දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රොෂේ එකකින් යාචකයා හප්පා මරාදැමූ කෝටිපති ගණකාධිකාරවරයා අත්අඩංගුවට
Homeගොසිප්

ප්‍රොෂේ එකකින් යාචකයා හප්පා මරාදැමූ කෝටිපති ගණකාධිකාරවරයා අත්අඩංගුවට

PropellerAds

යාචකයා හප්පා මැරූ ප්‍රොෂේ එක අත්තිඩියේ ගරාජ් එකේ හංගා තිබියදී හමුවේ කෝටිපති ගණකාධිකාරවරයා අත්අඩංගුවට පසුගිය 26 වන ඉරිදා කොළඹ 7, විජේරා...

දෙහිවල ඇති සරසවි නවක වධකාගාරයක් ගැන තොරතුරු.
''රජයේ රස්සාවල් දෙන එක පාපයක්. මමත් ඒ පාපයේ කොටස්කරුවෙක්'' - ඇමති මංගල.
මහින්ද අද රතුපස්වල.

යාචකයා හප්පා මැරූ ප්‍රොෂේ එක
අත්තිඩියේ ගරාජ් එකේ හංගා තිබියදී හමුවේ

කෝටිපති ගණකාධිකාරවරයා අත්අඩංගුවට

පසුගිය 26 වන ඉරිදා කොළඹ 7, විජේරාම මාවත හන්දියේදී  මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය කර පුද්ගලයෙකු හප්පා පළාගොස් තිබුණ අතර කුරුඳුවත්ත පොලිසියට ලැබුණ ඇමතුමක් මත එම තැනැත්තා රෝහල් ගත කිරීමට කටයුතු කළද පසුව මියගියා. මියගිය අය කවුරුන්ද යන්න හඳුනාගන්නට බැරිව ගිය අතර අසල්වාසීන් කියා සිටියේ ඒ යාචකයෙකු බවයි.
කෙසේ වෙතත් අනතුර සිදුවී දිනකිහිපයක්ම යනතුරු මෙම අනතුර සිදු කර පළාගියේ කවුද යන්න
පොලිසියට සොයාගන්නට බැරි විය.
පසුව  සීසීටීවී පද්ධතිය සෝදිසි කිරීමේදී අතිසුඛෝපභෝගී ප්‍රොෂේ වර්ගයේ රථයක් මෙම යාචකයා හප්පන අයුරුත් ඔහු උඩින් ගොස් වාහනයේ වින්ඩ්ස්ක්‍රීන් වීදුරුවේ පතිතවී එය බිඳී යන අයුරුත් දැකගන්නට හැකිවී ඇති අතරම එම අවස්ථාවේ තුවාල කරු පරීක්ෂාවට හෝ ලක් නොකරම වාහනය පළායන ආකාරයට නිරීක්ෂණය වී තිබේ.


 හෝර්ටන් පෙදෙස විජේරාම මාවත ටවුන් හෝල් ඇතුළු කොළඹ අවට සියලුම සීසීටීවී පටිගතවීම් 30 ක් පමණ නිරීක්ෂණය කළ පොලිසියට එම වාහනයේ පළා යන වේගය නිසා අංකය හඳුනාගන්නට අපහසු විය. නමුත් රතු පැහැති ප්‍රොෂේ වර්ගයේ මිල අධික වාහනයක් වූ බැවින් ඒවා කොළඹටම ඇත්තේ කිහිපයක් විය හැකි බැවින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහයෙන් එවැනි වාහන හිමිකරුවන් පිළිබඳ දත්ත ඔස්සේ මෙම වාහනය හඳුනාගන්නට පොලිසිය දෙවනුව කටයුතු කර ඇත.

එම අවස්ථාවේ වඩාත් සැකයට තුඩු දෙන මේ ආකාරයේ වාහනයක් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේම හෝර්ටන් පාරේ නිවසක හිමිකරුවෙකු සතු බව සොයාගන්නා ලදි. එම දත්ත පාදක කරගෙන එම නිවස වැටළීමට පොලිසිය ක්‍රියා කරන ලදි. නිවස හිමිකරු වරලත් ගණකාධිකාරවරයෙකු මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු බවටද සොයාගත හැකි විය.

ඔහුව ප්‍රශ්න කිරීමේදී වාහනය ගැන විමසීමේදී ඔහු තැතිගැන්මකට ලක්ව තිබුණ අතර වාහනය ගැන තොරතුරු සඟවා පළක් නැති තැන ඇත්ත හෙළි කළේය.
තමා අතින් එම අනතුර සිදුවූ බව පිළිගත් ඔහු වාහනය දෙහිවල අත්තිඩියේ ඇන්ඩර්සන් පාරේ ගරාජයක ගාල් කර තිබෙන බව හෙළි කළේය. ඔහුගේ තොරතුරු අනුව පොලිසිය එම ගරාජය වැටළීමේදී වාහනය ගරාජය තුළ රෙදි කවරයකින් ආවරණය කර සඟවා නවතා ඇති ආකාරයක් හඳුනාගන්නට ලැබිණි.
අනතුර නිසා ඉදිරිපස වීදුරුව බිඳී තිබුණි.ඉදිරිපස ලාම්පුවක්ද බිඳී ගොස් තිබුණි. පොලිසිය සිදු කළ සියුම් පරීක්ෂණයේදී වාහනයේ ඉදිරිපස විදුරුවේ බිඳීගිය කැබලි අතර යාචකයාගේ යයි සැකකළ හැකි කෙස් රොදවල් හා ලේපැල්ලම්ද හඳුනාගන්නට ලැබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කෝටිපති ගණකාධීකාරවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.



Pix Courtesy By- dailymirror.lk
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රොෂේ එකකින් යාචකයා හප්පා මරාදැමූ කෝටිපති ගණකාධිකාරවරයා අත්අඩංගුවට
ප්‍රොෂේ එකකින් යාචකයා හප්පා මරාදැමූ කෝටිපති ගණකාධිකාරවරයා අත්අඩංගුවට
http://ift.tt/2nz8wXh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_84.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_84.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy