දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උඩපන්දු ගිලිහී යාම තරගයක පරාජයට හේතු වන්නේ නැහැ - මාලිංග
Homeගොසිප්

උඩපන්දු ගිලිහී යාම තරගයක පරාජයට හේතු වන්නේ නැහැ - මාලිංග

PropellerAds

උඩපන්දුවක් ගිලිහීම තරගයේ පරාජයට හේතුවක් නොවන බව ශ්‍රී ලංකා වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (14දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ...

බැඳුම්කර වාර්තාව නිසා එජාපය නාය යයි.
බැඳුම්කර වාර්තාව නිසා එජාපය නාය යයි.
පොහොට්ටුවට එරෙහිව කෙහෙළිය ස්වාධීන වෙයි.

උඩපන්දුවක් ගිලිහීම තරගයේ පරාජයට හේතුවක් නොවන බව ශ්‍රී ලංකා වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග
ඊයේ (14දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

“මට කිසි කලකිරීමක් නැහැ. මමත් ඕන තරම් උඩපන්දු අතහැරලා තිබෙනවා. ඉතිං උඩපන්දුවක් ගිලිහුණා කියන එක තරගයේ පරාජයට හේතුවක් නෙමෙයි. නමුත් අපි කණ්ඩායමක් විදිහට අපි හොඳට ක්‍රීඩා කළා. අපිට අවශ්‍ය වේලාවේදී සමහර විට උනන්දුව වැඩි නිසා වෙන්න ඇති උඩපන්දු ගිලිහුණේ.
ඒ වගේ සිදුවීම් කොයි වේලාවේ වේවිද කියලා කියන්න බැහැ. සමහර විට මම කඩුලු නොගත්තා නම් හැමෝම මට කියයි ඔයා කඩුලු නොගත්ත නිසා තරගය පරාජය වුණා කියලා. නමුත් උඩපන්දුවක් ගිලිහුණාම කියනවා ඒක නිසා තරගය පරාද වුණා කියලා.

මම කඩුලු 05 ක් ගත්තොත් චම්පික සර් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මම නොගත්තොත් මට බනිනවා. ඒක තමයි ඇත්ත. ඒවගේම පන්දු රකිද්දී උඩපන්දුවක් ගිලිහුණාම පන්දු රැකීමේ පුහුණුකරුට බනිනවා. එහෙම නැතුව හොඳ කියන්නේ නැහැ. පන්දු රකින්නෙක් කියන්නේ කාගේත් කතාබහට ලක් නොවන කෙනෙක්. උඩපන්දුවක් ඇල්ලුවේ නැති වුණාම තමයි ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ. බුද්ධිමත් ජනතාව දන්නවා ක්‍රිකට් ක්‍රීඩා කොහොමද කියලා. ඒනිසා බුද්ධිමත්ව හිතලා ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ලියන්න.

මම දන්නවා මම දැන් අවුරුදු 33 ක ක්‍රීඩකයෙක්. මට ඒ දවස්වල කරපු ලොකු දේවල් කරන්න අමාරුයි. මගේ එකම බලාපොරොත්තුව ලැබෙන හැම පන්දුවෙන්ම කඩුල්ලක් දවාගැනීම. නමුත් සමහර විට මම දැන් තරග දිනවන පන්දු යවන්නෙක් නෙමේ වෙන්න පුළුවන්. මම මාස 19 කට පසුව තමයි එක්දින තරගයක් ක්‍රීඩා කළේ. ඊට පෙර මං පන්දුවාර 10 ක් යවපු එක ගැන සතුටුයි.

එහෙත් මගේ දක්ෂතා පිළිබඳව මට සෑහීමකට පත්වන්න බැහැ. මොකද මට තරගයක් ජයග්‍රහණය කරවන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒක ගැන පෞද්ගලිකව දුකක් තිබෙනවා. එහෙත් නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, තිසර වගේ ක්‍රීඩකයන් එක්ක බැලුවාම අපි කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කළා. මම 2019 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනය, නායකයා, පුහුණුකරු ඇතුළු පිරිස තීරණය කළොත් මම අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා."
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උඩපන්දු ගිලිහී යාම තරගයක පරාජයට හේතු වන්නේ නැහැ - මාලිංග
උඩපන්දු ගිලිහී යාම තරගයක පරාජයට හේතු වන්නේ නැහැ - මාලිංග
http://ift.tt/2s3cSun
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_537.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_537.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy