තම වත්කම් ප‍්‍රකාශය ලබාදුන් එකම ජනාධිපතිවරයා තමා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. දේශපාලනඥයින් සහ රාජ්‍ය නිළධාරින් තම කාර්යභාර...
තම වත්කම් ප‍්‍රකාශය ලබාදුන් එකම ජනාධිපතිවරයා තමා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
දේශපාලනඥයින් සහ රාජ්‍ය නිළධාරින් තම කාර්යභාරය විවෘතව ඉටුකරන්නේ නම් කිසිදු ගැටලුවක් මතු නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම පූර්වාදර්ශය ඉහළින් ලැබිය යුතු බව ද කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ පෙරේදා (17) අරලියගහ මන්දිරයේ පැවති තොරතුරු දැන ගැනීමේ පනත කි‍්‍රයාවට නැංවීමේ සමාරම්භක උත්සවය අමතමිනි.
තම වත්කම් ප‍්‍රකාශය ලබාදිය යුතු බවට නියමයක් නොතිබුනද තමා ඉකුත් දෙවසර තුළ එය ලබාදීමට කටයුතු කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා එදා පොදු අපේ්ක්ෂයා ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට වත්කම් ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදින්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ට ද එය අනාවරණය කළ අයුරු සිහිපත් කළේය.
2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව වත්මන් රජය බලයට පත්කරගත්තේ වංචාවෙන්, දූෂණයෙන් සහ අක‍්‍රමිකතාවයෙන් සීමාව අභිබවා ගිය ආණ්ඩුවක් වෙනස් කිරීමට බව පැවසූ ජනාධිපතිවරයා රටේ ජනතාව නව ආණ්ඩුව බලයට පත්කර ගත්තේ පෙර පැවති ආණ්ඩුව මෙන් කටයුතු කිරීමට නොවන බවත් ජනතාව පෙර පැවති ආණ්ඩුවට එල්ල කළ චෝදනා නව ආණ්ඩුවට එල්ලවිය යුතු නැති බවත් කියා සිටියේය.
රට ගොඩනැගීම සඳහා වූ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී දේශපාලනඥයින්ගේ සහ රාජ්‍ය නිළධාරින්ගේ සුහදශීලිත්වය සහ එකඟතාවය ඉතා වැදගත් බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා එය රට ගොඩනැගීමේ ශක්තිමත් දම්වැලක් වන බවද කියා සිටියේය.
එමෙන්ම දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් පුරුදු වූ වැරදි සංස්කෘතියෙන් ඔවුන් ඉවත්විය යුතු අතර ඉතා විනිවිදභාවයෙන් යුතුව තම කාර්යය රට වෙනුවෙන් ඉටුකළයුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
අද රටේ තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස අයුතු ලෙස භාවිතා කරමින් කොළඹ නගරය තුළ උද්ඝෝෂණ සහ පෙළපාළි බහුල වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා රණවිරුවන් වෙනුවෙන් මෙතෙක් පැවති කිසිදු රජයක් නොගත් තීන්දුවක් ගනිමින් රණවිරුවන්ට ලබාදිය හැකි ඉහළම ගෞරවය ලබාදෙමින් වසර 12 කට අඩු සේවා කාලයක් සපිරු ආබාධිත රණවිරුවන්ටද සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට රජය පසුගියදා කටයුතු කළ අතර එම සියලුදෙනාට මෙතෙක් ලබා නොදුන් මෙම වරප‍්‍රසාදය ලබාදෙන විට තවත් පිරිසක් පාරට බැස උද්ඝෝෂණය කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
COMMENTS