දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැලණි ගඟ පිටාරයාම නැවත අවදානමේ රත්නපුර , ගාල්ල , මාතර, කළුතර වැසි අනතුරු මරණ 2 ක් හා අතුරුදන්වීම කිහිපයක්
Homeගොසිප්

කැලණි ගඟ පිටාරයාම නැවත අවදානමේ රත්නපුර , ගාල්ල , මාතර, කළුතර වැසි අනතුරු මරණ 2 ක් හා අතුරුදන්වීම කිහිපයක්

PropellerAds

කැලණි ගඟ පිටාරයාම නැවත අවදානමේ රත්නපුර , ගාල්ල , මාතර, කළුතර වැසි අනතුරු මරණ 2 ක් හා අතුරුදන්වීම කිහිපයක් රත්නපුර , ගාල්ල , මාතර, කළුත...

රාජිතගෙන් තවත් හෙළිදරව්වක්.
බෙල්වුඩ් ආයතනය විකිණීමේ සූදානමක්? : රුපියල් මිලියන 200කුත් වෙන්කරලා.
CID හාස්‍ය රංගනය සහ සිරස මාධ්‍ය සදාචාරය [Video]

කැලණි ගඟ පිටාරයාම නැවත අවදානමේ
රත්නපුර , ගාල්ල , මාතර, කළුතර වැසි අනතුරු

මරණ 2 ක් හා අතුරුදන්වීම කිහිපයක්

රත්නපුර , ගාල්ල , මාතර, කළුතර දිස්ත‍්‍රික් ඇතුළු බොහෝ ප‍්‍රදේශවලට ඊයේ රාත‍්‍රීයේ තද වැසි ඇතිවීමෙන් අනතුරු කිහිපයක්ම වාර්තාවී තිබේ.
ඉදිරි පැය හය තුළ තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි ගඟ ආශ‍්‍රිතව ප‍්‍රධාන ගං වතුර මට්ටමක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ. මේ හේතුවෙන් කැළණි ගඟ දෙපස ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවද
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි දන්වා තිබේ.

සපුගස්කන්ද, හෙයියං තුඩුව ප්‍රදේශයේ නිවසක් මතට අඩි 20ක් පමණ උස තාප්පයක් හා පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

බුලත්සිංහල - මහගම බෝගහවත්ත ප‍්‍රදේශයේ පස්

කන්දක් නායගොස් තිබෙන අතර නාය යන අවස්ථාවේ පුද්ගලයින් පිරිසක් එම ස්ථානයේ සිට එයට යටවූ බව කියැවෙතත් තවම වැඩි විස්තර වාර්තා නොවේ.පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම නිසා එම ස්ථානයට සහන කණ්ඩායම්වලට ළගා වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත.

බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු අතුරුදන්වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ, පාදුක්ක ප්‍රදේශය ජලයෙන් යටවී ඇති බවද වාර්තා විය.

ගිං ගගේ හා නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නෙලූව, හබරකඩ ,මොරවක, යක්කලමුල්ල,
ඉමදූව, වල්පොල,  බද්දේගම, තවලම, නාගොඩ හා වැලිවිටිය ඇතුළු පහත් බිම්වල ජනතාව ඉවත් කිරීමට කටයුතු කර ඇත.

හුංගම ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් තංගල්ල – කතරගම මාර්ගයේ කිලෝමීටර් 8 ක පමණ දුරක් ජලයෙන් යටව ඇතැයි පොලීසිය පවසයි. ඒ අනව එම ප්‍ර දේශවලට ගමන් කිරීමෙන් වළකින ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කළු ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් ඒ ආශ‍්‍රිත පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.පාලින්ද නුවර, බුලත්සිංහල, අගලවත්ත ප්‍රදේශ ද ජලයෙන් යටවී ඇති බව වාර්තා විය.

කිරම ඔය පිටාර ගැලීම නිසා මාතර - කඹුරුපිටිය සහ මුලටියන ප්‍රදේශවල පහත්බිම්වල
ජනතාවටද ඉවත් වන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කලවාන, ඇලපාත, අයගම, කිරිඇල්ල සහ
ඇහැලියගොඩ යන ප්‍රදේශවලට වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ අතර තංගල්ල ප්‍ර දේශයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් තංගල්ල – වීරකැටිය මාර්ගය, තංගල්ල- තිස්ස මාර්ගය ජලයෙන් යටවී ඇති බවත් පොලීසිය පවසයි.

ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල ජනතාව ඉවත් කර ගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන්
හමුදාව යොදවා තිබෙනවා.

අද (26දා) පෙ.ව. 5.30න් අවසන් වූ පැය 21 ක කාලය තුළ දිවයිනේ ඉහළම වර්ෂාපතනය සබරගමුව පළාතට බලපා තිබේ. එ මිල මීටර් 196.7ක් වශයෙනි. එහිදී රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල විවිධ ප්‍ර දේශයන් සඳහා දැඩි වර්ෂාපතනයක් පතිත වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකද දැක්වෙයි. එසේම අද දිනයේද දිවයිනේ පළාත් කිහිපයකට මිල මීටර් 150 ඉක්ම වූ වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29368,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැලණි ගඟ පිටාරයාම නැවත අවදානමේ රත්නපුර , ගාල්ල , මාතර, කළුතර වැසි අනතුරු මරණ 2 ක් හා අතුරුදන්වීම කිහිපයක්
කැලණි ගඟ පිටාරයාම නැවත අවදානමේ රත්නපුර , ගාල්ල , මාතර, කළුතර වැසි අනතුරු මරණ 2 ක් හා අතුරුදන්වීම කිහිපයක්
http://ift.tt/2rn2uhZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/2_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/2_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy