පෙර කී නිවස, මාතර බ්‍රවුන්ස් හිල් මැදුර, ඩී. ඒ. රාජපක්ෂ පදනමට අයත් ගම්පහ පක්ෂ කාර්යාලය වැනි ගොඩනැඟිලි වල ගෘහ නිර්මාණ ශිල්පියා වන මුදිත ඒව...
පෙර කී නිවස, මාතර බ්‍රවුන්ස් හිල් මැදුර, ඩී. ඒ. රාජපක්ෂ පදනමට අයත් ගම්පහ පක්ෂ කාර්යාලය වැනි ගොඩනැඟිලි වල ගෘහ නිර්මාණ ශිල්පියා වන මුදිත ඒවාට ගාස්තු අය කරගෙන නොමැති අතර ඒ හිලව්වට රජයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති සැලසුම්කරණ කොන්ත්‍රාතු කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඔහුට ලබා දීමට රාජපක්ෂලා කටයුතු කර තිබේ. දැනට ඇදීගෙන යන්නේ ඒ පිළිබඳ පරීක්ෂණය.
මුදිත ජයකොඩි තැනින් තැන තමුන්ගේ ම බෙරය වයා ගනිමින් පාරම්බාන්නේ තමුන් 'වත්මන් ජෙෆ්‍රි බාවා' ලෙසටය. ජෙෆ්‍රි බාවා යනු පාර්ලිමේන්තු ගොඩනැඟිලි සංකීර්ණය ඇතුළුව ශ්‍රී ලංකාවෙහි විශිෂ්ට ගණයේ ඉදිකිරීම් රැසක් සැලසුම් කළ අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පියා ය. මුදිත වැනි හොරෙක් තමන්ට සම වන කතාවක් මතු කලෙක කියනු ඇතැයි ජෙෆ්‍රි බාවා දැන සිටියා නම් වන්නට තිබුණේ සිද්ධි දෙකකි. එක්කෝ ඔහු ශ්‍රී ලංකාව හැරදා පිටව යනු ඇත, නැතිනම් තම නිර්මාණ කටයුතු සදහට ම නවතා දමනු ඇත. මුදිත නම් පඟරනැට්ටා මෙතෙක් උඩ ගියේ රාජපක්ෂලාගේ කලු සල්ලි සුදු කිරීමේ කෙරුවාවන් නිසාය.
මුදිත ජයකොඩි ඇසෝසියේට්ස් සමාගමට කොන්ත්‍රාතු නොදෙන ලෙස කැබිනට් මණ්ඩල තීන්දු පවා රැගෙන තිබේ. ඒ, කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මහා පරිමාණ කොන්ත්‍රාතු රැසක් ගෝටාබය රාජපක්ෂගේ නියෝග පරිදි මුදිතට හිමි වී ඇති නිසා ය. එසේ ම එම කොන්ත්‍රාතු සඳහා වැඩිපුර පවා මුදල් ගෙවා ඇති නිසාය. එමෙන් ම එම කොන්ත්‍රාතු ලබාගෙන ඇත්තේ තම සමාගමෙහි ගෘහ නිර්මාණ ශිල්පීන් 20 දෙනෙක් සහ ඉංජිනේරුවන් 30 දෙනෙක් පූර්ණ කාලීනව සේවය කරන බවට ගල් පැලෙන බොරු ඇද බා නිසාය. එහෙව් බොරුකාරයකු අද දිනයේ රජයේ සාක්ෂිකරුවකු කිරීමට නියමිතව ඇත.
මහජන මුදල් අයුතු ලෙස පරිහරණයට, කොල්ලකෑමට සහභාගී වූ සහ කොල්ලකෑ මුදිත ජයකොඩි රජයේ සාක්ෂිකරුවකු කරනවා නම් වෙලේ සුදාට වුවත් රජයේ සාක්ෂිකරුවකු වීමට හැකියාව තිබිය යුතුය. වෙලේසුදා මහජන මුදල් කොල්ලකා නොමැති අතර විදේශ විනිමය රටට උපයා දීමට ද සමත් වී තිබේ. කොල්ලකරුවන්ට බේරීයාම සඳහා නීතියේ ප්‍රතිපාදන හරහා උමං කැනීමෙන් සිදුවන්නේ රාජද්‍රෝහීන් වීරයින් වීම පමණි. මුදිතගේ කෙරුවාවන් පිළිබඳව ලංකා නිව්ස් වෙබ් මීට පෙර කළ හෙළිදරව්ව පහතින් අමුණා ඇත. මහජන මුදල් හොරා කෑ ගෝටාබයලාට, මුදිතලාට ආලය ලීලය පානා වත්මන් යහපාලනයේ කෙරුවාව ගැන නැවත කල්පනා කළ යුතුව ඇත.
සබැඳි පුවත්
COMMENTS