මාලබේ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන ...
මාලබේ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව දැනට සයිටම් ආයතනයේ සිටින සිසුන් 980 දෙනෙකු පමණ ඔවුන්ගේ මූලික සුදුසුකම් හා සයිටම් ආයතනයේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කර බලා කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
මාලබේ සයිටම් ආයතනයට එම සිසුන් ඇතුළත් වු වර්ශයේදී රජයේ වෛද්‍ය පීඨවලට සිසුන් ඇතුළත් කර ගත් අවම සුදුසුකම් මූලික සුදුසුකම ලෙස සලකන බවද විජයදාස රාජපක්ෂ මහතා කීය.
ඒ අනුව එම සිසුන්ට කොතලාවල වෛද්‍ය සිසුන්ට මෙන් රජයේ රෝහල්වල සායනික පුහුණුව හා පසුව ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවන බවද විජයදාස රාජපක්ෂ මහතා කීය.
මෙම පියවර සඳහා දැනට තිබෙන කොතලාවල වෛද්‍ය පීඨ පනතට සුළු සංශෝධනයක් පමණක් එක් කෙරෙන අතර අලුත් පනතක් සම්මත නොකරන බවද ඔහු කීය.
COMMENTS