ගොඩනැගිලි අනුකූලතා සහතික ලබාදීම, ගොඩනැගිලි බලපත‍්‍ර ලබාදීම, සංවර්ධන කටයුතු සඳහා මූලික නිරාකරණයක් කර ගැනීම සඳහා ගතවන කාලය වැඩි වීම හේතුවෙන්...
ගොඩනැගිලි අනුකූලතා සහතික ලබාදීම, ගොඩනැගිලි බලපත‍්‍ර ලබාදීම, සංවර්ධන කටයුතු සඳහා මූලික නිරාකරණයක් කර ගැනීම සඳහා ගතවන කාලය වැඩි වීම හේතුවෙන් විනිවිද භාවයකින් තොර නිසා විශාල අක‍්‍රමිකතා ඉතාමත් දරුණු ලෙස සිදුවෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා පවසයි.
මේ සඳහා විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙන අතර එම පැමිණිලි විභාග කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට විශාල කාලයක්, මුදලක් වැය කිරීමට සිදුවනවා යැයි අද (07) දින බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී සභාපතිවරයා මෙසේද පැවසීය.
“70% ක ප‍්‍රමාණයක් රෙගුලාසි උල්ලංඝනය කරමින් කි‍්‍රයාපටිපාටිය විශාල වශයෙන් උල්ලංඝනය කර තිබෙනවා. පාර්ලිමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව පවා නිර්දේශ කොට තිබෙනවා නාගරික සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධ කටයුතු කළ යුතුයි කියා. මෑතකදී නාගරික සංවර්ධන අධිකාරියෙන් තීරණයක් ගනු ලැබුවා, මෙයට පෙර නාගරික සංවර්ධන අධිකාරිය විසින් 1985 දී පළාත් පාලන ආයතන වෙත පවරන ලද බලතල වලින් කොටසක් නැවත නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට. 1978 නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ ඒ පනතේ 23:5 වගන්තිය ප‍්‍රකාරව ගොඩනැගිලි සැලසුම් සහ සංවර්ධන සැලසුම් සකස් කිරීම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී තිබුණි. මෙම කාර්යය නාගරික සංවර්ධන අධිකාරිය සතු කාර්යයක්. පවතින දුෂ්කරතාවයන් මගහරවා ගැනීම සඳහා ඒ අදාල පළාත් පාලන ආයතන වෙත බලතල පවරනු ලැබුවා. ගොඩනැගිලි සහ වෙනත් සංවර්ධන සැලසුම්වලට අනුකූලතා නිකුත් කිරීම, බලපත‍්‍ර නිකුත් කිරීම සහ මූලික සැලසුම් කි‍්‍රයාත්මක කිරීම, මූලික සැලසුම් නිරාකරණය කිරීම වැනි කරුණු ඇතුළත්ය. මේ කටයුතු සිදු කිරීමේදී සැලසුම් කමිටුවක් ස්ථාපිත කරලා තිබෙනවා. එම කමිටුවේ සභාපති ලෙස අදාල ප‍්‍රාදේශීය හෝ නගර සභාවේ නගරාධිපතිතුමා, සභාපතිතුමා හෝ බලයලත් නිලධාරියෙක් කටයුතු කලා. 1985 සිට මේ වන තෙක් මෙම කි‍්‍රයාවලියේ අඩුපාඩු නිසා මෙම කටයුත්ත තරමක් දුරට නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන නව ප‍්‍රවේශයකින් කටයුතු කරනවා.“
ඒ අනුව මෙම කටයුතු කරගෙන යාමේදී ඔවුන් භාවිත කරන තාක්ෂණ ක‍්‍රම, ඉතාමත් යල්පැන ගිය ක‍්‍රම බවත් ඒ හේතුවෙන් සැලසුම් අනුමත කිරීමේදී කාලයක් ගතවන අතර තාක්ෂණය භාවිතය අතින් ඉතාම දුර්වල තැනක සිටින බැවින් නිවැරදි තාක්ෂණයට අනුගත විය යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේ ය.
“පෙබරවාරි 01 වෙනිදා සිට පළාත් පාලන ආයතන වෙත ලබාදී තිබූ බලතල කොටසක් නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගනු ලැබුවා. සියළුම සංවර්ධන සැලසුම් සඳහා වන මූලික සැලසුම් නිරාකරණය කිරීම, සංවර්ධන කටයුතු සඳහා අයදුම්පත් භාර ගැනීම, අදාල ගාස්තු අනුමත කිරීම, බලපත‍්‍ර ලබාදීම, අදාල බලතල මෙම සංවර්ධන කටයුතුවලට ඇතුළත් ය.
මහල් හතරකට වඩා වැඩි ඉදිකිරීම්, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල, ගොඩනැගිලි, පරිසර දූෂණයට අයත් කර්මාන්ත හා ඉන්ධන පිරවුම්හල්, සහාධිපත්‍ය කළමණාකරණයට අයත් ගොඩනැගිලි, පර්චස් 40 ට වැඩි ඉඩම් සංවර්ධනය කිරීම හා අනුබෙදුම් 1947 නගර හා ග‍්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රකාශිත පූජාභූමි ප‍්‍රදේශවල සිදුවන ඉදිකිරීම් කටයුතු, යුනිස්කෝ ආයතනය මගින් ප‍්‍රකාශිත ලෝක උරුම ප‍්‍රදේශයන් හි සියළු ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය හඳුනාගනු ලැබූ, ඉදිරියේදී හඳුනාගනු ලබන ජාතික වශයෙන් වැදගත් ප‍්‍රදේශයන් හි කරන සියලූ ඉදිකිරීම් කටයුතු, වෙරළ සංරක්‍ෂණය සඳහා හඳුනාගත් ප‍්‍රදේශයන් හි කරන සංවර්ධන කටයුතු, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිර්දේශ කරන අවධානම් සහිත ප‍්‍රදේශයන් හි ඉදිකිරීම් කටයුතු, මධ්‍යම පරිසර සංරක්‍ෂණ අධිකාරිය විසින් නිර්දේශ කරන ලද පරිසරික සංවේදී කලාප තුළ සිදුවන ඉදිකිරීම් කටයුතු සිදුකිරීම. අධිවේගී මාර්ගයන් හි ආරක්‍ෂිත කලාපවල සිදුකරන ඉදිකිරීම් කටයුතු කිරීම. පොදු ජනතාවගේ යහපතට අවහිරයක් වන හා විය හැකි සියලූ අනවසර ඉදිකිරීම් නීති මගින් කටයුතු කිරීම. මේ සියළු කටයුතු සඳහා අනුකූලතා සහතික නිකුත් කිරීම ආදී බලතල අප පවරා ගැනීමට කටයුතු කළා. විවිධ අක‍්‍රමිකතා නිසා ආයතනවලට ලැබිය යුතු පාඩුව බිලියන ගාණක් වනවා. මේ කටයුතු සියල්ල සලකාබලා තමයි මෙවැනි තීරණයක් නාගරික සංවර්ධන අධිකාරිය ගනු ලැබුයේ.
මෙම බලතල පවරා ගැනීම මගින් කිසිදු ප‍්‍රමාද දෝෂයක් සිදුනොවීමට ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකම උප කාර්යාලයක් ස්ථාපිත කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගනු ලැබුවේ සාමාන්‍ය ජනතාව සඳහා බලපෑමක් වන කටයුතු නොවේ. විශේෂිත පුද්ගලයින්, සමාගම් කරන කටයුතු සඳහා පමණක් මෙමගින් කි‍්‍රයාත්මකයි.
තවද අපි මේ ක‍්‍රමවේදය නවීකරණය කළ යුතුයි. පළාත් පාලන ආයතන කිහිපයක් හරහා මෙම ක‍්‍රමවේදයට අනුගත කරන්න උත්සාහ කලත් එය අසාර්ථක වූ නිසා මෙම බලතල නැවත මධ්‍යගත කරලා නවතාක්ෂණය භාවිත කරන ක‍්‍රමවේදයකට අනුගත කර නැවත එම පළාත් පාලන ආයතනවලට බාරදීමේ හැකියාව තිබෙනවා. එසේම එම තාක්ෂණය භාවිත නොකිරීමෙන් සිදුවන විශාල අක‍්‍රමිකතාවයන් මැඩපැවැත්විය යුතුයි.“ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
එසේම බලය විමධ්‍යගත කරන්න වගේම සංවර්ධනය විමධ්‍යගත කළ යුතු කාලයක් එළඹ තිබෙන බවත් සංවර්ධනය වේගවත් කිරීමට නම් මේ බලපත් නිකුත් කිරීම වේගවත් විය යුතු සේම කාලයක මෙම ක‍්‍රමවේදය විධිමත් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ වගකීමක් බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
නාගරික සංවර්ධන අධිකාරිය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයකි.
COMMENTS