුරුදහන් වෙච්ච මිනිස්සු ගැන, ඒ මිනිසුන්ගේ පවුල් ගැන, වධ විඳපු මිනිස්සු ගැන උඹේ තිබුණ දයාව අපි හැමෝම දැක්ක. උඹත් ඒ මිනිසසු වගේම වධ විඳපු කෙනෙක් කියල අද මාගරට් කියන කල් මම දැනගෙන හිටියේ නෑ. උඹේ හදවතින්ම මතුවෙන හිනාවෙ එහෙම වේදනාවක් කවදාවත් පේන්න තිබුණේ නෑ.
සිවරාම් (තරාකි) පැහැරගෙන යන්න මොහොතකට කලින් ඌත් එක්ක අන්තිම අඩියට උඹත් සෙට් වෙලා හිටපු බවත් ගොඩක් දෙනා දන්නේ නෑ.
උඹේ රහස් මම දන්නේ නෑ අදත්. ඒ වෙනුවට උඹ මගේ හැම රහසක්ම දැනගෙන හිටිය. ඒ හැමදේටම මට දෙන්න උඹට උපදෙසක් තිබුණ.
බර්නාඩ් එක්ක එකතු වෙලා උඹ බේරලා දීපු මිනිස් ජීවිත, උඹ දන්නා කලාකරුවෝ ගෙනල්ල සංදේශයේ වැඩසටහන්වලට හයියක් වුන හැටි, ඕන වෙලාවක නොදන්නා දෙයක් කියා දුන්න හැටි, අපි කරපු නිර්මාණ බොක්කෙන්ම අගය කරපු හැටි, වැරදි හදපු හැටි, වාද කළ හැටි, සිංහල විතරක් නෙවෙයි ඉංග්‍රීසියෙනුත්ි වැඩ කරපන්, ඉංග්‍රීසි documentary අහපන්, දිගටම ලියපන් කියල බල කරපු හැටි, කරගන්න බැරි වුනත් පොත් ගානක් ට්රාන්ස්ලේට් කරන්න මාව රෙකමන්ඩ් කරපු හැටි ... ඒ සේරම මැරුණත් හිතේ තියෙනව මචන්.
උඹ කියපු කතන්දර මතක කරලා, අදවත් මේ පැත්තේ ඒවි කියල උපාලිත් බලාගෙන හිටිය.
ආයෙත් බොරුවට රස්තියාදු ගහන්නේ නැතිව එකපාරක් හරි අපිව බලල යන්න වරෙන් ප්‍රසන්න උඹේ හිනාවත් අරගෙන.
උඹ දීපු පොත translate කළේ නෑ කියල තරහෙන් ඉන්න බව දන්නවා. මම ඒකත් ආයේ පටන් ගන්නම්.
විකාර කරන්නේ නැතිව එනකොට පුරුදු විදියටම බ්‍රැන්ඩි දාපු චොක්ලට් ටිකකුත් අරගෙන වරෙන් මචන්.
සුනෙත්, උපාලි, ප්‍රියත් වගේම, බර්නාඩ්, රන්ජිත් වගේ ලෝකේ පුරාම ඉන්න උඹේ අනිත් යාලුවෝ වගේම, උඹත් එක්ක ආයෙත් අඩියක් ගහන්න මමත් බලාගෙන ඉන්නවා.
දැනට පොඩ්ඩක් නිදාගනින් නිදහසේ. ඉක්මනට නැගිටලා ඇවිත් පලයන් ආයෙත් අතුරුදහන් නොවී.
(මා මිතුරු ප්‍රසන්න රත්නායක වෙනුවෙන්)
මුහුණු පොතේ සටහන් වූ ප්‍රතිචාර කිහිපයක් පහතින්....
Anura Dissanayaka යලි හමුවන්නට ගිහින් එන්න සහොදරයා නිවන් සුව
Saroj Pathirana Hethuva thama danne na Madushanka
Mubarak M Hassan Priyayange venviima dukaki!
Jeyapragash Nallusamy May his soul Rest In Peace. ??
Angela Seneviratne How sad
Nilantha Ratnayake නිවන්සුව ඔබට
Nayani Wijerathna නිවන් සුව ඔබට
Shanthi Ambeypitiya niwan suwa lebewa
Hung Nguyen RIP. Such a great loss.
Suneth Perera ප්‍රසන්න අයියව මම දැන අඳුන ගත්තේ සරෝජ් අයියගෙන්. පසුව ගත වූ වසර තුන හතරක කාලය තුළ අප කළකී දෑ බොහොමයි. බොහෝ විට ඔහු මා ආමන්ත්‍රණය කළේ "පුතේ" කියාය. ඔහු නිසා මගේ ජීවිතයට එක් වූ ‘හොඳ’ පුරුදු කිහිපයකි. මා BBC Radio 4 දෛනික ශ්‍රාවකයෙක් වීම ඉන් එකකි. ඔහුගේ බිරිඳ පැවැසූ පරිද්දෙන්ම ඔහු “නිර්ආගමික බෞද්ධයෙකි”. ඔහු මෙන්ම ඔහුගේ මරණයද සුන්දර යැයි මට සිතේ. යළි හමුවන තෙක් ඔබට සුබ ගමන්!
Oshadie Korakahagoda Nivan Suva Lebewa!?
Bwwmahmpbnsdd Jeevan Bibile I KNEW HIM
SAD
AS YOUR FRIEND I JOINED WITH YOU AND PAY MY LAST RESPECT AND DEEPLY SHOCKED TO HERE THE DEMISE OF HIM.
Champika Senaratne Nivan suwa
Aruna Kulatunga SouthasiaSpeaks Sas - sad to hear this news.
Thusitha Pathirana සුබ ගමන් මිත්‍රයා
Ajith Dharmakeerthi Wish you a happy journey Prasanna . Saroj your post is a touching tribute to him .
Seetha Ranjanee ඉතා දිගු කලෙකින් ප්‍රසන්න ගැන ලැබුණු ආරංචිය මේකයි. සරෝජ්, ඔහුට මොකද වුණේ? හරිම කණගාටුයි. ඉස්සර සමාජ විද්‍යාඥයින්ගේ සංගමයත් එක්ක කිට්ටුවෙන් වැඩ කළා. තවත් නොයෙක් තැන හිටියා. විදේශගත වෙලා කියලා ආරංචි වුණා. ඔන්න ලැබුණු ආරංචිය!
Saroj Pathirana Mokada une kiyala kavuruth danne na Seetha. Nindedima nathivela. Moone purudu hinavath thibunalu. Hethuva gana thama hoyanava.
Godevithana Prasad සමාදානයේ සැතපේවා.......!!!!
Chamara Nilupul RIP
Ajith Jinadasa I don't know him but feel him. Cheers brother
LikeShow more reactions
Raja Remigius Kanagarajah Jaffna RIP.
Susantha Dandeniya Gamage නිවන් සුව පතමි.
Kasun Sapuml දෙයියනේ.......තාමත් මේ කතාව හීනයක් වගේ...අවුරුදු ගානකට කලින් මුනගැසුනු මේ සොදුරු මිනිසා...ඇත්තම කියනවානම් නොදන්න දෙයක්නැ....අපි එකට කොච්චර වැඩ කලාද...කොච්චර දේවල් ඉගෙන ගත්තද....gypsy kings ලාගේ සින්දුවලට වහ වැටිලා හිටිය හැටි.....හා හාපුරා කියලා පළවෙනියටම voice කරන්න ලැබුණ script එක...අපි කරපු documentary...මේ සියලු ගෞරව ඔබ සතුයි mr ප්‍රසන්න.....දිපු දැනුමට ගොඩක් ස්තුතියි.....හිටපු ගමන් එනවා ආයෙත් යනවා ....ඒ හැටි.....ඒත් ආයෙත් නොඑන්නම ගියා කයන එක කෝලිත කිව්වම පුදුම හිතුනා...සරෝ්ජ් අයයා හොද යාලුවෙක් වෙනුවෙන් මේ ලියලා තියන දේ හරියට හරි.....නිවන් සුව mr prasanna...
Shalika Perera සුභ ගමන් ඔබට......
Srinath Perera මේ ආරන්චියෙන් මා පුදුමයටත් ශෝකයටත් පත්වුනා. ප්‍රසන්න ගැන කලකට පසු ලැබුණු දුක්මුසු පුවත. මා ඔහු අඳුනාගන්නේ "විභවි"ය හොඳින් ක්‍රියාත්මක ව පැවති සමයේදී . එහි බොහෝ සංවිධාන වැඩවලට ප්‍රසන්න වෙහෙස නොබලා සම්බන්ධ වුනා. නිතරම පියකරු සිනහවකින් යුත් ඔහුව දැකීමත් ප්‍රියජනක දෙයක්. විභවියෙන් පසු කාලයේ ඔහු මට හමුවුයේ එකම වතාවයි. ඒත් අහම්බෙන්. ඊටපසු ඔහු මගේ මතකයෙන් ගිලිහී ගියේ කිසිදු ආරංචියක් හෝ නොමැති නිසයි. අන්තිමට ඔහු ගැන අසන්නට ලැබුණු මේ පුවත අදහාගන්නට බැරි තරම්.
Ikmaninma නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා ඔහුත් නැවත ඒවිද??
Kamal A. Perera RIP.....
Indira Kuruppu Very familiar face. May he rest in piece. Sounds like a very sincere person.
Hashitha Abeywardana මචන්
අපිට අර බැරි වුන
කලපු කවි කියවන එක .....See More
Sirimal Wijesinghe ප‍්‍රසන්න කියන්නෙ කාටවත් හරි හැටි හඳුන ගන්න බැරි ගුප්ත මිනිහෙක්. ඒක තමයි උගෙ කොලිටි එක. ඌ මලා කියල මම දන්නෙත් මේ දැන්. මම පුදුම වෙන්නෙ නැහැ. අපි හැමෝටම මේ ගමන යන්න වෙනව - හිටි ගමන් - නොසිතූ වෙලාවක. උගෙ එක හො`ද දෙයක් තිබ්බ. ඕනෙ වෙලාවක ඌ කියන්නෙ Lets do it .හැම තොන්ඩුවකටම ඌ එහෙම කිව්වත් සමහර වෙලාවට ඌ පලා යනව. ඒකත් හොඳ ගති ගුණයක්. මන්ද පලා යාමත් ජීවිතයේ එක විසඳුමක්. මචං ප‍්‍රසන්න - උඹ මළාම ෆේස් බුක් එකේ දාන විකාර කතා වලට උඹම උනත් රැුවටෙන්න එපා. උඹ මේ ලෝකෙන් චුත වෙලා නිවන ලබා ගත්තා. මට ඒ ගැන සතුටුයි.
Priyantha Kulasekera මම ඔහු දන්නේ නෑ පෞද්ගලිකව. මේ අහන දේ අනුව ඔහු මට හමුනොවීම ගැන සිත අන්දමන්ද වෙලා ගියා. ඔහු සැබෑ මානව හිතවාදියෙක් බැව් පැහැදිලියි. හුලං බස්සන්ගෙන් පිරි ලෝකයක මෙවන් පුද්ගලයෙක් සිටියා කියන කියමනත් හිතට සතුටක් ගෙනෙන කරුනක්. මේ සටහන කියවූ පසු මට ලංකාවේ අනාගතය ගැන සුබදායක හැගීමකුත් පහල වුනා. ඒ මෙවන් මිනිසුන්
ලංකාවේ සිටියා/සිටිනවා කියන කරුණ. මේ සොදුරු මිනිසාගේ හදවත සමග අනුනාද වන හදවත් රාශියක්
මෙලොව ඇතිබව අවසන් සටහනක් ලෙස ලියා තැබීමට කැමැත්තෙමි.
Vidya Abhayaa Very sad to hear this. Prasanna was a very good human kind.
Damayanthi Sathya Muthukumarage බොහෝ ලෙන්ගතු මිතු දමක්,ඔබට සුබ ගමන් ප්රසන්න
Charitha Dissanayake You have done lot for my life. This is a shocking news. Cannot believe. May you attain nibbana.
COMMENTS