දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර කොමිසම ඇරඹේ - කවදාවත් නැතිව වෙන්දේසිදා අධිපති මහේන්ද්‍රන් ආපු බව හෙළිවේ
Homeගොසිප්

බැඳුම්කර කොමිසම ඇරඹේ - කවදාවත් නැතිව වෙන්දේසිදා අධිපති මහේන්ද්‍රන් ආපු බව හෙළිවේ

PropellerAds

ආන්දෝලනාත්මක මහ බැංකු භාණ්ඩාගාර වෙන්දේසිය 2015 පෙබරවාරි මස 27 වැනි දින උදේ 8ට ඇරැඹුණු අතර 10.45 වන විට එම ස්ථානයට හිටපු මහ බැංකු අධිපති අ...

ප්‍රොෂේ එකකින් යාචකයා හප්පා මරාදැමූ කෝටිපති ගණකාධිකාරවරයා අත්අඩංගුවට
අමරපුර නිකායේ මහනායක දවුල්දෙන හිමි 101දී අපවත් වෙති
වාහන පෙට්‍රල් රත්‍රන් ඇතුළු රටින් ගෙන්වන දේට අලුතින් ‘ආර්ථික සේවා‘ බද්දක්

ආන්දෝලනාත්මක මහ බැංකු භාණ්ඩාගාර වෙන්දේසිය 2015 පෙබරවාරි මස 27 වැනි දින උදේ 8ට ඇරැඹුණු අතර 10.45 වන විට එම ස්ථානයට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පැමිණි බවද ඔහු පැමිණ විනාඩි කිහිපයකින් ලංකා බැංකුව බිලියන 13.55ක බැඳුම්කර මිලට ගත් බවද ඊයේ බැඳුම්කර කොමිසම හමුවේ දුන් සාක්ෂියෙන් අනාවරණය විය.
මහ බැංකුවේ දත්ත දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරි ආචාර්ය මොහොමඩ් සේක් මොහොමඩ් ආසිත් මහතා ඒ පිළිබඳව සාක්ෂි දෙමින් එසේ පැවැසීය.

ආසිත් මහතා වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවැසුවේ තමා මහ බැංකුවේ සේවයට බැඳුණේ 2013 බවත් මේ කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි ගණනාවක් පැවැත් වුවද ඒ එකකටවත් මහ බැංකු අධිපති නොපැමිණි බවත් මහ බැංකු අධිපතිවරයකු බැඳුම්කර වෙන්දේසියකට පැමිණි පළමු අවස්ථාව මෙය බවත් පැවැසීය.

මෙදින බැඳුම්කර වෙන්දේසිය පැවැත්වීමට ආරම්භ කළේ උදේ 8.30ට බවද එය උදේ 11 දක්වා පැවැත්වීමට නියමිත වූ බවද ආචාර්ය ආසිත් සඳහන් කෙළේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැමිණියේ ඔහුගේ ආරක්ෂකයන් සමඟ බවත් ඒ වන විට තමා නිල කාමරයේ සිටි බවත් මහේන්ද්‍රන් මහතා පැමිණෙනු දුටු බැංකුවේ සෙසු නිලධාරීන් සමඟ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාමරයට ඇවිත් වෙන්දේසිය පැවැත්වෙන එම ස්ථානයේ රැඳී සිටිමින් එහි නිලධාරිනිය වන සෙනෙවිරත්න මහත්මිය සමඟ වෙන්දේසිය පිළිබඳ කතා කරමින් සිටින අයුරු බලා සිටි බවද ආචාර්ය ආසිත් මහතා පැවැසීය.

මෙහිදී කොමිසමේ සාමාජික ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු පැවැසුවේ වෙන්දේසිය විනාඩි 5කට දීර්ඝ කරන ලෙස බැංකුවකින් ඉල්ලා සිටි බවත් ඒ සඳහා සෙනෙවිරත්න මහත්මිය අවසර දුන් බවත්ය.

උදේ 10.45ට වෙන්දේසිය පවත්වන ස්ථානයට පැමිණි හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් මහතා විනාඩි කීපයක් එහි රැඳී සිටි බවද එය කොපමණ කාලයක් දැයි නිශ්චය වශයෙන් කිව නොහැකි බවද ආචාර්ය ආසිත් මහතා සඳහන් කෙළේය.

එහිදී මහේන්ද්‍රන් මහතා සෙනෙවිරත්න මහත්මිය සමඟ කතා කළ බවද වෙන්දේසිය හොඳින් ක්‍රියාත්මක දැයි මහේන්ද්‍රන් මහතා ඇසූ විට හොඳින් එය සිදුවන බව සෙනෙවිරත්න මහත්මිය කී අවස්ථාවේ ටිකක් එය වැඩිවීම ප්‍රශ්නයක් නොවන බවද වෙන්දේසි පැවැත්වීමේදී මීට වඩා නව පිළිවෙළක් තිබිය යුතු බවද මහේන්ද්‍රන් මහතා පැවැසූ බවද සාක්ෂිකරු කීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුරටත් සාක්ෂි දුන් ආචාර්ය ආසිත් මහතා, ඒ ඒ මාසවල වියදම් ආදායම් ගණන් බලා එම ප්‍රමාණය සඳහන් කරමින් මහා භාණ්ඩාගාරය මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට යවන බවත්, සුරැකුම්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර මඟින් එම මුදල් සොයා දීම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ වගකීම බවත් පැවැසීය.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීති අනුව එම මුදල් භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර මඟින් එම මුදල් සොයාගත හැකි බවයි.
කොමිසමේ සභාපති ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා

බිල්පත් සහ බැඳුම්කර අතර වෙනස කුමක්ද?

සාක්ෂිකරු - භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ කෙටි කාලයකටයි. වර්ෂයක් හෝ ඊට අඩු කාලයකට වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීම සඳහායි.
භාණ්ඩාගාර බැඳුම්කර මඟින් රජයට ණය ලබාගැනීමට වර්ෂ දෙකක් හෝ ඊට වැඩි වර්ෂ 30 දක්වා පොලී අනුපාතිකයක් අනුව ණය ලබා ගැනීමට හැකියි.
1997 සිට වැඩියෙන් ණය ලබාගැනීමට යොදාගන්නේ බැඳුම්කරයි.

මෙය නිකුත් කිරීම, වෙන්දේසි කිරීම, මේ මඟින් ලබාගන්නා ණය නිසි ලෙස යොදා ගැනීම සඳහා නිරීක්ෂණ කොමිටුවකුත් තිබෙනවා.
බැඳුම්කර විකුණන්නේ ප්‍රාථමික වෙළෙඳුන්ටයි ප්‍රාථමික වෙළෙඳුන් ඒවා ද්විතීයික වෙළෙඳපොළේ පොලී අනුපාතයකට අනුව විකුණනු ලැබේ. 2015 පෙබරවාරි 27 වැනිදා නිකුත් කළ බැඳුම්කරයක වටිනාකම රු. 130.75යි. මේ බැඳුම්කර මිලට ගෙන තමන්ට පොලී ලබාගැනීමට හැකිද නැද්ද යන්න ප්‍රාථමික වෙළෙඳුන්ට ඔවුන්ගේ අවශ්‍යතාව සහ පළපුරුද්ද අනුව තීරණය කරගත හැකිය.

එම තීරණය මත බැඳුම්කර මිලට ගන්නවාද නැද්ද යන්න ඔවුන් තීරණයට එළැඹෙනු ඇත. මේ අතර දින සහිත සාමාන්‍ය පොලියක් ඇතිව ගත හැකි බැඳුම්කරද තිබෙනවා.

චිත්‍රසිරි ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු
එම බැඳුම්කර මොනවගේ ඒවාද?
සාක්ෂිකරු -
සාමාන්‍යයෙන් දිනපතාම ගන්නා අයට ගත හැකි ඒවා.

ඒවායේ පොලී අනුපාතය අඩුයි. එහෙත් විකිණීමේදී එය වැඩි කරගත හැකියි. පොලී අනුපාතය අඩු වූ තරමට විකිණීම වැඩිවන හෙයින් රජයට ලැබෙන ආදායම වැඩි වෙනවා.

2015 පෙබරවාරි මාසයේ වියදම මිලියන 172 බව භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් කළා.
මෙය සොයා දීමට එම දෙපාර්තමේන්තුව බැඳී සිටිනවා. එම දෙපාර්තමේන්තුව මේ මුදල ලබාගැනීම බැඳුම්කර වෙන්දේසියක් පවත්වන බවට වෙළෙඳ දැන්වීමක් පළ කළ යුතුය. එවැනි දැන්වීමක් ප්‍රසිද්ධ කළ යුතු බව නීතියේ සඳහන් වෙනවා. එම වෙන්දේසිය නීතියට අනුව කළ යුතුයි.

ඒ අනුව එම මුදල සොයා ගැනීමට බැඳුම්කර වෙන්දේසියක් පවත්වන බව එය ලබාගැනීමට අරමුණු කරන මුදල් ප්‍රමාණය, ඒ සඳහා විකුණන බැඳුම්කර ප්‍රමාණය, වෙන්දේසිය පවත්වන ස්ථානය, වේලාව එම දැන්වීමේම ඇතුළත් කළ යුතුවේ.

බැඳුම්කර වෙන්දේසියෙන් පසු ඒ සඳහා ටෙන්ඩර් ගාස්තුවක් පවා රජයට අය කරගත යුතුයි.
කොමිසම යළිත් අද උදේ 10ට රැස්වේ.

වාර්තාව - ස්ටැන්ලි සමරසිංහ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර කොමිසම ඇරඹේ - කවදාවත් නැතිව වෙන්දේසිදා අධිපති මහේන්ද්‍රන් ආපු බව හෙළිවේ
බැඳුම්කර කොමිසම ඇරඹේ - කවදාවත් නැතිව වෙන්දේසිදා අධිපති මහේන්ද්‍රන් ආපු බව හෙළිවේ
http://ift.tt/2mkra7U
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_49.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_49.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy