ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අංශ දෙකක් ඔස්සේ කටයුතු...
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අංශ දෙකක් ඔස්සේ කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට උදර්පන නීතිය යටතේ ඇති හැකියාව සොයා බලන ලෙස මේ වන විටත් ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකුට උපදෙස් දී ඇති බවද දැනගන්නට තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා සිංගප්පූරු ශ්‍රී ලංකා තානාපතිවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද දැනගන්නට ඇත.
COMMENTS