එ ක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඇතිකරගත් සම්මුතිවාදී ආණ්‌ඩු ගිවිසුම ලබන 31 වැනිදායින් පසුව තවත් වසර දෙකකින් දීර්ඝ ක...
එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඇතිකරගත් සම්මුතිවාදී ආණ්‌ඩු ගිවිසුම ලබන 31 වැනිදායින් පසුව තවත් වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට සූදානම් වන බවට එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂක ලෙස ජයග්‍රහණය කරවීම සඳහා පසුගිය ආණ්‌ඩුවෙන් ඉවත්ව පැමිණි වත්මන් ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් මෙම ගිවිසුම දීර්ඝ කිරීම සඳහා මැදිහත්ව සිටින බව ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා සාමාජිකයන් බහුතරයකගේ මතය වී ඇත්තේ සම්මුතිවාදී ආණ්‌ඩුව ලබන 31 වැනිදායින් නිමා කළ යුතු බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් වුවහොත් කරගෙන ආ වැඩපිළිවෙළ අතරමඟ ඇනහිටින බව ද එක්‌සත් ජාතික පක්‍ෂය හා ජනපතිවරයා අතර විරසකය වැඩි වී ගැටුමක් නිර්මාණය වන බව ද විධායකයත් ව්‍යවස්‌ථාදායකයත් ක්‍රියාත්මක කරන වැඩ කටයුතු නිසි ආකාරයෙන් කරගෙන යැමට බාධා ඇති වන බවට ද ඔවුන්ගේ මතය වී තිබේ.
ඉදිරියේදී නව ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීමටත් රටේ සංවර්ධන කටයුතු විධිමත් කිරීමටත් අවශ්‍ය නිසා සම්මුතිවාදී ආණ්‌ඩුව තවදුරටත් අවශ්‍ය බව ද එම පිරිස පවසති.
COMMENTS