දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර වංචාව: ජනපති කොමිසම විමර්ශන අරඹයි
Homeප්‍රවෘත්ති

බැඳුම්කර වංචාව: ජනපති කොමිසම විමර්ශන අරඹයි

PropellerAds

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඊයේ (01)...

ASP පට්ටම ගත් ඇමැති රංගේ බණ්ඩාර දේශපාලනයෙන් සමු ගැනීමට සැරසෙයි
මහින්ද “පොහොට්ටුව“ අතට ගනී - ජනවාරි 02 වනදා විශේෂ ප්‍රතිඥාවක්
හෝමාගමට නව නාගරික උද්‍යානයක්!
බැඳුම්කර වංචාව: ජනපති කොමිසම විමර්ශන අරඹයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඊයේ (01) සිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

මහ බැංකු බැඳුම්කර ක්‍රියාවලියේදී නීතිවිරෝධී දුෂිත ක්‍රියාවක් සිදුව ඇත් ද එසේ නම් ඒ පිටුපස සිටින්නේ කවුද යන්නත් සොයා බලමින් මෙම ජනාධිපති කොමිසම මාස තුනකින් අවසන් වාර්තාව බාර දීමට නියමිතය.  

සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත මෙම කොමිෂන් සභාව භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ඊයේ සිට මාර්තු මස 31 වැනිදා දක්වා විමර්ශන කටයුතු කිරීමට නියමිතය.  

මෙම කොමිෂන් සභාව කේ.ටී. චිත්‍රසිරි සහ ප්‍රසන්න සුජීව ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේළුපිල්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විතය.  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිෂන් සභාවේ කොන්දේසි සහ නිර්දේශ සඳහන් කරමින් භාණ්ඩාගාර නිකුතුව සම්බන්ධයෙන් ජාතික අවශ්‍යතාවක් ඇතැයි යන මතයේ තමා සිටින බව සඳහන් කර ඇත. 

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ඇති බවට බොහෝ පාර්ශව පෙන්වා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගත් අනාගතයේදී එවැනි දේ සිදු නොවීම ගත යුතු ක්‍රියාමාර්ගත් මෙමඟින් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එම කරුණුවලට අමතරව භාණ්ඩාගාර නිකුතුව සිදු වූ සමයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ කළමනාකරණ කටයුතු, පරිපාලන සහ එහි කටයුතු සහ හැසිරීම් සම්බන්ධයෙන් ද පරීක්ෂා කර බැලෙන අතරම එම සමයේදී අදාළ නීති රීති, ක්‍රියාපටිපාටි නොතකා හරිමින් ඕනෑම ආකාරයක අකටයුත්තක්, අක්‍රමිකතාවක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදු ව ඇත්දැයි විමර්ශනය කෙරේ.  

බැඳුම්කර නිකුතුවේදී ගිවිසුම්ගත බැඳීමක් සිදු ව ඇත්ද හෝ ක්‍රියා කර ඇත්ද යන්න පිළිබඳවත් ශ්‍රී ලංකා මහ බැංකුව ද ඇතුළත්ව රජයට හෝ වෙනත් ඕනෑම ව්‍යවස්ථාපිත ආයතනකට හෝ හානි කිරීමේ අරමුණින් වංචනික ලෙස, නොසැලකිලිමත් ලෙස සහ වගකීම් විරහිතව ක්‍රියා කර ඇත්ද යන්න පිළිබඳවම මෙම ජනාධිපති කොමිෂන් සභාව විසින් විමර්ශනය කෙරේ.  

බැඳුම්කර නිකුතුව වෙනස් කිරීමේ ක්‍රියාවලියක් සිදුව ඇත් ද ගැන මෙන්ම ප්‍රශස්ත මිලක් හෝ රජයට ප්‍රතිලාභ ලැබීම සුරක්ෂිත කිරීම සඳහා නියමිත ක්‍රියාමාර්ග සහ ප්‍රමාණවත් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇත් ද යන්න මෙන්ම එසේ නියමිත ක්‍රියාමාර්ග ගෙන නැතිනම් ඊට වගකිව යුතු පුද්ගලයා කවුරුන්ද යන්න සොයා බැලීම ද මෙම ජනාධිපති කොමිසමෙන් සිදු කෙරේ.  

එමෙන්ම බලය අවභාවිත කිරීමක් ද සිදුව ඇත් ද බැඳුම්කර නිකුතුවේදී සහ එම කාල සමයේදී කවුරුන් හෝ ඊට බලපෑම් කර ඇත් ද මැදිහත් වී ඇත් ද වංචා, අක්‍රමිකතා සහ ඥාති සංග්‍රහයක් සිදුව ඇත් ද යන්නත් ඕනෑම ක්‍රියාවක් හෝ නොසලකා හැරීමක් සිදු ව ඇත් ද යන්නත් සොයා බැලීමට නියමිතය.  

බැඳුම්කර නිකුතුව ඇතුළු ක්‍රියාවලදී විනිවිදභාවයෙන් කටයුතු කරන්නේ කෙසේ ද වගවීමෙන් කටයුතු කරන්නේ කෙසේ ද අනාගතයේදී රජයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සහ ප්‍රශස්ත මිල ගණන් යටතේ මෙවැනි ගනුදෙනු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ නිර්දේශ දෙන්නැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කොමිසමට උපදෙස් දී ඇත.  

“ශ්‍රී ලංකා මහ බැංකුව ද ඇතුළුව ඕනෑම අධිකාරියක් ව්‍යවස්ථාපිත සහ නීත්‍යානුකූල වගකීම් සහිත ආයතන කිසිම ආකාරයකින් බාධා හෝ බලපෑම් නොකරන බව” ජනාධිපතිවරයා පත් කළ බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ කොන්දේසි සහ නිර්දේශ සඳහන් කර ඇත. ජනාධිපති කොමිසමේ විමර්ශනය පැවැතිය ද අදාළ ආයතනවලට අදාළ නීති යටතේ ගත හැකි පියවර මොනවාද යන්න සලකා බැලීම සඳහා අදාළ බලය පැවැරී ඇත. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර වංචාව: ජනපති කොමිසම විමර්ශන අරඹයි
බැඳුම්කර වංචාව: ජනපති කොමිසම විමර්ශන අරඹයි
http://ift.tt/2kSVIdt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy