දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමහරු අපි අතර ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරනවා - චන්ද්‍රෙල්ඛාගේ දියණිය ශ්‍යාමි
Homeගොසිප්

සමහරු අපි අතර ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරනවා - චන්ද්‍රෙල්ඛාගේ දියණිය ශ්‍යාමි

PropellerAds

සමහරු අපි අතර ප්‍රශ්න ඇති කරන්න  උත්සාහ කරනවා  - චන්ද්‍රෙල්ඛාගේ දියණිය ශ්‍යාමි ප්‍රවීණ ගායිකා චන්ද්‍ර‍ලේඛා පෙරේරාගේ මුල් විවාහයේ වැඩිමහ...

බුකියේ මඩ ගහලා වට්ටනවා බොරු - මරික්කාර්.
බරගම නන්දසිරි හාමුදුරුවෝ මුස්ලිම් අය නිසා තමන්ට වෙච්ච දේ හෙළි කරයි [Video]
මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපතිගෙන් මෙහෙයුමක්.

සමහරු අපි අතර ප්‍රශ්න ඇති කරන්න  උත්සාහ කරනවා 
- චන්ද්‍රෙල්ඛාගේ දියණිය ශ්‍යාමි

ප්‍රවීණ ගායිකා චන්ද්‍ර‍ලේඛා පෙරේරාගේ මුල් විවාහයේ වැඩිමහල් දියණිය වන ශ්‍යාමි නදීෂා‍ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචිවී සිටියි. ඇය පසුගියදා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් දන්වා තිබුනේ තමා සහ මව අතර නොහොඳනෝක්කාඩු ඇති බවට පළවන කතා අසත්‍ය බවයි. එසේම රූකාන්තවද ඉහළින් අගය කරමින් ඇය කතා කර තිබුනේ
පහත පරිදිය.

ඔබ විවාහකයි ඔබගේ පවු‍ලේ තොරතුරු මොනවාද?
මමයි, මගේ සැමියා සුසන්ත කුමාරගේ සහ දරුවන් තුන්දෙනයි පදිංචිවෙලා ඉන්නේ මෙල්බන්වල. ලොකු දුව කවී‍ලේඛා කුමාරගේ. එයාට වයස අවුරුදු දහයයි. දෙවැනියා ෂෙනුලි කුමාරගේ. වයස අවුරුදු පහයි. තුන්වැනියා සෙත් කුමාරගේ. පුතාට වයස මාස තුනයි.

ලබන මාසේ ඔබේ අම්මා (චන්ද්‍ර‍ලේඛා පෙරේරා) මෙල්බන් එනවා කියලා ආරංචියි?
ඔව්, ජූනි 10 වැනිදා මෙල්බන්වල ‘රූසඳ  රෑ’ ෂෝ එකට කට්ටියම එනවා.

අම්මා මෙල්බන් ආවම ශ්‍යාමිට මුණගැහෙනවද?
අම්මි, අන්කල්, නංගිලා අපේ ගෙදරනේ ඉන්නේ මෙල්බන් ආවම.

පසුගිය කාලයේ සිදුවුණ සමහර සිදුවීම් මේ විදිහට විසඳීම ගැන ශාමිට මොනවද හිතෙන්නේ?

සමහරු හිතාගෙන ඉන්නේ අපි තරහයි,  කතා කරන්නේවත් නැහැ කියලයි. එහෙම දෙයක් වෙලා නැහැ. ඒ කා‍ලේ ඉඳලම අම්මි මට ෆෝන් එකෙන් හරි  කතා කළා. අපි පිටරටකට ආවට පස්සේ සම්බන්ධකම් තවත් වැඩිවුණා. අම්මි ඇමෙරිකා ඉන්න කොටත් මට කතා කළා. අපි ලංකාවට ගියාම අම්මියි අන්කලුයි (රූකාන්ත ගුණතිලක) දෙන්නම ආවා අපිව බලන්න. අවුරුදු දෙකකට වරක් අම්මිගෙයි රූකාන්ත අන්කල්ගෙයි ෂෝ එකක් මෙල්බන්වල නොවරදවා තිබෙනවා. ඒ ආවාම මාත් එක්ක තමයි ඉන්නේ. නමුත් සමහරු හිතාගෙන ඉන්නේ අපි කතා කරන්නෙවත් නැහැ කියලා.

ඒක ඇත්ත, රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඔබ කියන මේ කතාව
ඒ නිසාම තමයි පසුගිය වසරේ මැයි මාසයේ මම ලංකාවට ගිය අවස්ථාවේ මට ආරාධනා  කළ රූපවාහිනී සාකච්ඡාවට නංගිවත් (රූකාන්ත සහ චන්ද්‍ර‍ලේඛාගේ දියණිය) සහභාගි කරවා ගත්තේ. මට පෙන්වන්න ඕනෑවුණා අපි පවු‍ලේ කට්ටිය තරහක් නැහැ. අපි එකට ඉන්නේ කියලා. මගේ සිංදුවක් හරි, නංගිලාගේ පින්තූරයක් හරි පත්තරේක ගියොත් සමහරු බැනලා  ‘කමෙන්ට්’ කරන්න පටන්ගන්නවා. නංගිලාට බනිනවා. නැත්නම් අම්මිට බනිනවා. එතකොට මගේ හිතට දුකයි. මම ඔය ෆේස්බුක්වල නැහැ. නමුත් මගේ හස්බන්ඩ්ගේ ෆේස්බුක් එක හරහා එන සමහර ‘කමෙන්ට්’ දැක්කම මට ‘කමෙන්ට්’ එකක් දාන්නවත් බැහැ. මම, අම්මි, අන්කල් සහ  නංගිලා අපි ඔක්කොම දුක්වෙනවා. අපි පවුලක් විදිහට ගත කරන සාමකාමී ජීවිතය ගැන බොහෝ දෙනා ඇත්ත තත්ත්වය දන්නේ නැහැ. සමහර අවස්ථාවලදී හස්බන්ඩ්ගේ ෆේස්බුක් එකේ මම දානවා ‘නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ’ කියලා මගේ නමින්. නමුත් රටේ බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ අපේ පවු‍ලේ එදා තිබූ ලොකු ප්‍රශ්න තවමත් තිබෙනවා කියලා.

රූකාන්ත අන්කල් සහ ඔයාගේ අම්මිගේ දියණිවරුන් සමග ඔබගේ සම්බන්ධය මොන වගේද?
රයිනි සහ වින්දි නංගිලා දෙන්නා ‍පොඩි කා‍ලේ පටන් මාත් එක්ක එකතුයි. ඒ සහෝදරත්වය අදටත් නැතිවෙලා නැහැ. දෙමව්පියන්ගේ ප්‍රශ්න ඒ කා‍ලේ තිබුණත් නංගිලා මාත් එක්ක කතා කළා. නංගිලාගේ ඕනෑම ප්‍රශ්නයක් කියන්නේ මටයි. අඩුම තරමේ මැසේජ් එකක් හරි දාලා මාව දැනුවත් කරනවා. මට මල්ලි කෙනෙකුත් ඉන්නවා. එයා යොහාන්. ඉන්නේ  ඉතාලියේ. තාත්තත් වැඩ කරන්නේ ඉතාලියේ.
 
අම්මි සහ රූකාන්ත අන්කල් අද ගත කරන ජීවිතය ගැන ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?

මට ඇත්තටම විශාල සතුටක් දැනෙනවා. ඒ දෙන්නා ශ්‍රී ලංකාවේ සංගීත කලාවේ ඉහළින්ම ඉන්න දෙපළක්. අපි මනුෂ්‍යයෝ විදිහට සතුටින් ජීවත් වෙනවා නම් ඒක හොඳයි කියන තැනයි මම ඉන්නේ. අම්මියි, අන්කලුයි ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. ඒ දෙන්නට දෙන්නා හරිම ආදරෙයි. හොඳ ස්ථාවරයක ඉන්නවා. ඒ දෙන්නා මෙල්බන් එන්නේ අවුරුදු දෙකකට වරක්. ඒ  එනකොට මෙල්බන්වල කොච්චර  ප්‍රසංග තිබුණත් අන්කල්ගේ ෂෝ එකේ ටිකට්ස් විකිණිලා අවසන් වෙනවා.

චන්ද්‍ර‍ලේඛාගේ හඬට සමීප හඬක් හිමි ඔබ ගායනයෙන් ඈත් වුණේ ඇයි?
මගේ ගීත ගොඩක් නැහැ. ලංකාවේ පැවැති බොහෝ සංදර්ශනවලදී මම ගායනා කළේ අම්මිගේ ගීත. ඊට පස්සේ මෙල්බන් ආවා. මම අවුරුදු තුනක් ඉගෙන ගත්තා. දරුවන් ලැබුණා. සුසන්තගේ වැඩකටයුතුවලට උදව් කළා. එවැනි කාර්යබහුල තත්ත්වයක් යටතේ මම ඉබේටම ගායනයෙන් ඈත්වුණා. ඒ  ගැන මට කිසිම දුකක් නැහැ. මොකද මම ගායිකාවක් නොවන නිසා.

ඔබ රූකාන්ත  අන්කල්ව දකින්නේ මොන විදිහටද?
එයා සංවේදී හදවතක් තිබෙන මනුෂ්‍යයෙක්. ආගම දහමට ඉතා භක්තිමත්. තමන්ට හිංසා කරන මිනිසුන්ටත් සමාව ලබාදෙන උතුම් ගතිගුණ අන්කල් සතුයි. එයාව සොයාෙගෙන ජනප්‍රියත්වය පැමිණෙනවා මිස කිසිම දවසක එයා ජනප්‍රියත්වය වෙනුවෙන් කිසිවක් කළ  බවක් මට මතක නැහැ. ගීත කලාවේ දියුණුව වෙනුවෙන් අන්කල් ගොඩක් වෙහෙසෙනවා. ඒ බව දන්නා ඔහුගේ රසික රසිකාවියන් ලක්ෂ ගණනින් ඔහු වටා රොක් වෙනවා.

අනුර හොරේෂස් ඕස්ට්‍රේලියාවේ සිට (අනුග්‍රහය - ලක්බිම)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමහරු අපි අතර ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරනවා - චන්ද්‍රෙල්ඛාගේ දියණිය ශ්‍යාමි
සමහරු අපි අතර ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරනවා - චන්ද්‍රෙල්ඛාගේ දියණිය ශ්‍යාමි
http://ift.tt/2qtOXDI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_995.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_995.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy