දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොට්ටාවේ පෙම්වතිය කෝල් දුන්නත් ගමේ පෙම්වතිය මාව අත්හැරියෙ නෑ ෆොටෝ සහ ක්ලිප්ස් ප්‍රශ්නයක් වේවි යයි හිතුවා - හක්මන පෙම්වතා
Homeගොසිප්

කොට්ටාවේ පෙම්වතිය කෝල් දුන්නත් ගමේ පෙම්වතිය මාව අත්හැරියෙ නෑ ෆොටෝ සහ ක්ලිප්ස් ප්‍රශ්නයක් වේවි යයි හිතුවා - හක්මන පෙම්වතා

PropellerAds

කොට්ටාවේ පෙම්වතිය කෝල් දුන්නත් ගමේ පෙම්වතිය මාව අත්හැරියෙ නෑ ෆොටෝ සහ ක්ලිප්ස් ප්‍රශ්නයක් වේවි යයි හිතුවා - හක්මන පෙම්වතා පසුගියදා කොට...

පොලිස්පතිට එරෙහිව DIG ලා ජනාධිපති හමුවට.
දෙසැම්බර් 31 සම්මුතිවාදී ආණ්‌ඩුව ඉවරද?
මත්තලට ඉන්දියාවෙන් පොල්ලක්.

කොට්ටාවේ පෙම්වතිය කෝල් දුන්නත්
ගමේ පෙම්වතිය මාව අත්හැරියෙ නෑ

ෆොටෝ සහ ක්ලිප්ස් ප්‍රශ්නයක් වේවි යයි හිතුවා
- හක්මන පෙම්වතා

පසුගියදා කොට්ටාව හොරණ පාරේ නිවසකදී විවාහපේක්ෂක පෙම්වතා යයි කියන අයෙකු විසින් පිහි ඇනුම් එල්ල කර මරා දමන ලද තරින්දි ආලෝකාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හක්මන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු යයි කියන තරුණයා හෙළිදරව් කර ඇති අලුත්ම කරුණු අනුව මෙම ඝාතනය මුලින් හඳුනාගත් හේතූන්ට වෙනස් හේතු මත සිද්ධ කරන ලද්දක් බවට කරුණු දැන් අනාවරණය වෙමින් පවතී.
ද්විත්ව ප්‍රේමයක් පවත්වාගෙන ගිය හක්මන තරුණයාගේ ගමේ පෙම්වතියට මියගිය තරින්දි යොමු කළ දුරකථන ඇමතුම්
නිසා ඇය මොහුව හැරයන්නට තීරණය කිරීමත් ඒ නිසා දෙපැත්තම නැතිවූ වියරුවෙන් මෙම මරණය සුදු කළ බවටත් පළවූ වාර්තා නිවැරදිම තත්වය නොවන බව දැන් වාර්තාවී තිබේ.
සත්‍ය ලෙසම මෙම පළහිලව්ව සැලවුණ පසු හක්මන තරුණයාගේ ගමේ පෙම්වතිය ඔහුව සැකකර ඇති නමුත් අතහැර නැත.
ඔවුන් විවාහ ගිවිස ගන්නට දින යොදාඇත්තේද ඊට පසු සතියේය.
තරින්දි මරා දමන ලද

අවස්ථාවේ පවා ඔහු සනසමින් මෙම ගැටලුවෙන් මිදෙන මාර්ගයක් සොයන්නට ඇය ඔහුට උදව් දී තිබුණි.
එසේ නම් තරුණයා තරින්දිව මරා දමන්නේ කවර හේතුවකටද?
මෙම කාරණාව ගැන පොලිසිය දිගින් දිගටම සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ තරුණයා පාපොච්චාරණය කර ඇත්තේ ඡායාරූප හා වීඩියෝ පට කිහිපයක් ගැන කතාවකි.
තරින්දි තමා සමග ආශ්‍රය කළ සමයේ දෙදෙනා එකට සිට ලබාගත් ඡායාරූප කිහිපයක් හා වීඩියෝ කිහිපයක් ඔහුට වෙනත් සම්බන්ධයක් ඇති කරගැනීමේදී ගැටලුවක් වන තරමට බලපාන ඒවා වී තිබුණ බවත් ඒවායේ පිටපත් තමා ළඟ මෙන්ම තරින්දි ළඟද තිබුණ බව ඔහු ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් කර තිබේ.
තමාත් තරින්දිත් අතර සම්බන්ධය ගැන ගමේ පෙම්වතිය දැනගත් පසු ඇය ටික කලකට අමනාප වූ නමුත් තරින්දි අතර සම්බන්ධය මෙන්ම එම සම්බන්ධයටද වසර දෙකක් ගතවී තිබුණ බවත් ගමේ පෙම්වතියට තමා අත්හැර යන්නට තරම් එම දුරඇමතුම ප්‍රබලවූයේ නැති බවත් තරුණයා පාපොච්චාරණය කර තිබේ.

නමුත් ගමේ පෙම්වතියට තමා අත්හරින්නට වන තරම් ප්‍රබල සාක්ෂි තරින්දි සතුව තිබූ ඡායාරූප හා වීඩියෝ කොටස් වල තිබුණ බවත් එදා ඝාතනය සිදු කරන්නට හේතුවූයේ ඒවා විනාශ කිරීමට බවත් ඔහු පාපොච්චාරණය කර තිබේ. තරින්දිගේ ජංගම දුරකථනයේ හෝ පරිගණකයක මේ කියන සාක්ෂි තැන්පත්ව ඇතැයි තමා විශ්වාස කළ බවත් තමා සමග අමනාපවී පෙම්වතියට දුරඇමතුම් ගැනීමෙන් පසු තරින්දි තමාට තර්ජනය කරමින් පැවසුයේ තමා ඒ සාක්ෂිද ගමේ පෙම්වතියට හෙළි කර එම සම්බන්ධය විනාශ කර දමන බව යයි ඔහු පවසා ඇත.
මෙතරම් වියරුවෙන් තරින්දි කටයුතු කරන්නට හේතු වූයේ තමා ගමේ පෙම්වතිය සමග සම්බන්ධයක් පවත්වනවා පමණක් නොව ඇයව විවාහ ගිවිස ගන්නට දින යොදා ඇති ආකාරයද තරින්දිට හෙළිදරව්වීම

බව ඔහු පාපොච්චාරණය කර ඇත.

පසුගිය 22 වනදා මෙම තරුණයා තරින්දිව ඝාතනය කරන්නේ 28 වනදා ගමේ පෙම්වතිය විවාහ ගිවිස ගන්නට කටයුතුද සූදානම් කර තිබියදීය. තරින්දි යහතින් සිටියදී තමා විවාහ වුවහොත් අනිවාර්යෙන්ම එම විවාහය කඩාකප්පල් වනු ඇති බව ඔහුගේ සිතට තදින්ම කාවැදී තිබුණ බවත් 21 වනදා නිවසේ උඩුමහලේ සැඟවී සිට පසුදා ඇයව මරාදමන්නට කටයුතු යෙදුනේ ඒ අනුව බවත් ඔහු පවසා ඇත.
කෙසේ වෙතත් තරින්දිව ඝාතනය කිරීමෙන් පසු තමා ගමේ පෙම්වතියට දුරඇමතුමක්දී තමා ඒ දේ කළ බව දැන්වූ නමුත් ඇය ඒ වෙලාවේත් තමාගේ පැත්ත ගත් බවත් මෙහේ ඇවිත් මාව හම්බවෙන්න එන්න යයි ඇය පැවසූ බවත් පාපොච්චාරණය කළ ඔහු ඒ නිසා තමාද දුම්රියට පැන දිවිනසාගන්නට අදහසක් මතුවූ නමුත් එයද අත්හැරගත් බව පවසා ඇත.

මාතර හක්මන ප්‍රදේශයේ වන්දනා ගමන් හා විදේශ රැකියා සඳහා පිරිස් පිටත්කර හරින ඒජන්සියක් පවත්වාගෙන  ගිය මෙම තරුණයා තරින්දිගේ ධනවත් මාපියන් හා ව්‍යාපාරික සහයෝගීතාවයකට එන්නේ 2013 වසරේදීය. ඒ අතර කාලයේ තරින්දිගේ පවුලේ අයට විදෙස් චාරිකාද ඔහු සපයාදී පවුල සමග කිට්ටු සම්බන්ධයක් ගොඩනගාගෙන ඇත. පවුලේ ඇහැට කණට පේන දියණිය වෙත විවාහ යෝජනාවක් ඔහු කර ඇත්තේ ඉන් පසුය. තරින්දිගේ පවුලේ අයට එයට අකමැතිවීමට හේතු තිබී නැත.
කෙසේ වෙතත් තරින්දි සමග යෝජිත විවාහ පෙම් සුුව විඳින අතරම ඔහු ගමේ පාසල් ප්‍රේමයද යළි ක්‍රියාත්මක කරගෙන දෙදෙනාට දෙදෙනා නොදැනෙන්නට ද්විත්ව ප්‍රේමයක් පවත්වාගෙන ගොස් තිබුණි. ඔහුගේ ඇතැම් ව්‍යාපාරික ලාබ ප්‍රයෝජන සඳහා කොළඹ ප්‍රදේශයේ පවුල සමග සම්බන්ධය වැදගත් නිසා ඔහු එය අත්නොහැරම පවත්වාගෙන ගිය බවද පැවසේ.
අවසන් මොහොතේ  දෙදෙනාටම රහස හෙළිවීම නිසා හක්මන තරුණයා අසහනකාරී මානසික තත්වයක පසුව ඇත.තමන් කළ වැරදි ඝාතන මගින් වසන් කරන්නට ඔහු දැරූ තැත වැරදී දැන් සිරගතව විඳවන්නට කරුණු යෙදී ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොට්ටාවේ පෙම්වතිය කෝල් දුන්නත් ගමේ පෙම්වතිය මාව අත්හැරියෙ නෑ ෆොටෝ සහ ක්ලිප්ස් ප්‍රශ්නයක් වේවි යයි හිතුවා - හක්මන පෙම්වතා
කොට්ටාවේ පෙම්වතිය කෝල් දුන්නත් ගමේ පෙම්වතිය මාව අත්හැරියෙ නෑ ෆොටෝ සහ ක්ලිප්ස් ප්‍රශ්නයක් වේවි යයි හිතුවා - හක්මන පෙම්වතා
http://ift.tt/2sDDgZa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_0.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_0.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy