විල්පත්තුවට අයත් එක ගසක් හෝ තමන් විසින් කපා දමා ඇති බව ඔප්පු කර පෙන්වන්නේ නම් තමන් දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් බව වාරිමාර්ග රාජ්‍ය අමාත...
විල්පත්තුවට අයත් එක ගසක් හෝ තමන් විසින් කපා දමා ඇති බව ඔප්පු කර පෙන්වන්නේ නම් තමන් දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටී.
ඔහු පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පරිසර සංවිධාන නියෝජිතයින් වෙත අභියෝග කර සිටියේ පූක්කුලමට පැමිණ තමන් කර ඇතැයි කියන වන විනාශය පෙන්වා දෙන ලෙසයි.
පුක්කුලම ගම්මානය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල හමුවේ විල්පත්තුව විනාශ කිරීමක් සිදු කරමින් සිටින බවට අමාත්‍යවරයා වෙත දිගින් දිගටම චෝදනා එල්ල වීමේ තත්ත්වය පිළිබඳ අවදානය යොමු කරමින් ඔහු (27) සිය ආණමඩුව පක්‍ෂ කාර්යාලයේදී මෙම ප‍්‍රකාශය සිදු කරන ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ තමන් එවැනි ගස් කැපීමක් හෝ වන විනාශයක් සිදු කර ඇති බව ඔප්පු කිරීමට පූජ්‍ය ආනන්ද සාගර හිමියන් අපොහොසත් වන්නේ නම් මුසා බස් පැවසීමේ වගකීමද උන්වහන්සේ විසින් බාර ගත යුතු බවයි. එවැනි තත්ත්වයක් තුළ භික්‍ෂු ශාසනය තුළ රැදී සිටීමද සුදුසු නොවන බැවින් ඒ පිළිබඳ තීරණයක් ගැනීමට උන්වහන්සේ සූදානම් විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“පූක්කුලම කියන ගම්මානය රජයෙන් පිළිගත්ත කොටසක්. ග‍්‍රාමසේවා නිලධාරීයා මෙන්ම සමෘද්ධී, ගොවි හා දිවිනැගුම නිලධාරීන්ද මෙහි සේවයට යොදවා සිටිනවා. වනාතවිල්ලූව ප‍්‍රාදේශිය ලෙකම් කොට්ඨාශ්‍යට අයත් පූක්කුලම ගම්මානයේ ජනතාවට හිමි වී තිබෙන භූමි ප‍්‍රමාණය අක්කර හත හමාරයි. මේ වගේ පොඩි භූමියක් තුළ පවුල් 132 ක් පදිංචිව සිටිනවා. ඉතිං භූමිය තමයි සංවර්ධන කරන්න සැලසුම් කර තිබෙන්නේ. මේ ගමේ තියෙන්නේ පොල් ගසුයි, මසන් ගසුයි විතරයි. එහෙම තියෙද්දි පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා මං විල්පත්තුවේ ගස් කපනවා කියලා. එය අඛණ්ඩව පවසන්නේ ඇයිදැයි මං දන්නේ නෑ. මේ නාඩගම පිළිබඳ මං කණගාටු වෙනවා. ඒ නිසයි මං මේ අභියෝගය කරන්නේ. ඒ නිසා බාලගිරි දෝෂය අද නොවෙයි හෙට යනුවෙන් නොපවසා අදම පූක්කුලමට පැමිණ මේ අභියෝගය භාර ගන්නැයි ගෞරවයෙන් ආරාධනා කරනවා.”
COMMENTS