දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ මත ගැටුම දුරදිග යයි: ඇමැතිවරු කියන දේ කරන්න රවී සූදානම් නෑ 
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ මත ගැටුම දුරදිග යයි: ඇමැතිවරු කියන දේ කරන්න රවී සූදානම් නෑ 

PropellerAds

ජනපති අගමැති එක්ව යහපාලන රජයක් බිහි කිරීමෙන් පසු රජයට එක්ව ඇමැතිකම් ගත් පිරිස අතරින් දෙතුන් දෙනෙකු රජයට ප්‍රශ්න ඇති කිරීමට උත්සහ කරන බවත් ...

පොහොර 1500ට වැඩියෙන් වික්කොත් වැඩවරදී
සයිටම් සිසුන් 890ක් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට
භූමිතෙල් සහනාධාරය පෙර පරිදිම ක්‍රියාත්මකයි
ආණ්ඩුවේ මත ගැටුම දුරදිග යයි: ඇමැතිවරු කියන දේ කරන්න රවී සූදානම් නෑ 

ජනපති අගමැති එක්ව යහපාලන රජයක් බිහි කිරීමෙන් පසු රජයට එක්ව ඇමැතිකම් ගත් පිරිස අතරින් දෙතුන් දෙනෙකු රජයට ප්‍රශ්න ඇති කිරීමට උත්සහ කරන බවත් ජනපති හා අගමැති එක් ගමනක් යන බව ඔවුන් තේරුම් ගත යුතු බවත් මුදල් අමාත්‍යය රවී කරුණානායක මහතා පවසයි.

එදා යහ පාලන රජය බිහිවීම වැලැක්වීම පිණිස කටයුතු කළ පිරිස් ජයග්‍රහණයෙන් පසු ආණ්ඩුවට එකතුවී ප්‍රශ්න ඇති කිරීම තුළින් පැහැදිලි වන්නේ ඔවුන් තුළ පවත්නා ඊර්ෂ්‍යාව බවද ඒ මහතා කීය.

මුදල් ඇමැතිවරයා ඊයේ (05) ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්යාද ලබා ගත්තේය. අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා තමන් කටයුතු කරන්නේ ජනපති හා අගමැති උපදෙස් මත බවත් එක් එක් ඇමැතිවරු කියන දේ ඉටු කරන්නට තමන් සූදානම් නොමැති බවත් අවධාණය කළේය.

රජයේ යුතුකම හා වගකීම වන්නේ ජනවාරි 08 දින මෙරටේ අහිංසක ජනතාව ජනපතිට හා අගමැතිට දුන් ජනවරම ක්‍රියාත්මක කිරීම බවත් ආණ්ඩුව පිහිටවූවාට පසු ආණ්ඩුවට එක්ව ඇමැතිකම් ගත් ඇතැමුන් සිදුකරන විවේචන පලරහිත බවත් හෙතෙම පැවසී ය.

රට අර්බුදයකට 

වැඩ නොකරන අයගේ අමාත්‍යාංශවල මුදල් කපා හැරිවිට තියෙන බඩේ ගායට කියන ප්‍රකාශ වලට තමන් උත්තර නොදෙන බවත් රජය බදු මුදල් අඩුකර නාස්තිය දූෂණය අවමකර ජනතාවාදී ගමනක් යමින් සිටින බවත් මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇතැම් ආණ්ඩුකාරවරු මහඅමැතිවරු කරන ප්‍රකාශ පදනම් කර ගනිමින් ක්‍රියා කරන්න ගියොත් රට අර්බුදයකට පත් වන බවත් ජනපති හා අගමැති ව්‍යවස්ථානුකූලව ක්‍රියා කරමින් රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගනිමින් සියලු ජාතීන් අතර සහජීවනය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් කරුණානායක මහතා කීය.

යහ පාලන රජය තුළ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයටත් එහා ගොස් තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ස්ථාපිත කර තිබෙන බවත් ඇද සුදු වෑන් සංස්කෘතිය හෝ පැහැර ගැනීම්, පහරදීම් සිදු නොවන බවත් කී ඇමැතිවරයා පසුගිය රජයේ වැරදි කළ පිරිස් වලට දඬුවම් ලබාදීම ප්‍රමාද වන්නේ සියල්ල නීතියට අනුකූලය සිදු කෙරෙන නිසා බවද ප්‍රකාශ කළේය.

දේශපාලන කප්පාදුවක් 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමි පළාත් සභාවල ප්‍රතිපාදන කප්පාදු කරමින් දේශපාලන කප්පාදුවක් ක්‍රියාත්මක කරන බවට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා මුදල් ඇමැතිවරයාට ද පසුගියදා චෝදනා කළේය. 

මේ අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පසුගියදා කොළඹදී පැවති උත්සවයක් අමතමින් සඳහන් කළේ 2016 වසරේදී 86%ක ප්‍රගතියක් පෙන්වා ඇති තම අමාත්‍යංශයේ මුදල් මෙවර අයවැයෙන් කපාහැර ඇති බවයි.

“අපි අද සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නේ. මම නම් කැමතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් තියෙනවා නම්. මොකද සම්මුතිවාදී ආණ්ඩුවක් කරන කොට නොයක් ප්‍රශ්න තියෙනවා. මගේ අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රගතිය 84% කි තියෙද්දී පළාත් පාලන ආයතනවලට වෙන්කරලා තිබුණ ප්‍රග්ධන වියදම් කපලා. මම ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ඒ මුදල් ලබාගන්න කටයුතු කළා.“ ඇමැතිවරයා කියාසිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ මත ගැටුම දුරදිග යයි: ඇමැතිවරු කියන දේ කරන්න රවී සූදානම් නෑ 
ආණ්ඩුවේ මත ගැටුම දුරදිග යයි: ඇමැතිවරු කියන දේ කරන්න රවී සූදානම් නෑ 
http://ift.tt/2kxrih2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_716.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_716.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy