දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හර්ෂණ වොල්ගා ජෝඩුවටම ඩෙංගු හැදිලා මාසේ තමයි වැඩ පටන් ගන්නේ
Homeප්‍රවෘත්ති

හර්ෂණ වොල්ගා ජෝඩුවටම ඩෙංගු හැදිලා මාසේ තමයි වැඩ පටන් ගන්නේ

PropellerAds

ලෙඩ වුණ ගමන් මතක්‌ වුණේ  භාරගත්තු වැඩ ටික ලබන මාසේ තමයි වැඩ පටන් ගන්නේ කලාකරුවන් කියන්නේ අපේ රසවින්දනයට ඔවුන්ගේ ජීවිත කැපකරන පිරිසක්‌....

එන්නත හදපු රටවලටත් කොරෝනා පාලනය කරන්න බැරිවුනා.. නමුත් අපි පාලනය කලා - ඩිලාන් පෙරේරා
චීන කොරෝනා එන්නතට එරෙහිව උසාවි යයි.. භාවිතය තවත්වන්න වාරණ නියෝගයක් ඉල්ලයි
ජනපති නාමල්ට ලොකු වගකීමක් දෙයි - මැති ඇමැති 15ක කණ්ඩායමකුත් එයි
ලෙඩ වුණ ගමන් මතක්‌ වුණේ 
භාරගත්තු වැඩ ටික ලබන

මාසේ තමයි වැඩ පටන් ගන්නේ

කලාකරුවන් කියන්නේ අපේ රසවින්දනයට ඔවුන්ගේ ජීවිත කැපකරන පිරිසක්‌. ඔවුන්ට කරදරයක්‌ වුණාම ඔවුන් ගැන සොයාබලන එක අපේ තියෙන මනුස්‌සකමක්‌. හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කියන්නේ අපි ආදරය කරන තරු දෙකක්‌නේ දෙදෙනා විවාහ වෙලත් වැඩි දවසක්‌ නෑ. ඒත් දෙදෙනාටම එක පාරටම ඩෙංගු හැදිල කියල ආරංචියක්‌ ආවා. මනුස්‌සකමේ නාමයෙන් අපි ගියා ඔවුන් දෙන්නට කොහොමද කියල බලන්න. බලමු ඒ දෙන්නගේ දැන් තත්ත්වය කොහොමද කියලා.


හර්ෂණ දැන් කොහොමද ?

දැන් ටිකක්‌ හොඳයි. රෙස්‌ට්‌ කරනව මේ දවස්‌වල.

එතකොට වොල්ගා ඔයාට කොහොමද ?

මටත් හොඳටම හොඳ නැහැ. තාමත් ඇඟට ඒ වෙනස දැනෙනවා.

මොකද වුණේ එකපාරටම දෙන්නට ?

අපි දෙන්නම අසනීප තත්ත්වෙන් හිටියේ. දෙන්නටම ඩෙංගු හැදුණා.

ටිකක්‌ අමාරුත් වුණා.

කාටද මුලින්ම හැදුණේ ?

වොල්ගට තමයි මුලින්ම හැදුණේ.

කවදද ?

වොල්ගයි මමයි අපි දෙන්නම ලක්‌ෂ්මන් පුෂ්පකුමාර අයියගේ අලුත්ම ටෙලි නාට්‍යයේ ෂූටින් වලට මහව ගිහින් හිටියේ. එහේදි වොල්ගට උණ හැදුණා. එකපාරටම රෑ අමාරු වුණා. මහව හොස්‌පිට්‌ල් එකට අරන් ගියාම ඩොක්‌ටර්ස්‌ලා කිව්වෙ සියයට අසූවක්‌ම ඩෙංගු වෙන්න පුළුවන් කියලා. ඒත් ඒක අපි වොල්ගට කිව්වෙ නෑ. ඊට පස්‌සෙ වොල්ගව අපි රාගමට ගෙනාවා.

වොල්ගා දැනගත්තෙ කොහොමද වොල්ගට ඩෙංගු තමයි හැදිල තියෙන්නෙ කියල ?

හොස්‌පිට්‌ල් ඇඩ්මිට්‌ කළාම මම හර්ෂණගෙන් ඇහුවා මොකද කියලා. ඒත් මට කිව්වෙ නෑ. මම දැක්‌ක හර්ෂණ බයවෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් මම ලෙඩ වුණාම මෙයා ගොඩක්‌ බය වෙනවා. මට කිව්වෙ ලේවල ප්ලේට්‌ස්‌ අඩුවෙලා කියලා. ඩෙංගු කියල රෑ දැනගත්තෙ මම එතකන් මට කවුරුවත් ඒ ගැන කිව්වෙ නෑ.

ඇත්තද හර්ෂණ මේ වොල්ගා කියන්නේ ?

ඔව් මෙයාට කිව්වෙ නෑ ඩෙංගු කියලා. හැම වෙලාවෙම මම බැලූවෙ මෙයාව සතුටින් තියන්න. ඒක නිසා කිව්වෙ නෑ ඉතිං.

එතකොට හර්ෂණට කොහොමද හැදුණේ ?

මම හොස්‌පිට්‌ල් ඇඩ්මිට්‌ කරල දවස්‌ දෙකෙන් හර්ෂණටත් හැදුණා.

හර්ෂණටත් ඩෙංගු හැදුණම වොල්ගා බය වුණේ නැද්ද ?

ඇත්තටම මට හැදුණට වඩා මම හර්ෂණට හැදුණම බයවුණා. එයාට ගොඩක්‌ අමාරු වුණා මට වැඩිය. මොකද මේ හැම දෙයක්‌ම තියෙන්නෙ එයාගෙ අතේ. මෙයා තමයි හැම දෙයක්‌ම හොයල බලල කරන්නෙ. එයා කඩා වැටුණොත් අපිට අමාරුයි.

කවුද දෙන්නගෙ වැඩ ටික කරල දුන්නෙ ?

මගේ අම්මයි තාත්තයි වගේම හර්ෂණගේ අම්මයි තාත්තයි හැම දෙයක්‌ම හොයල බැලුවා. ඒ වගේම අපේ හොඳම යාළුවො ටික ආවා හැමවෙලාවෙම බලන්න. පොඩි කාලේ ඉඳන්ම ධනුක, විදුර, ලක්‌ෂිත අපේ හොඳ යාළුවෝ. එයාලා හැමදාම රෑට ආවා බලන්න.

දවස්‌ කීයක්‌ විතර හිටියද හොස්‌පිට්‌ල් එකේ ?

දවස්‌ 8 ක්‌ විතර හිටිය දෙන්නම.

භාරගත්ත වැඩ ගැන බයක්‌ හිතුණේ නැද්ද දෙන්නට ?

හර්ෂණත් ලෙඩ වුණ නිසා වැඩ ගැන බයෙන් හිටියේ. ලෙඩවුණ ගමන් මට මතක්‌ වුණේ අපි භාරගත්ත වැඩ ටික. මම නිතරම දෙවියන්ට කිව්වෙ ලෙඩ ඉක්‌මනට හොඳ කරල දෙන්න කියලා.

අධ්‍යක්‌ෂවරුන්ගෙන් දෝෂාරෝපණයක්‌ ආවෙ නැද්ද ?

ඇත්තෙන්ම නැහැ. කලාව කරගෙන යද්දි අනිවාර්යයෙන් මනුස්‌සකම තියෙන්න ඕන. අපි වැඩ කළේ ඒ වගේ මනුස්‌සකම තියෙන පිරිසක්‌ එක්‌ක. ඒක නිසා අපිට කිසිම ප්‍රශ්නයක්‌ වුණේ නැහැ.

හර්ෂණ කවදද ආපහු වැඩ පටන් ගන්නේ ?

නතර කරපු වැඩ ගොඩක්‌ තියෙනවා. ලබන මාසෙ දෙවැනි සතියේ වගේ වැඩ පටන්ගන්න තමයි දෙන්නම හිතාගෙන ඉන්නේ බලමු ඉතිං.

ප්‍රසංග මාභරණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හර්ෂණ වොල්ගා ජෝඩුවටම ඩෙංගු හැදිලා මාසේ තමයි වැඩ පටන් ගන්නේ
හර්ෂණ වොල්ගා ජෝඩුවටම ඩෙංගු හැදිලා මාසේ තමයි වැඩ පටන් ගන්නේ
http://ift.tt/2rHQh71
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_940.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_940.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy