දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි - “අපේ ප්‍රතිකාර හොදයි“ රාජිත කියයි

වර්තමානයේ ඩෙංගු උවදුර සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති විශාල ගැටළුවක් වන අතර රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියද මරණ සංඛ්‍යාව දශම 3 ක මට්ටමේ පවත්වාගෙන යා...

වර්තමානයේ ඩෙංගු උවදුර සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති විශාල ගැටළුවක් වන අතර රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියද මරණ සංඛ්‍යාව දශම 3 ක මට්ටමේ පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබි ඇති බවත් එම නිසා ප්‍රතිකාර සේවා හොද මට්ටමක පවතින බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"සැවොම එක්වෙමු - ඩෙංගු දුරලමු” යන තේමාව යටතේ ජාතික ඩෙංගු මර්දන වැඩපිිළිවෙල සියළුම මාධ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් ඊයේ (15) පෙරවරුවෙි දිවයින පුරා ක්‍රියාත්මක විය. කළුතර දිස්ත්‍රික්කයේ එම වැඩසටහන බෙිරුවල චීන කොටුව ප්‍රදේශයේ දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරම්භ කෙරුනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -"බෝනොවන රෝග ප්‍රබල තර්ජනයක් වුවත්, වර්තමානයේ ඩෙංගු උවදුර සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති විශාල ගැටළුවක් වනවා. රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියද මරණ සංඛ්‍යාව දශම 3 ක මට්ටෙමි පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබි තිඛෙනවා. එම නිසා අපේ ප්‍රතිකාර සේවා හොදයි. දැනට රෝගීන් 90,000 ක් වාර්තා වී තිඛෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් පැමිණ ඩෙංගු රෝග තත්ත්වය අධ්‍යයනය කිරීමෙන් පසු ක්‍රියාකාරී සැළස්මක් මා වෙත බාර දුන්නා. 

සති 04 කින් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50 දක්වා අඩු කිරීමෙි සැළසුම් ඊට ඇතුළත්. එය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල්‍යාධාර පවා ලබාදීමට සුදානමින් සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැදවා ජනතාව දැනුවත් කිරීමෙි වැඩපිළිවෙල විධිමත් කළා. ඩෙංගු රෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මර්දනය කිරීමට බැහැ. ජනතාව බලගැන්වීය යුතුයි. සංවර්ධිත රටවල පවා ඩෙංගු උවදුර පවතිනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානය ද සදහන් කරන්නේ නිවසේ නොපෙනන ස්ථානවල ඩෙංගු මදුරුවන් සිටින බවයි. රෝගීන්ගේ සංඛ්‍යාව 08 ගුණයකින් ඉහළ ගියද මදුරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙලා නැහැ. ඩෙංගු රෝගීන් සුවපත් කිරීම සදහා විවිධ ක්‍රමෝපායන් භාවිත කරනවා. මදුරුවන් මර්දනයටත් එහෙමයි. අද දින සියළුම මාධ්‍ය ආයතන සිය වාණිජ පරමාර්ථ පසෙකලා ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා දායකවීම මම අගය කරනවා. මාධ්‍යයට ස්තූතිය පුද කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ෙමි ආකාරයට ජනතාව දැනුවත් කිරීමට සැළසුම් සකස් කළේ නම් රුපියල් කෝටි ගණනාවක මුදලක් වැය වනවා. 

නමුත් මාධ්‍ය ආයතන එය නොමිලේ සිදු කරන්නේ. ඩෙංගු මරණ සංඛ්‍යාව අවම බව ප්‍රකාශ කරමින් ඉන්න හොද නැහැ. රෝගීන්ගේ සංඛ්‍යාව ද අවම කළ යුතුයි. ඒ සදහා කොටින්ගෙන් රට බෙිරාගත් ත්‍රීවිධ හමුදාව පොලීසිය ද සක්‍රීය දායකත්වය ලබාදෙනවා. එයත් අගය කළ යුතුයි. සියළුම ජනතාව  ජාතියක් ලෙස ඒකාබද්ධව ඩෙංගු මදුරු මර්දනයට දායකත්වය ලබාදිය යුතුයි.” 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි - “අපේ ප්‍රතිකාර හොදයි“ රාජිත කියයි
ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි - “අපේ ප්‍රතිකාර හොදයි“ රාජිත කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi01-MUokt-MDALn-Mpy4QESiE265zojxXZPmMS4sDhbCPksT7giXXFfC6F_kSY6Mi9NmJ4S1erX8TpFfRKXNRFSF7asdC_ozNOjJKkgMH9f_RUJznetb5cMPsOQ9bUibLifqxbuPP8sxs/s1600/0d56d5f75fc424ffec370b89a2a8d076_Generic.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi01-MUokt-MDALn-Mpy4QESiE265zojxXZPmMS4sDhbCPksT7giXXFfC6F_kSY6Mi9NmJ4S1erX8TpFfRKXNRFSF7asdC_ozNOjJKkgMH9f_RUJznetb5cMPsOQ9bUibLifqxbuPP8sxs/s72-c/0d56d5f75fc424ffec370b89a2a8d076_Generic.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/90000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/90000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy