දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල් වෙනුවෙන් කෑගසු දිනේෂ් සතියකට පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමූ නාටකය (video)
Homeගොසිප්

විමල් වෙනුවෙන් කෑගසු දිනේෂ් සතියකට පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමූ නාටකය (video)

PropellerAds

විමල් වෙනුවෙන් කෑගසු දිනේෂ් සතියකට පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමූ නාටකය (video) ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් ලෙස ප...

"වැඩවර්ජනවලින් අපිට රිදෙන්නේ නැහැ - වෘත්තීය සමිති පරාජය කළ යුතුයි" : ආණ්ඩුවේ ප්‍රතිචාරය මෙන්න.
ඩ්‍රිම්රෝන් පළමු තැන : ඩයනා කේ. හෙට්ටිආරච්චි හැඬගැන්වූ ලක්ශ්මි මධුරේඛාට.
චම්පික අලුත් වැඩකට අත ගසයි : මහනුවර දී කැමරාව අතට ගනියි.

විමල් වෙනුවෙන් කෑගසු දිනේෂ්
සතියකට පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමූ නාටකය (video)


ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් ලෙස පිළිගත නොහැකි බවට කථානායක  කරු ජයසූරිය මහතා ඊයේ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඇතිවූ කලබලකාරී වාතාවරණයේදී පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වූ දිනේෂ් ගුණවර්ධනට සිය හදිසි කෝපය පාලනය කරගන්නට බැරිව ගියේය.
පාර්ලිමේන්තුවේ පක්ෂයක් ලෙස ජාතික නිදහස් පෙරමුණ ලියාපදිංචිවී නොමැති වාතාවරණයක් තුළ එය වෙනම පිළිගන්නට අවශ්‍යතාවයක් නැති බව කතානායකවරයා කරුණු සහිතව පැහැදිලි කළද සිරගදෙර සිට පැමිණි විමල්ටත් වඩා ඒ ගැන වදවූයේ දිනේෂ්ය.
දිගින් දිගට සිදුවන බාධා හමුවේ
කතානායකවරයා සභාවෙන් පිටතට යන ලෙස දිනේස්ට ස්ථාවර නියෝගයක් නිකුත් කළද ඔහු හිතුවක්කාර ලෙස රැඳී සිටි අතර ඔහු වෙනුවෙන් විමල් බන්දුල යනාදීන් අදහස් පළකරමින් පක්ෂව කථා කළෝය.
පසුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් අනතුරුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සතියක කාලයක් පාර්ලිමේන්තු කටයුතු සීමා කෙරුණ අතර පොලිසියේ සහාය සමග වේත්‍රදාරීන් ඔහුව ඉවතට පළවා හරින්නට සිදුවිය.

පස්වරු 1කට ආරම්භ වු පාර්ලිමේන්තුව පස්වරු 4 පමණ දක්වාම නොසන්සුන් මුහුණුවරක් ගෙන තිබුණි.
මුලින්ම කථානායකවරයා සභාව විනාඩි 10 කට කල් තැබීමට තීරණය කළේය.
එම කාලය ඉක්මවා යමින් සභාවේ කටයුතු යළි ආරම්භ වුවද සභාව පවත්වාගෙන යාමට නොහැකි වුයේ යළි ත් සභාව නොසන්සුන්වීම හේතුවෙනි.

එම විරෝධය හමුවේ දිනේෂ් ගුණවර්ධන මහතාට සභාවෙන් ඉවත්ව යන ලෙස මුල්වරට කථානායකවරයා දැනුම් දුන්නේ ය.
එම දැනුම් දීමත් සමග සභාව දෙවන වරටත් කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.
යළි සභාවේ කටයුතු ආරම්භ වුව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් නොවීය.
ඔහු දිගටම සභාවේ රැඳී සිටීම හමුවේ යළි ඇති වූයේ නොසන්සුන් තත්ත්වයකි.

මෙහිදී කථානායකවරයා වේත්‍රධාරීන්ට නියෝග කළේ දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

සභාව තෙවන වරටත් කල් තැබීමට ද කථානායකවරයා එහිදී පියවර ගත්තේය.
පසුව යළි සභාවේ කටයුතු ආරම්භ වු අවස්ථාවේදී ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා රැඳී සිටිම හේතුවෙන් කථානායකවරයා තීරණය කළේ, ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසීමටයි.
මෙහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවීමට යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 85 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡණ්ද 22 ක් පමණි.
මේ අතර දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක් කාලයක් පාර්ලිමේන්තු කටයුතු සීමා වීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියහ.
සිද්ධිය අවස්තාවේ වීඩියෝව පහතින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල් වෙනුවෙන් කෑගසු දිනේෂ් සතියකට පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමූ නාටකය (video)
විමල් වෙනුවෙන් කෑගසු දිනේෂ් සතියකට පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමූ නාටකය (video)
http://ift.tt/2n19SNP
https://i.ytimg.com/vi/E9a4Q36K_FQ/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy