දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ඡන්ද ක‍්‍රමය විකෘතියක් - ප‍්‍රධාන ගැටලූ දෙකක් ගැන අනුර කියයි
Homeප්‍රවෘත්ති

නව ඡන්ද ක‍්‍රමය විකෘතියක් - ප‍්‍රධාන ගැටලූ දෙකක් ගැන අනුර කියයි

PropellerAds

රටේ පාර්ලිමේන්තුවට එක් ඡන්ද ක‍්‍රමයක්ද, පළාත් සභාවට තවත් ඡන්ද ක‍්‍රමයක්ද, පළාත් පාලන ආයතනවලට තවත් ඡන්ද ක‍්‍රමයක්ද වශයෙන් ඡන්ද පැවැත්විය යු...

ජනපති ළඟ විමර්ශන වාර්තා 17ක්.
මුල් කාලයේදී ඉඳළම මම යුධ විරෝධියෙක් - චන්ද්‍රගුප්ත තේනුවර
යෝෂිතත් 'අවදානම් ගමන්' මඟ හරි : CIDයට පොලු තියයි.
නව ඡන්ද ක‍්‍රමය විකෘතියක් - ප‍්‍රධාන ගැටලූ දෙකක් ගැන අනුර කියයි

රටේ පාර්ලිමේන්තුවට එක් ඡන්ද ක‍්‍රමයක්ද, පළාත් සභාවට තවත් ඡන්ද ක‍්‍රමයක්ද, පළාත් පාලන ආයතනවලට තවත් ඡන්ද ක‍්‍රමයක්ද වශයෙන් ඡන්ද පැවැත්විය යුතු නැතැයි ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ(19) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එය විකාර සහගත දෙයක් බවත් එනිසා මෙම ඡන්ද ක‍්‍රමයේ විකෘති තත්වය ඡන්ද පැවැත්වීමට බාධාවක් වී තිබෙන බවත් හෙතෙම පෙන්වා දෙයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර මහතා,

මේ සම්බන්ධයෙන් අප දකින ප‍්‍රධාන ගැටලූ දෙකක් තිබෙනවා. එකක් තමයි සීමා නිර්ණයේ ගැටලූ. දෙවැනි කරුණ වෙන්නේ ඡන්ද ක‍්‍රමයේ ඇති ගැටලූ සහගත බව. සීමා නිර්ණය සම්බන්ධව ඇති ගැටලූ විසඳාගැනීම වෙනුවෙන් ආණ්ඩුව යම් යම් කි‍්‍රයාමාර්ග අනුගමනය කළත් මැතිවරණ ක‍්‍රමයේ ගැටලූ විසඳීම සඳහා ආණ්ඩුව කිසිදු පියවරක් අනුගමනය කරන්නේ නැහැ. 

මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය ඡන්ද ප‍්‍රමාණය මත දෝලනය වෙනවා. 25%ක කාන්තා නියෝජනයකුත් ඇතුලූ වෙනවා නම් සභාවේ මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය ගණනය කිරීම ඒ අනුව කළ යුතු වෙනවා. එනම සභාවේ මන්ත‍්‍රීවරු නිශ්චිතව සඳහන් කළ නොහැකියි. එම නිසාම සභාවක මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය ගැසට් කළ නොහැකියි. නමුත් රටේ පවතින ක‍්‍රමයට අනුව මැතිවරණයකට පෙර මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය ගැසට් කළ යුතුව තිබෙනවා. නමුත් මෙම ඡන්ද ක‍්‍රමයේ ගැටලූව නිසා එය කළ නොහැකියි. 

ඒ වගේම මෙම නව ඡන්ද ක‍්‍රමය අනුව ඡන්දය පැවැත්වීම සඳහා සංශෝධන 56ක් ඇතුළත් කළ යුතු බව මැතිවරණ කොමසාරිස්තුමා ප‍්‍රකාශ කොට තිබුණා. එම සංශෝධන නොමැතිව ඡන්දය පැවැත්විය නොහැකියි. එම සංශෝධන ඇතුළත් කරනවා නම් මුලින්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට යවා අනතුරුව පළාත් පාලන අධීක්‍ෂණ කාරක සභාව සම්මත කිරීමෙන් පසුව නැවතත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙම කි‍්‍රයාවලියට වැළැක්විය නොහැකි ලෙස විශාල කාලයක් ගතවෙනවා. නව කොට්ඨාශ නිර්ණ කොමිසමට අනුව මුලූ කොට්ඨාශ සංඛ්‍යාව 5002ක් වෙනවා. ඉන් 30%ක් සමානුපාතික නම් මන්තී‍්‍රවරුන් 1501ක් පත්කළ යුතුයි. 25%ක කාන්තා නියෝජනයක් ඇතිවීමට මන්තී‍්‍රවරියන් 2168ක් පත්කළ යුතුයි. ඒ අනුව මුලූ මන්තී‍්‍රවරුන් සංඛ්‍යාව 8671ක් දක්වා ඉහළ යනවා. ඒ අනුව දැන් සිටින මන්තී‍්‍රවරුන් සංඛ්‍යාවට අමතවර මන්තී‍්‍රවරුන් 3423කින් පළාත් පාලන නියෝජිතයින් ලෙස පත්වීමට නියමිතයි. එනම් 60%ක ඉහළ යාමක්. මේ වැඩිවීම නිසා සියලූම පළාත් පාලන ආයතනවල සභා ගර්භයේ ඉඩ මදි වෙනවා. ගොඩනැගිලි කඩලා නව ගොඩනැගිලි හදන්න වෙනවා. මෙය විශාල ගැටලූවක්. 

ඒ වගේම අපේ රටේ බහු ආසන තිබෙනවා. ආසනයේ සිංහල ජන ප‍්‍රමාණය වැඩි නම් එම ආසනය නියෝජනය කිරීමට සිංහල මන්තී‍්‍රවරයෙක් පත් වෙනවා. මුස්ලිම් ජන සංඛ්‍යාව වැඩි නම් මුස්ලිම් මන්තී‍්‍රවරයෙක් පත් වෙනවා. නමුත් මෙම නව මැතිවරණ ක‍්‍රමයට අනුව බහු ආසන ක‍්‍රමයේ මුඛ්‍ය පරමාර්ථය බිඳ වැටෙනවා. ඒ අනුව බහු ආසනවලටත් බහුජන කොට්ඨාශය වෙනුවට වෙනත් ජන කොට්ඨාශයක් නියෝජනය කරන මන්තී‍්‍රවරයෙක් පත්වෙනන්න පුළුවන්. එය සංශෝධනය විය යුතුයි. 

ඒ වගේම මෙම ක‍්‍රමයට අනුව සමානුපාතිකව පත්වෙනවා යැයි කියන ප‍්‍රමාණය ගැටලූ සහගතයි. කොට්ඨාශ ප‍්‍රමාණයෙන් 30%ක් සමානුපාතිකව පත් වුණත් එම මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය සභාවෙන් 23%යි. ඒ අනුව කොට්ඨාශ ක‍්‍රමයෙන් 77%ක් පත් වෙනවා. යම් පළාත් පාලන ආයතනයක් 51%ක ඡුන්ද ප‍්‍රමාණයකින් දිනන පක්‍ෂයකට මන්තී‍්‍රවරුන් මුළු සභාවෙන් 77%ක් ලැබෙනවා. 49%ක් ලබාගෙන පරාජය වන මුළු කණ්ඩායමටම ලැබෙන්නේ මුළු සභාවෙන් 23%ක මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණයක් පමණයි. එනිසා එය අසාධාරණයි. 40%ක් ඡුන්ද ලබාගෙන දිනන පක්‍ෂයකට වුවත්  (ඡන්ද ප‍්‍රමාණය තුනට බෙදීමෙන් එසේ විය හැක) සභාවෙන් 77%ක් මන්තී‍්‍රවරුන් ලබාගත හැක. ලෝකයේ කොහේවත් මෙවැනි ඡන්ද ක‍්‍රමයක් නැහැ. මහින්ද රාජපක්‍ෂලාගේ බල වුවමනාව මතම බලහත්කාරය පාවිච්චි කරලා සකස් කරපු මැතිවරණ ක‍්‍රමයක් පමණයි. අපේ රටේ පාර්ලිමේන්තුවට එක් ඡන්ද ක‍්‍රමයක්ද පළාත් සභාවට තවත් ඡන්ද ක‍්‍රමයක්ද පළාත් පාලන ආයතනවලට තවත් ඡන්ද ක‍්‍රමයක්ද වශයෙන් ඡන්ද පැවැත්විය යුතු නැහැ. එය විකාර සහගත දෙයක්. එනිසා මෙම ඡන්ද ක‍්‍රමයේ විකෘති තත්වය ඡන්ද පැවැත්වීමට බාධාවක් වී තිබෙනවා. 

සාමාන්‍ය පිළිගත් ක‍්‍රමයට අනුව නම් සමානුපාතික ප‍්‍රමාණය 40%ක් වත් විය යුතුයි. 60%-40% අනුපාතයට බෙදුණොත් නව මැතිවරණ ක‍්‍රමයට අනුව මුළු මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය 11,000 දක්වා පමණ ඉහළ යා හැකියි. අපේ රටේ පළාත් පාලන මන්තී‍්‍රවරු තව දුරටත් වැඩි කළ යුතුද? කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් මේ අවස්ථාවට පමණක් පැරණි ඡන්ද ක‍්‍රමය වලංගු වන පරිදි සංශෝධනයක් ගෙන ආ යුතුයි. නැතිනම් මෙම පළාත් පාලන මැතිවරණය කවදා පැවැත්වේදැයි කිසිවෙකුට පැවසිය නොහැකියි. මැතිවරණය ප‍්‍රමාද කිරීමට ආණ්ඩුවේ වුවමනාවක් තිබෙනවාද නැද්ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි නමුත් මෙම තාක්‍ෂණික කරුණු බාධාවක් කරගෙන ආණ්ඩුවට මැතිවරණය කල් දැමීමට යොදාගන්න පුළුවන්. “ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ඡන්ද ක‍්‍රමය විකෘතියක් - ප‍්‍රධාන ගැටලූ දෙකක් ගැන අනුර කියයි
නව ඡන්ද ක‍්‍රමය විකෘතියක් - ප‍්‍රධාන ගැටලූ දෙකක් ගැන අනුර කියයි
http://ift.tt/2lZiKD9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_762.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_762.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy