ඉදිරි මාස තුන ඇතුළතදී පරිගණකය හරහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඕනෑම අයෙකුට ගොඩනැගිලි අයදුම්පත‍්‍ර යොමුකළ හැකි නව ක‍්‍රමයක් හඳුන්වා දෙන බව ...
අමාත්‍යවරයා මේ බව මේ බව ප‍්‍රකාශ කර සිටියේ ඊයේ (18) කෝට්ටේ අංගම්පිටිය ක‍්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
බම්බලපිටිය සිට වැල්ලවත්ත ප‍්‍රදේශයේ සිදු කරනු ලැබූ සංගණනයක් මගින් නීති විරෝධී ඉදිකිරීම් 1800 ක් පමණ තිබෙන බව සොයාගෙන ඇති බවත්, කොළඹ නගරයේ පමණක් දස දහසකට ආසන්න ප‍්‍රමාණයක් තිබෙන බවත් හඳුනාගෙන ඇත.
ඉදිරි හය මාසය ඇතුළත සෑම නගරයකම සහ උපනගරයකම තිබෙන නීති විරෝධි ඉදිකිරීම් සියල්ල සංගණනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇති බවත්, නගර සභාවල සහ ප‍්‍රාදේශීය සභාවල නගරාධිපතිවරු, සභාපතිවරු නිල වශයෙන් පත්වීමෙන් පසු ඒ අය වෙත මෙම සැලසුම පිළිබඳව පැහැදිලි කර විධිමත්ව, සබුද්ධිකව ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුත්ත සිදුකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම කාරණය පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතුවන අතර එමගින් ලැබෙන නියෝග අනුව කි‍්‍රයාත්මක වන බවත් පැවසූ අමාත්‍යවරයා වෙනත් ආයතනවල වහසිබස් සඳහා කි‍්‍රයාත්මක නොවන බවත් පැවසී ය.
COMMENTS