දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද ඇරඹේ
Homeප්‍රවෘත්ති

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද ඇරඹේ

PropellerAds

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද (01) කුරුණෑගල, අලව්ව - ගිරිඋල්ල ප‍්‍රධාන මාර්ගයේ කුඩගම්මනදී අග‍්‍රාමාත්...

ගාල්ලේ සන්ධාන අධාරකරුවෙක්ට තර්ජනයක්
රජයේ වෛද්‍යවරු අද වැඩවර්ජනයක
අලුත්ගම දර්ගා නගරය ගිනි තැබුවේ රාජපක්ෂලා - රජිතගෙන් මහින්දට පිළිතුරක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද ඇරඹේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද (01) කුරුණෑගල, අලව්ව - ගිරිඋල්ල ප‍්‍රධාන මාර්ගයේ කුඩගම්මනදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මි 39.29 දුරකින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර සඳහා රු.බිලියන 137.098 ආයෝජනයක් සිදුකරනු ලබයි. මීටර් 3.6 බැගින් වන මංතීරු 4කින් සමන්විත මාර්ගයේ පළළ මීටර් 23කි. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05ක් ඇතුලත් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර තුල මීරිගම, නාකලගමුව, මල්පිටිය, පොතුහැර සහ කුරුණෑගල යන ස්ථානයන්හී මෙම අන්තර් හුවමාරු ස්ථාපිත වනු ඇත. 2019 වසරේ මැද භාගය වන විට මෙම අදියරේ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබේ. 

ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුළ විශේෂ ස්ථානයක් මධ්‍යම අධිවේගී මාර්ගය වෙත හිමි වේ. විශේෂයෙන්ම දිවයිනේ පළාත් රැසක් (බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද) යා කෙරෙමින් ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය නිම වීමත් සමඟ පළාත් අතර ගමනාගමනය ඉතා කෙටි කාලයක් තුළ සිදුකළ හැකි වනු ඇති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පෙන්වා දෙයි. 

එමඟින් උතුරු නැගෙනහිර, ඌව වැනි පළාත්වල සිට මහනුවර සහ අගනුවර වෙතත්, ව්‍යාපෘතියෙන් ආවරණය වන අනෙකුත් පළාත් වෙතත් ඉතා කෙටි කාලයක් තුළ ගමන් කිරීමට හැකි වීම ආර්ථික, පරිපාලන හා ප‍්‍රවාහන යන සෑම අංශයකම වර්ධනයට විශාල රුකුලක් වේ. 

මෙරට අධිවේගී මාර්ග ඉතිහාසය තුළ සුවිශේෂී ස්ථානයක් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වෙත හිමි වන්නේ, සම්පූර්ණයෙන්ම දේශීය ඉදිකිරීම්කරුවන් විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ඉදිකිරීම් කටයුතු කිරීම හේතුවෙනුයි. මීට පෙර මෙරට සිදුකල කිසිදු අධිවේගී මාර්ගයක ප‍්‍රධාන මට්ටමේ ඉදිකිරීම් සඳහා දේශිය ඉදිකිරීම්කරුවන්ගේ දායකත්වය ලබා ගෙන නොමැති අතර මෙම ව්‍යාපෘතියත් සමඟ මෙරට අනාගත දේශීය ඉදිකිරීම් ක්ෂේත‍්‍රය වෙත තවත් මාවතක් ද විවර වනු ඇත.

නව රජය දේශීය ඉදිකිරීම්කරුවන් දිරිගැන්වීම සඳහා ගත් සුවිශේෂ පියවරක් වන මේ තුළින් අනාගතයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් විදේශ රටවල් වෙත ඇදී යන විශාල මුදල් ප‍්‍රමාණයක් මෙරට තුළ රඳවා ගැනීමටද හැකියාව ලැබෙනු ඇත. 

අදියර 4ක් යටතේ ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය කි.මී.168.7ක දුරකින් යුක්ත වේ.

1 අදියර කඩවත -  මීරිගම - දිග කි.මී.37.09

අන්තර් හුවමාරු 04 ( කඩවත, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම දකුණ)

2 අදියර මීරිගම - කුරුණෑගල - දිග කි.මි 39.29

අන්තර් හුවමාරු 05 ( මීරිගම ,නාකලගමුව, මල්පිටිය , පොතුහැර සහ කුරුණෑගල)

3 අදියර පොතුහැර - ගලගෙදර - දිග කි.මී.32.5

අන්තර් හුවමාරු 02 (රඹුක්කන, ගලගෙදර)

4 අදියර කුරුණෑගල - දඹුල්ල - දිග කි.මී.60.3

අන්තර් හුවමාරු 05 (රිදීගම,මැල්සිරිපුර,ගලේවෙල, දඹුල්ල - ඒ009, දඹුල්ල - ඒ006)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද ඇරඹේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද ඇරඹේ
http://ift.tt/2kR0xD6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy