ඒ කාලේ මහේස්ත්‍රාත්වරුන් අධිකරණ මනසකින් යුතුව ක්‍රියා කළද දැන් කාලේ මහේස්ත්‍රාත්වරුන් ක්‍රියාත්මක වන්නේ අධිකරණ මනසකින් තොරව බවද හිටපු අගවි...
ඒ කාලේ මහේස්ත්‍රාත්වරුන් අධිකරණ මනසකින් යුතුව ක්‍රියා කළද දැන් කාලේ මහේස්ත්‍රාත්වරුන් ක්‍රියාත්මක වන්නේ අධිකරණ මනසකින් තොරව බවද හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන රොහාන් වැලිවිට විසින් ලියන ලද ‘මාගේ කටඋත්තරය‘ නමැති කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වී එහි ප්‍රධාන දේශනය පවත්වමින් හිටපු අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඔහු විසින් මිනී මරුම් දෙකක් සිදුකොට තවත් පුද්ගලයෙකු මිනී මැරීමට තැත් කළ බවට චෝදනා එල්ල කොට අත්අඩංගුවට ගෙන තිබුණු බවත් මේ සිද්ධිය ආරංචි වූ වහාම ඔහු තමන්ගේ මිතුරෙකු වන බැවින් කතා කොට සිද්ධිය පිළිබඳ විමසා සිටි බවත් පැවසූ හිටපු අගවිනිසුරුවරයා තමන් මෙම සිද්ධියට කිසිම සම්බන්ධතාවක් නොමැති බවත්, අදාළ වෙඩි තැබීම සිදුවීමට විනාඩි 10ට පෙර තමන් එම ස්ථානයෙන් පිටත්ව ගිය බව මහින්ද විසින් ඒ මොහොතේ තමන්ට කියූ බැවින් ඔහු ඒ චෝදනාවන්ගෙන් මුදාගැනීමට තමන් බොහෝ දේ කළ බවත් සිහිපත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි ලෙස ප්‍රබල සාක්ෂි දෙකක් ඉදිරිපත් කර තිබුණු බවත් ඒවා හිතාමතාම ගොතන ලද සාක්ෂි බවත් අවසානයේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොළඹින් යවන ලද සී.අයි.ඩී කණ්ඩායමක් පේර ගසක පේර කමින් සිටියදී සිද්ධිය ඇසින් දුටු දරුවෙකුගේ සාක්ෂිද පදනම් කර ගනිමින් පරීක්ෂණ පවත්වා සත්‍යය අනාවරණය කරගත් බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව ඩබල් කැබ් රථයේ පැමිණි මහින්ද රාජපක්ෂ නොව අසළ පලු ගස් රොදක සැඟව සිටි අයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බව තහවුරුවීමෙන්, බොරු සාක්ෂිකරුවන් හිරේ යවා මහින්දව නිදහස් කර ගැනීමට හැකිවූ බවත් ඔහු පැවසීය.
අධිකරණ මනසකින් ක්‍රියා කරන මහේස්ත්‍රාත්වරයෙකු සිටීම මෙහිදී සාධාරණය ඉටුවීමට බලපෑ බවත් ඒ ආකාරයේ අධිකරණ මනසකින් ක්‍රියාකරන මහේස්ත්‍රාත්වරුන් අද දුලබ බවත් සරත් එන් ද සිල්වා මහතා අවධාරණය කළේය.
COMMENTS