දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අර්ජුන් හයකෝටියකට වැඩි පාඩුවක් සිදුකර අනාචාරයේ හැසිරිලා - ජානිපෙ
Homeප්‍රවෘත්ති

අර්ජුන් හයකෝටියකට වැඩි පාඩුවක් සිදුකර අනාචාරයේ හැසිරිලා - ජානිපෙ

PropellerAds

තමන් මහබැංකු අධිපතිධුරය දැරූ සමයේ එහි මූල්‍ය විනය හා රෙගුලාසි උල්ලංඝනය කරමින් අර්ඡුන් මහේන්ද්‍රන් නැමැත්තා විදේශ සංචාර හා අනෙකුත් වියදමි ස...

පාස්කු බෝම්බ කමිටුව ජනාධිපතිවරණ කැම්පෙන් එකක්.. එහි පරීක්‍ෂණ වැඩක් නෑ - ඇමති නිරෝෂන්
‘ගහලා මං ළගට වරෙල්ලා..’ මාවනැල්ල බුදුපිලිම කැඩූවන්ට විසි ලක්‍ෂයක් දී සහරාන් දන්වලා !
සහරාන්ගේ රහසිගත සාකච්චාවක වීඩියෝවක් පිටවේ - (video)
අර්ජුන් හයකෝටියකට වැඩි පාඩුවක් සිදුකර අනාචාරයේ හැසිරිලා - ජානිපෙ

තමන් මහබැංකු අධිපතිධුරය දැරූ සමයේ එහි මූල්‍ය විනය හා රෙගුලාසි උල්ලංඝනය කරමින් අර්ඡුන් මහේන්ද්‍රන් නැමැත්තා විදේශ සංචාර හා අනෙකුත් වියදමි සඳහා රුපියල් හයකෝටි හැටලක්‍ෂයක් වැය කොට තිබෙන බව 2016 අගෝස්තු 01 වැනිදා මහබැංකුව නිකුත් කළ විගණන පසුවිපරම උපුටා දක්වමින් ජානිපෙ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා අනාවරණය කර සිටියේය.

මේ වියදම් අතර සනීපාරක්‍ෂක තුවා සඳහා වන වියදම්, ලන්ඩන් සමාජ ශාලා වියදම්, සුඛෝපබෝගී හෝටල් කාමර ආදී අරුම පුදුම වියදම් වන බව ජයන්ත සමරවීර මහතා ඉහත වාර්තාව උපුටා දක්වමින් පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධානතම චූදිතයා වන එහි හිටපු අධිපතිවරයා, අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳව සුවිශේෂ අනාවරණයක් කිරීමටයි මේ මාධ්‍ය හමුව කැඳවූයේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ උපදෙස් පරිදි සිදු කළ මහ බැංකු බැඳුම්කර නිකුතුවක් මගින් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට සිදුකළ පාඩුව රුපියල් බිලියන 159ක් බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පෙන්වා දී තිබෙනවා. එම බැඳුම්කර වංචාව නිසා අද රටට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 1000ක් බව අප හිතවත් බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී තිබෙනවා.

එවැනි ලෝක ඉතිහාසයට එක් වන වංචාවක් කළ මේ අර්ජුන් මහේන්ද්‍රන් තමන් මහ බැංකු අධිපති ධුරය දැරූ වසරක පමණ කාලය තුළ ග්‍රී ලංකා මහ බැංකුවට සිදු කොට ඇති පාඩුව රුපියල් හයකෝටි හැටලක්‍ෂයක්(66,000,000) බව දැන් හෙළිවී තිබෙනවා. මේ බව හෙළිකර ගත්තේ නිල වාර්තාවක් මගිනුයි. මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ විදේශ සංචාර පිළිබඳ සහ අනෙකුත් වියදම් පිළිබඳ සිදු කළ පසුවිපරමේදී’ තමයි මේ බව හෙළි වී ඇත්තේ. ඔහු මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි, විනය කඩ කරමින් ඉහත මුදල් ලබාගෙන වියදම් කර තිබෙන බවයි මේ විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙන්නේ.

ඔහු ජනතා මුදලින් අරුම පුදුම වියදම් ගණනාවක් සිදුකර ඇති බව මේ විගණන පසුවිපරමෙන් පෙන්වා දෙනවා. තමන්ගේ අතිශය පෞද්ගලික වියදම් පවා ඔහු මහ බැංකු මුදලින් සිදු කර ඇති ආකාරය එහි සඳහන්ව තිබෙනවා. උදාහරණ ලෙස 2015 සැත්තැම්බර් 15 වැනිදා ඩුබායි කැරිෆෝ වෙළඳසැලෙන් ඔහු සනීපාරක්‍ෂකතුවා සහ පැම්පර්ස් අරන් තිබෙනවා. ඊට වැය වූ රුපියල් 26,000ක් මහ බැංකුවට පටවා තිබෙනවා. එසේම 2015 නොවැම්බර් 10 වැනිදා ඔහු මහ බැංකු අධිපති ධුරයට හිමි නුවරඑළිය සංචාරක බංගලාවේ නතර වී සිටින අතරතුර ඒ අසල ඇති නුවරඑළිය ග්‍රෑන්ඞ් හෝටලයට රුපියල් 184,821ක බිලක් ගෙවා තිබෙනවා, එයාගේ සාක්කුවෙන් නොවෙයි, මේ රටේ මහ බැංකුවේ මුදලින්.

මේ අරුම පුදුම වියදම් එතනින් නතර වෙන්නේ නැහැ. ඔහු ඉන්දියාවේ දිල්ලි නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමුළුවකට යනවා. එය පවත්වන්නේ ඉම්පීරියල් හෝටලයේ. එහි අර්ජුන් මහේන්ද්‍රන්ට නවාතැන් සහ ආහාරද සපයා තිබෙනවා. එසේ තිබියදී ඔහු දිල්ලියේ තාජ් පැලස් හෝටලය සඳහා රුපියල් 420,289ක් ගෙවා තිබෙනවා. මේ වියදම එක් රැයක් සඳහායි. මේ රටේ ජනතාවගේ මුදල් ඒ විදිහට යොදාගෙන ඇත්තේ අනාචාරයේ හැසිරීමට නොවෙයිද?

ඒ වගේම ඔහුගේ හිතවතියකට හෝ හිතවතකුට මහ බැංකුවේ මුදලින් අයිපෑඞ් එකක් අරන් දී තිබෙනවා. ඊට වියදමි වී ඇති මුදල රුපියල් 187,000ක් බි්‍රතාන්‍යයේ ලන්ඩන්  නුවර විශේෂ සාමාජිකයන් සඳහා වෙන් වූ සමාජ ශාලාවකට එක් රාත්‍රියක් සඳහා මේ සිංගප්පූරු ජාතිකයා, රනිල් වික්‍රමසිංහ හාමු මහත්තයාගේ ගජ මිතුරා රුපියල් 160,000ක් ගෙවා තිබුණා. මේ විදිහට අර්ජුන් මහේන්ද්‍රන් තමන්ගේ අතිශය පෞද්ගලික කටයුතුවලට කළ වියදම් මේ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ විදිහට මේ පුද්ගලයා වසරකට මදක් වැඩි කාලයට කර ඇති වියදම රුපියල් හයකෝටි අසූලක්‍ෂයක් බව හෙළි වී අවසන්. මහ බැංකු මුදල් හොරා කෑවා මදිවාට මහ බැංකුවෙන් මුදල් අරන් අනාචාරයේ හැසිරී තිබෙනවා. මේවා කරන්නේ ටයි කෝට් ඇඳගෙන සාමාන්‍ය ජනයාට නොතේරෙන්න. මේ ටයිකෝට් ඇඳගත්තු හාමු මහත්වරු කම්බ හොරු බව අද යළිත් වතාවක් මේ වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා.

අපි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් අහනවා, ‘මේ මුදල් කාබාසිනියා වීම ගැන ඔබතුමා මොකද කියන්නේ?’ කියලා. ඒ වගේම අපි අහනවා, ‘නිල් අලි පැටවුනි, රතු අලි පැටවුනි, සිවිල් සමාජ තක්කඩියිනි නුඔලා කියපු වෙනස මේකද?’ කියලා. අවසන් වශයෙන් ජනාධිපතිවරයාගෙන් අහනවා, ‘ඔබතුමා රටට දෙනවා කියපු අපමණ අගය මේකද?’ කියලා. මේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොරකමට, වංචාවට, දූෂණයට, විරුද්ධව අපි නිහඬව සිටින්නේ නැහැ. අපේ පාලනයක් යටතේ නිසි දඬුවම් ලබාදීමට හැකි වන සේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, අපරාධ විමර්ශන අංශය ආදී ආයතනවලට මේ පිළිබඳව නුදුරේදීම පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.”යැයිද ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අර්ජුන් හයකෝටියකට වැඩි පාඩුවක් සිදුකර අනාචාරයේ හැසිරිලා - ජානිපෙ
අර්ජුන් හයකෝටියකට වැඩි පාඩුවක් සිදුකර අනාචාරයේ හැසිරිලා - ජානිපෙ
http://ift.tt/2lB1ctL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_947.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_947.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy