දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“ත්‍රිපිටකාභිවන්දනා” සතිය අදින් ඇරඹේ - බෞද්ධ ධජය ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක්
Homeප්‍රවෘත්ති

“ත්‍රිපිටකාභිවන්දනා” සතිය අදින් ඇරඹේ - බෞද්ධ ධජය ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක්

PropellerAds

ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන්, රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝ...

පහර කෑ තුවාල තුලින් විෂබීජ ශරීර ගතවී දැරියක මරුට
මාගේ පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකරගත් පරිදි එකම පුතා ද අහිමිකරගැනීමේ අවශ්‍යතාවයක් මට නෑ - චන්ද්‍රිකා කුමාරතුංග
නාමල්ගෙන් Volunteer day
“ත්‍රිපිටකාභිවන්දනා” සතිය අදින් ඇරඹේ - බෞද්ධ ධජය ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක්

ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන්, රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් අද (මාර්තු 16) සිට මාර්තු 23 වන දින දක්වා වන සතිය “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත්කරන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් මාර්තු 23 වනදා ඓතිහාසික දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු කෙරේ.

ථෙරවාද ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් පසුගියදා ඓතිහාසික මාතලේ අලුවිහාර පුදබිමේ දී සිදු විය. මහඟු ත්‍රිපිටක ධර්ම දායාදය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත්කිරීමෙන් නොනැවති එය ලෝක උරුමයක් බවට පත් කර සංරක්ෂණය කරවීමට ජනාධිපතිවරයා ගත් පියවර සමස්ත මහා සංඝරත්නය ඇතුළු සියලු ලෝක බෞද්ධ ජතාවගේ පැසසුමට ලක්ව තිබේ.

ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සෙසු අමාත්‍යාංශ සමග ඒකාබද්ධව “ත්‍රිපිටකාභිවන්දනා” සතිය පුරාවට ආගමික වැඩසටහන් රැසක් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබෙන අතර එම සතිය තුළ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සියලුම නිවාසවල, රථ වාහන සහ මංමාවත්වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන මෙන් සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

“ත්‍රිපිටකාභිවන්දනා” සතිය තුළ ප.ව 6.00 සිට 6.15 දක්වා දීප ව්‍යාප්තව විහාරස්ථානවල ශබ්ද පූජා පැවැත් වේ. මේ අතර “ත්‍රිපිටකාභිවන්දනා” සතියට සමගාමීව සර්වඥ ධාතු ප්‍රදර්ශන ද දිවයින පුරා ස්ථාන කිහිපයක දී සංවිධාන කර ඇත.

“ත්‍රිපිටකාභිවන්දනා” සතිය ආරම්භ කෙරෙන මාර්තු 16 වනදා පොලිස් වසම් මට්ටමින් දීප ව්‍යාප්තව පිණ්ඩපාත දානමය පිංකම් හා විදේශයන්හි ශ්‍රී ලාංකික විහාරස්ථාන පදනම් කරගෙන විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.

මාර්තු 17 වන ඉරිදා දහම් පාසල් ගොඩනැගිලි නොමැතිව ගස් යට දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් තෝරාගනු ලැබූ විහාරස්ථාන 226 ක දහම් පාසල් ශාලා ඉදිකිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත අතර මෙම සියලු ඉදිකිරීම් මාස 03 කින් අවසන් කර සිසු අයිතියට පවරාදීමට නියමිතය. මාර්තු 18 වන සඳුදා දීප ව්‍යාප්තව පාසල් හා පිරිවෙන් පදනම් කරගත් ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර මාර්තු 19 වන අඟහරුවාදා රාජ්‍ය නොවන අංශයේ ආයතන පදනම් කරගෙන විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.

මාර්තු 20වන බදදා පොහෝ දින “ජනපති සදහම් යාත්‍රා” වැඩසටහන පැවැත්වෙන අතර එදින දිවයින පුරා විහාරස්ථානවල ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ධර්ම දේශනා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මාර්තු 21 වන බ්‍රහස්පතින්දා ජනාධිපති කාර්යාලය සහ සියලුම ආණ්ඩුකාර කාර්යල එක්ව දානමය වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර, මාර්තු 22 වන සිකුරාදා සියලුම රාජ්‍ය ආයතනවල දානමය පුණ්‍ය කර්ම ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.මාර්තු 23 වන සෙනසුරාදා ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේ පැවැත්වෙන ජාතික මහෝත්සවයෙන් අනතුරුව “ත්‍රිපිටකාභිවන්දනා” සතිය නිමාවට පත් කෙරේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “ත්‍රිපිටකාභිවන්දනා” සතිය අදින් ඇරඹේ - බෞද්ධ ධජය ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක්
“ත්‍රිපිටකාභිවන්දනා” සතිය අදින් ඇරඹේ - බෞද්ධ ධජය ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක්
http://am.lk/media/k2/items/cache/1ed1e6bc9d44ded3e69b9a11fbc6c045_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_276.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_276.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy