බැඳුම්කර වාර්තාව නිකුත් කර එහි ඇති නිර්දේශ ජනාධිපතිවරයා ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ මත ගැටුම් උග‍්‍ර අතට පත්ව තිබේ. ...
බැඳුම්කර වාර්තාව නිකුත් කර එහි ඇති නිර්දේශ ජනාධිපතිවරයා ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ මත ගැටුම් උග‍්‍ර අතට පත්ව තිබේ.
එහි දී අගමැතිවරයාට සහ හිටපු මුදල් ඇමතිවරයාට චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් එම පක්ෂයේ පිරිස් මත දෙකක සිටින බව පක්ෂයේ ප‍්‍රබලයෙකු පැවසීය.
එහි දී අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටින පිරිස් මුළු බැඳුම්කර සිදුවීමේ වරද හිටපු මුදල් ඇමතිවරයා මත පැටවීමත්, හිටපු මුදල් ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටින පිරිස් එහි වගකීම අගමැතිවරයා මත පටවමින් කටයුතු කරන බවත් වාර්තාවේ. බැඳුම්කර සිදුවීම් වන විට මහ බැංකුව මුදල් අමාත්‍යාංශයේ විෂය පථයේ නොතිබිය දී රවී කරුණානායක මහතා ඊට වගකිව නැති බවට නීති තර්කයක් ද ඔවුහු ඉදිරිපත් කරති.
කෙසේ වෙතත් කොමිෂන් සභාව නිකුත් කළ වාර්තාව පිළිගන්නා බව එම පක්ෂයේ උප ලේකම්වරයෙකු වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවැසීමත් සමඟ අර්බුදය තවත් වැඩි වී ඇත.
මේ වන විට අදාළ බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට වහාම පාර්ලිමේන්තු කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.
මෙම තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාට බාර දී ඇති බැඳුම්කර කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම ප‍්‍රමාද කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා හමුවී ඉල්ලීමක් කිරීමට ද සූදානම් වේ.
ලබන 23 වන දින නව වසරේ පාර්ලිමේන්තුව රැුස්වීමට නියමිත අතර පළාත් පාලන මැතිවරණයට සති දෙකක් වැනි කෙටි කාලයක් තිබිය දී එය ඉදිරිපත් කිරීමෙන් සිය පක්ෂයට ඉන් අගතියක් සිදුවන බවට කොමිෂමේ සභාපතිවරයාට දැනුම් දීමේ කටයුත්ත භාර දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතාටයි. එහෙත් කරුණානායක මහතා එය ප‍්‍රතික්ෂේප කර ඇත්තේ එම කොමිෂන් සභා වාර්තාවෙන් තමන්ව ද සෘජු පාර්ශ්වකරුවකු කර චෝදනා එල්ල වීම නිසාය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළේ බැඳුම්කර වාර්තාවේ පිටපතක් තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගෙන් තමන් ඉල්ලා සිටි බවයි.
ඊට අමතරව බැඳුම්කර කොමිෂන් සභා සාක්ෂි විමසීමේ දී හෙළි වූ දුරකථන සංවාද කළ බව කියන මන්ත‍්‍රීවරුන්ට පළාත් පාලන මැතිවරණයේ දී ප‍්‍රචාරණ රැස්වීම්වලට පවා සහභාගි වීමේ දුෂ්කරතාවයන්ට පත්ව ඇත්තේ ඔවුන්ට ඡන්ද දායකයන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාරත් සමඟයි.
මෙම තත්ත්වය හමුවේ සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි, යන මැති ඇමැතිවරුන්ට එම චෝදනා එල්ල වීම නිසා තමන්ට වූ අපකීර්තියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට සාකච්ඡුා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේ දුරකථන සංවාද සම්බන්ධ සිද්ධිය කොමිෂන් සභා අවසන් වාර්තාවේ ඇතුළත් නොවීම නිසා දේශපාලන හානියක් කිරීමේ අරමුණෙන් එය කළ බවට අනාවරණය වී ඇති බවයි. එලෙස තම දුරකථන සංවාද තොරතුරු ලබා ගැනීමට උපදෙස් ලබා දුන්නේ කවුරුන් දැයි සොයා බලන ලෙස කථා නායකවරයාගෙන් ඉල්ලා සිටින බව මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
(සත්හඬ)
COMMENTS