දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනමත විචාරණයක් අවශ්‍යයි- රතන හිමි
Homeප්‍රවෘත්ති

ජනමත විචාරණයක් අවශ්‍යයි- රතන හිමි

PropellerAds

ර ටේ තියන නීතිය අනුව එම්.සී.සී. වැනි ගිවිසුමක් පාර්ලිමේන්තුවේදි සම්මත කරලා විතරක් මදි. ජනමත විචාරණයකටත් ඉදිරිපත් කළ යුතු වනවා යයි නාත්තන්ඩි...

"ජනපති මාව විනාශ කළා" - බුද්ධදාස
ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම 5 වනදා සිට
නාමල් කුමාර හමුදාවෙන් පළාගිය අයෙක් බව රහස් පොලිසිය දැනුම් දෙයි
ටේ තියන නීතිය අනුව එම්.සී.සී. වැනි ගිවිසුමක් පාර්ලිමේන්තුවේදි සම්මත කරලා විතරක් මදි. ජනමත විචාරණයකටත් ඉදිරිපත් කළ යුතු වනවා යයි නාත්තන්ඩියේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ :


කැබිනට් මණ්ඩලය විසින් අත්සන් කරන ලද එම්.සී.සී.ගිවිසුම ඉතාමත්ම බරපතල ගිවිසුමක්. එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 400 කට ටිකක් වැඩි මුදලකට මුළු රටේම ස්වේරීත්වය පාවා දෙන ගිවිසුමක් තමයි  මේ.  එක්දහස් නවසිය තිස් ගනන් වලදී සුද්දෝ මුඩු බිම් පනත යටතේ අපේ ඉඩම් පවරා ගත්තා. පුද්ගලික සහ සාංඝීක ඉඩම් සුද්දෝ පවරා ගෙන ඒ ඉඩම් දැවැන්ත තේ වතු රබර් වතු බවට පත් කළා. ඒ ප්‍රදේශ වල ජීවත් වුණු අහිංසක ගැමියන්ට ඒ වතු වල රබර් කිරි කපන කුලී ශ්‍රමිකයින් බවට පත් වන්න සිද්ධ වුණා.

මෙම එම්.සී.සී.ගිවිසුමෙන් ලංකාවට අත්වන ඉරණම තමයි අපේ කොල්ලන්ට අවශ්‍ය වන්නේ නම් ඇග විකුණන්න පුළුවන් වෙයි. රූම් බෝයිලා වෙන්න පුළුවන් වෙයි. කර්මාන්ත ශාලා වල වහල් කම්කරුවෝ බවට පත් වෙන්න පුළුවන් වෙයි.

රට පුරා තියන වන ජීවී සහ වන සංරක්ෂණයට අයිති ඉඩම් සහ පුද්ගලික ඉඩම් පෞද්ගලීකරණය කරන්න ආණ්ඩුව බලාපොරොතු වෙනවා. ඒක  කරන්නේ මුලින්ම දැනට බදු පදනම මත ගොවීන් සතුව ඇති ඉඩම් ස්වර්ණභූමි හෝ වෙනත් ක්‍රමයකට ගොවියාට පවරලා දෙනවා. ඊට පස්සේ ගොවීන් කරන්නේ ඒ ඉඩම් තුට්ටු දෙකට විකුණලා දාන එකයි.එත්සත් ජනපදය මේ වන විට රජයට බලකරලා තියනවා මේ ඉඩම් සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය කරන්න කියලා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ තියන සමාගම් වලට අපේ රටට ඇවිත් අත්තනෝමතිකව ආයෝජනය කිරීමට අවස්ථාව ලබා  දීමයි. මේකෙන් සිද්ධ වෙන්නේ අපේ වන වියන් නැතිව යනවා. සතා සිව්පාවා නැතිව යනවා. මහජනතාවගේ ඉඩම් නැතිව යනවා. අපි එහි කුලී කරුවන් බවට පත් වෙනවා.

මේ අනතුර අපි ඉතාමත්ම බරපතල විදියට තේරුම් ගත යුතුයි.මේඅනතුර අපි අද තේරුම් ගත්තේ නැත්නම් අපේ ඉදිරි පරම්පරාවට අතීතයෙන් රැක ගත් අපේ භූමිය අපිට අහිමි වෙනවා. ඒ නිසා අපි මෙම ගිවිසුම පරාජය කළ යුතුමයි. දැනට  තියන තත්ත්වය යටතේ මෙය පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි. අපේ පාර්ලිමේන්තුව කොහොමද කියලා අපි  දන්නවා. ඕනම දෙයකට විකිනෙන දෙමළ සංදානය සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අන්ධයෝ ටික ඉන්නවා.ඉතිං මේක සම්මත කර ගන්න පුළුවන්. හැබැයි රටේ තියන නීතිය අනුව මේ වාගේ ගිවිසුමක් පාර්ලිමේන්තුවේදි සම්මත කරලා විතරක් මදි. ජනමත විචාරණයකටත් ඉදිරිපත් කළ යුතු වනවා.

ඒ නිසාමෙම ගිවිසුම පරාජය කරන්න නම් දැවැන්ත ජන මතයක් රට තුළින් අවශ්‍ය වනවා. ලබන 16 වැනිදා එන මැතිවරණය ඉතාමත්ම  තීරණාත්මකයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත්ම පැහැදිලිව කියා තිබෙනවා මහජනතාවට අහිතකර, මහජනතාව විරුද්ධ වන ඒ වගේම ජනතාවට හොරෙන් මෙවැනි ගිවිසුම් අත්සන් කරන්නේ හෝ ක්‍රියාත්මක කරන්නේ නැති බව.

සජිත් ප්‍රේමදාස මහත්තයා වර්තමාන කැබිනට් එක නියෝජනය කරනවා. අපි අහන්නේ මේ ගිවිසුමට සජිත් මහත්තයාගේ අනුමැතිය තියනාවද නැද්ද කියන කාරණයයි. සජිත් මහත්තයා ඉන්න කැබිනට් එක සම්මත කරපු ගිවිසුමක් එතුමා ජනාධිපති වුනොත් අනිවාර්යෙන් ක්‍රියාත්මක කරනවා. අන්න ඒ භයානකකම නිසා තමයි අපි සජිත් ප්‍රේමදාස මහත්තයාව පරාජය කළ යුත්තේ. අපිට සිය දිවි හානි කර ගන්න බැහැ. අපිටම අපේ බෙල්ල මිරිකා ගන්න බැහැ. සජිත් මහත්තයාට දෙන ඡන්දයක් කියන්නේ අපි අපේ බෙල්ල සියතින් කපා ගන්නවා වැගේ වැඩක්. අපේ ස්වාධිපත්‍ය වෙනුවෙන් මේ අවස්ථාවේදී අපි කළ යුතු වන්නේ පක්ෂ පාට බේද වලින් තොරව සජිත් ප්‍රේමදාස මහත්තයාව පරාජය කිරීමයි.

එහෙම නැත්නම් සජිත් මහත්තයා පැහැදිලිව කිව යුතුයි තමන් මේ ගිවිසුමට විරුද්ධයි කියලා. කැබිනට් මණ්ඩලය ගත්තු මේ තීරණට විරුද්ධයි කියලා. එතුමා කිසිම වචනයක් මේ සම්බන්ධයෙන් කියලා නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඡන්දය තීරණාත්මකයි.මේ තිබෙන්නේ රටේ ජාතික නිදහස පිළිබද  ඡන්දයක්. රටේ අනාගත දරුවන් සම්බන්ධ ඡන්දයක් කියලා. ඒ නිසා කළ යුතු  වන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා පරජය කිරීම පමණයි.

නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනමත විචාරණයක් අවශ්‍යයි- රතන හිමි
ජනමත විචාරණයක් අවශ්‍යයි- රතන හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGaG3ObY2r0g1u_tLrgJ1tXb2a5ONPYtawjI1r5jLRviunBUo7ksDjqIgAh0GBOdxNMZ7irgvZjNARW43QZukerivBWxX1fRi2_qwFS4edZaKjR8RiuJQn9nCA-RZiWnvoLGWex3Yc_u-T/s320/5dc8bb182d219_athuraliya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGaG3ObY2r0g1u_tLrgJ1tXb2a5ONPYtawjI1r5jLRviunBUo7ksDjqIgAh0GBOdxNMZ7irgvZjNARW43QZukerivBWxX1fRi2_qwFS4edZaKjR8RiuJQn9nCA-RZiWnvoLGWex3Yc_u-T/s72-c/5dc8bb182d219_athuraliya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_510.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_510.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy