දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොර 1500ට වැඩියෙන් වික්කොත් වැඩවරදී
Homeප්‍රවෘත්ති

පොහොර 1500ට වැඩියෙන් වික්කොත් වැඩවරදී

PropellerAds

විවෘත වෙළෙඳ පොළේ පොහොර මිටියක් රු. 1500ට වඩා මිලකට අලෙවි කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා නිලධාරී...

මුස්ලිම් එකමුතුව දෙකඩයි.. කබීර්ට-හෂීම්ට විරුද්දව බදියුදීන් ලොකු ගේමක
කබීර්-හලීම් දිවුරුම් යලි දුන්නාට රනිල්ගේ විරෝධය.. ව්‍යවස්ථා විරෝධී යයි කියයි
Pepper racket
පොහොර 1500ට වැඩියෙන් වික්කොත් වැඩවරදී

විවෘත වෙළෙඳ පොළේ පොහොර මිටියක් රු. 1500ට වඩා මිලකට අලෙවි කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

රජය විසින් රටේ ගොවි ජනතාව සඳහා පොහොර සහනාධාරය ලබා දෙන අතර, රු. 500ක මිල යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ද, රු. 1500ක මිල යටතේ විවෘත වෙළෙඳ පොළෙන් ද පොහොර මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

ගොඩිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබා දෙන පොහොර මිටියක් රු. 500ක් වශයෙන් ද, බාහිර අලෙවිසල්වලින් අලෙවි කරන පොහොර මිටියක උපරිම මිල රු. 1500 ද වශයෙන් රජය නිර්දේශ කර තිබේ.

2018 යල කන්නයේ දී පොහොර සහනාධාර වැඩපිළි‍වෙළ යටතේ ලබා දෙන පොහොරලාභී ගොවීන් ප්‍රමාණය 705,370කි. එමෙන්ම ඒ යටතේ වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය අක්කර 1,103,861.87කි. 2018 වසර තුළ පොහොර සහනාධාරය ලබා දීම සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රු. මි. 32,500කි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ගොවි නියෝජිත පිරිස් සමඟ සිදු කළ සාකච්ඡාවක දී ඔවුන් විසින් පැහැදිලි කළ කාරණයක් වූයේ ඇතැම් වෙළෙඳුන් විවෘත වෙළෙඳ පොළේ පොහොර මිටියක මිල රු. 1500ක් වශයෙන් රජය දැනුම් දී තිබිය දී ඊට වඩා ඉහළ මිලකට පොහොර අලෙවි කරන බවයි.

එම කාරණය සැලකිල්ලට ගනිමින් අදහස් පළ කළ ඇමැතිවරයා කියා සිටියේ විවෘත වෙළෙඳ පොළේ පොහොර මිටියක මිල රු. 1500ට වඩා වැඩි මිලකට අලෙවි කිරීමට කටයුතු කළහොත් ඒ පිළිබඳ තොරතුරු වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසයි. ඒ අනුව එම අලෙවිකරුවන්ගේ පොහොර අලෙවි කිරීමේ බලපත් පවා අහෝසි කිරීමටත්, ඔවුන් සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.

එමෙන්ම විවෘත වෙළෙඳ පොළේ වැඩි මිලකට පොහොර අලෙවි කරන්නන් සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු සැලකිල්ලට ගෙන අවශ්‍ය කටයුතු කරන්නැයි ද ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉදිරියේ දී ගොවි ගැටලු විසඳීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතනවල ඉලක්කය විය යුත්තේ ගොවියාට ගොවිතැන එපා කරවීම නොව, ඔවුන් තව තවත් වගා කටයුතු සඳහා දිරිගැන්වීම බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ගොවි සංවිධාන නියෝජතයන් හමු වී සාකච්ඡා කිරීමෙන් පසුව ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොර 1500ට වැඩියෙන් වික්කොත් වැඩවරදී
පොහොර 1500ට වැඩියෙන් වික්කොත් වැඩවරදී
http://am.lk/media/k2/items/cache/90c8fd2003eac9cbae3487d1da61b8ce_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/1500_13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/1500_13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy