ලබන ජූනි මස එංගලන්තයේ පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක්රිකට් තරගාවලියට එක්වන ශ්රී ලංකා සංචිතය අද (24) නම් කළා. එහි නායකයා ලෙස නම් කර ඇත්තේ...
එහි නායකයා ලෙස නම් කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් වන අතර උප නායකයා ලෙස උපුල් තරංග නම් කර තිබෙනවා
දිනේෂ් චන්දිමාල්, චාමර කපුගෙදර, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා, සීක්කුගේ ප‍්‍රසන්න, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්, ලක්ෂාන් සඳකැන්
යන ක්‍රීඩකයින් සංචිතයට නම් කර තිබෙනවා.
අතිරේක ක‍්‍රීඩකයින් ලෙස නම් කර ඇත්තේ දිල්රුවන් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක යි.
මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව බී කාණ්ඩය යටතේ තරඟ වදිනවා.
බී කාණ්ඩයට අයත් සෙසු රටවල් වනුයේ,
දකුණු අප‍්‍රිකාව,ඉන්දියාව සහ පාකිස්තානය යි.
ශ‍්‍රී ලංකාව තරග වදින පළමු තරගය ජූනි මස 03වනදා දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලන්ඩන්හි දී පැවැත්වීමට නියමිතයි.
COMMENTS