දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හේවාහැට ආසනයේ නොවිසදුණු ගැටලු ඉක්මනින් විසඳනවා - ජනපති
Homeප්‍රවෘත්ති

හේවාහැට ආසනයේ නොවිසදුණු ගැටලු ඉක්මනින් විසඳනවා - ජනපති

PropellerAds

ඒ අනුව හේවාහැට මහා මාර්ග ප්‍රතිසංස්කරණය ඉදිරි මාස තුන තුල පමණ ආරම්භ කළ හැකි යැයි මාරස්සන, පස්ගම මහජනයා හමුවේ ජනාධිපතිවරයා සදහන් කළේය. පස...

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි: ජයග්‍රහණ රැසක්ම බස්නාහිර පළාතෙන්
අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාට රුපියල් කෝටි 1103 ක චෝදනාවක්
"දේශපාලනයෙන් ඉවත් වී දේශපාලන දිවියට විශ්‍රාම දෙනවා" - ටී.තවරාසා
හේවාහැට ආසනයේ නොවිසදුණු ගැටලු ඉක්මනින් විසඳනවා - ජනපති

ඒ අනුව හේවාහැට මහා මාර්ග ප්‍රතිසංස්කරණය ඉදිරි මාස තුන තුල පමණ ආරම්භ කළ හැකි යැයි මාරස්සන, පස්ගම මහජනයා හමුවේ ජනාධිපතිවරයා සදහන් කළේය.

පස්ගම රජ මහ විහාරයට හා පස්ගම ඓතිහාසික නාථ දේවාලයට පැමිණි ජනාධිපතිවරයා දේවාලයේදී විශේෂ ආගමික වතාවත් සදහා සහභාගී විය.

පස්ගම නාථ දේවාල පරිශයේ නව පහන් කණු විදුලි ආලෝකමත් කිරීමෙන් පසු මහජනයා සමග පිළිසදරේ නිරත වූ ජනාධිපතිවරයා වෙත ප්‍රදේශවාසීන් සිය ගැටලු ඉදිරිපත් කළෝය.

හේවාහැට ආසනයේ ගම්මාන රැසකට ජලය නොමැති බව කී ගම්වාසීන් ඇතැම් විට ජලය රැගෙන ඒම සදහා විශාල දුරක් පයින් ගමන් කිරීමට සිදුවන බව ද නළ ලිං ආදියෙන් ඉතා අසීරුවෙන් ජලය ලබා ගැනීමට සිදුවන බැව් ප්‍රකාශ කළෝය. හේවාහැට ආසනයේ ප්‍රධාන මාර්ග අබලන් තත්ත්වයේ පවතින බවත් ඒවා කාපට් යොදා සකස් කිරිම උචිත යැයි ගම්වාසීන් පෙන්වා දුන්හ.

රැකියා නොමැති තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සදහා කර්මාන්ත ශාලා දෙකක් ඉදිකර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ. ගමට වාරි ජලය ලැබෙන වැව් ගොඩවී ඇති බැවින් වැව් ප්‍රතිසංස්කරණය කොට කුඹුරු සදහා ජලය ලබාදීමට මැදිහත්වීම ලබා දෙන ලෙස ද ගම්වාසීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියෝය.

හේවාහැට ආසනයේ පසුගිය කාලය තුළ සංවර්ධන කටයුතු සිදු නොවුණු බව කී ජනාධිපතිවරයා ගම්වාසීන්ගේ මේ ඉල්ලීම් පිළිබදව සලකා බලන බව ප්‍රකාශ කළ අතර මේ සදහා මැදිහත්වන ලෙස අමාත්‍ය එස්.බී. දිසානායක මහතා හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනි ශාන්තිනී කෝන්ගහගේ මහත්මියට මෙහිදී දැනුම් දුන්නේය.

මෙම අවස්ථාව සදහා මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ඓතිහාසික පස්ගම නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ඇතුලු පිරිසක් එක්විය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හේවාහැට ආසනයේ නොවිසදුණු ගැටලු ඉක්මනින් විසඳනවා - ජනපති
හේවාහැට ආසනයේ නොවිසදුණු ගැටලු ඉක්මනින් විසඳනවා - ජනපති
http://ift.tt/2ydbYgh
https://i.ytimg.com/vi/OW07eaqIf4k/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_926.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_926.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy