ජාතික තරුණ සේවා සභාවට අයත්, මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් ගලවා ඉවත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇත...
ජාතික තරුණ සේවා සභාවට අයත්, මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් ගලවා ඉවත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.
ස්‌කොට්‌ලන්තයෙන් ගෙන්වන ලද යකඩ කණු බාල්ක යොදා සවි ශක්‌තිමත් ලෙස ඉදිකොට ඇති මෙම ගොඩනැඟිල්ලේ ඉහළ මාලයන් හි තට්‌ටු සහ තරප්පු පෙළ සවි ශක්‌තිමත් ලීයෙන් එංගලන්ත ජාතිකයන් විසින් තනා ඇති බව පැවසේ.
එම ලී යකඩ සහ මෙම ගොඩනැඟිල්ලෙහි සවිකොට තිබෙන රුපියල් කෝටි 3.5 ක් වටිනා අකුණු සන්නායකය ඇතුළු ඇලුමිනියම් තහඩු ස්‌ලයිඩ් ජනේල විකුණා දැමීමේ රහසිගත සැලසුමක් ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරන බව වාර්තා වේ.
පසුගිය 02 වැනිදා බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ භාණ්‌ඩ හිස් කරන බවට ප්‍රදේශවාසීන් මාධ්‍යට කළ දැනුම්දීමකට අනුව ඒ ගැන සොයා බැලීමට මාධ්‍ය උත්සාහ කළ ද එම සීමාවට හෝ ඇතුළුවීමට ස්‌ථාන භාර නිලධාරි තැන හෝ ආරක්‍ෂක අංශ ලබාදී නොමැති බවද පැවසේ.
ඉකුත් පෙබරවාරි 01 වැනදා සහ 02 දින මෙම ගොඩනැඟිල්ලේ තිබූ ශිෂ්‍ය නේවාසිකාගාරයේ, අඳන්, අල්මාරි, ඇතුළු සෞන්දර්ය උපකරණ සියල්ල ඉවත් කර තිබේ.
සංවර්ධනයට රුපියල් මිලියන 200ක්
මේ අතර බෙල්වුඩ් සෞන්දර්ය ආයතනය හා පොල්ගොල්ල තරුණ සේවා මධ්‍යස්ථානය නවීකරණය සදහා රුපියල් මිලියන 200ක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යංශය මගින් වෙන් කර ඇති බව ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂිකා කුමුදුනි රාජපක්ෂ මහත්මිය පවසයි.
අධයක්ෂකවරිය මෙම අදහස් පල කළේ ජාතික තරුණ සේවා සභාවේ මහනුවර දිස්ත්‍රික් ප්‍රගතිය හා ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සදහා පසුගිය වසරේ මාර්තු මාසයේ මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදිය.
බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ දැනට ඇති ගොඩනැගිලි වෙනුවට අති නවීන පහසුකම්වලින් යුත් ගොඩනැලි සංකීර්ණයක් හා නේවාසිකාගාරයක් ඉදිකිරිමට සැලසුම් කර ඇති බවත් නවීකරණයෙන් පසු දැනට පවත්වාගෙන යනු ලබන පාඨමාලාවන්ට අමතරව නව පාඨමාලා රැසක් ආරම්භ කිරීමට හැකි බවත් අධ්‍යක්ෂකවරිය පැවැසීය.
නව ගොඩනැගිල්ල ඉදිවිමෙන් පසු මහරගම හා එරමිණියාය ඇතුළු අනෙකුත් ස්ථානවල පවත්වාගෙන යන සෞන්දර්ය පාඨමාලා සියල්ල බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේදී පමණක් පැවැත්වීමටත් කටයුතු කරන බවද පවැසිය.
නව ඉදිකිරිම් හේතුවෙන් මේ වසර සදහා සිසුන් බදවා නොගන්නා බව පැවැසු අධ්‍යක්ෂකවරිය ඉදිකිරීමට යෝජිත නේවාසිකාගාරය විශ්ව විද්‍යාලවල නේවාසිකගාරවල ආකෘතියෙන් යුක්තව සියලු පහසුකම් සහිතව ඉදිකිරීමට යෝජිත බවද පැවසීය.
පොල්ගොල්ල තරුණ මධ්‍යස්ථානය ද රු. මි. 100ක මුදලින් වැඩිදියුණු කිරීමට කටයුතු යොදා ඇති අතර එහි දේශන ශාලා ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සියල්ල වැඩිදියුණු කෙරෙනු ඇත.
දැනට මහනුවර නිවාස සංවර්ධන අධිකාරියට අයත් ගොඩනැගිල්ලක පිහිටා ඇති තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් කාර්යාලයද පොල්ගොල්ල මධ්‍යස්ථානය වෙත ගෙනයෑමට ඉදිරියේදී කටයුතු යොදන බවද මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය විය.
ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් යෞවන සමාජ 1200ක් පිහිටුවා ඇති බවත්, යෞවනයන් ඉලක්ක කරගනිමින් විශේෂිත ව්‍යාපෘති, ක්‍රීඩා තරග, වෘත්තීය මාර්ගෝපදේශ වැනි වැඩසටහන් හා ප්රාකදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් යෞවන සම්මාන උළෙල 20ක් මෙම වර්ෂයේදි පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මෙම අවස්ථාවට සහභාගි වු ජාතික තරුණසේවා සභාවේ මහනුවර දිස්ත්රිතක් සහකාර අධ්යඅක්ෂ නිහාල්සිරි හේරත් මහතා පැවැසීය.
COMMENTS