දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දගේ පොරොන්දු ඉටුකිරීමට එජාපය සූදානම්! (VIDEO)
Homeප්‍රවෘත්ති

මහින්දගේ පොරොන්දු ඉටුකිරීමට එජාපය සූදානම්! (VIDEO)

PropellerAds

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක්‌ අවශ්‍ය බවට එදා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දුන් පොරොන්දුව වත්මන් රජය ඉටු කරන ...

සජිත්ට අපේක්‍ෂකත්වය දුන්නත් කැළඹීමක්, නොදුන්නත් කැළඹීමක් !
මෛත‍්‍රීට නියෝජ්‍ය අගමැති ධුරය දෙන්න පොහොට්ටුව සූදානම් - ජනපති ගෝඨා.. අගමැති මහින්ද !
Election Commission prepares to hold PC polls
මහින්දගේ පොරොන්දු ඉටුකිරීමට එජාපය සූදානම්! (VIDEO)

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක්‌ අවශ්‍ය බවට එදා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දුන් පොරොන්දුව වත්මන් රජය ඉටු කරන බව උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

උතුරේ ප්‍රශ්නයට තේරීම් කාරක සභාවෙන් ලබාදෙන ඕනෑම විසඳුමක්‌ පිළිගැනීමට එදා මහින්ද රාජපක්‍ෂ මහතා සූදානමින් සිටි බව ද යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා බත්තරමුල්ල පිහිටි එම අමාත්‍යාංශයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසී ය. 

එහිදී ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

“13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ බලය බෙදුවා. නමුත් 13 යටතේ බලය බෙදීම ප්‍රමාණවත් නැහැ කී පළමු රාජ්‍ය නායකයා තමයි මහින්ද රාජපක්‍ෂ. එතුමා නිරන්තරයෙන්ම ප්‍රකාශ කළා යුද්ධය යන කාලයේ. ඉන්දියාවට ගිහින් පවා කිව්වා. ප්‍රසිද්ධියේ පැහැදිලිව කිව්වා 13 ට එහා යන විසඳුමකට කැමතියි කියලා. ඒ ඉන්දියාව සමනය කර ගන්න. ඔහුගේ හිතේ තිබුණා ඉන්දීය මැදිහත් වීමක්‌ සිදුවෙයි කියලා යුද්ධය යන කාලයේ. අපි රට බෙදන්නේ නැහැ. නමුත් එදා කී විසඳුමට අපි යා යුතුයි. එතුමා අවංකවම ඒ දේ කිව්ව ද දන්නේ නැහැ. නමුත් ඔහු කියා තිබෙනවා. යුද්ධය යන කාලයේ එහෙම ප්‍රකාශ කළත්, යුද්ධය අවසන් වීමෙන් පසුව ඇහැව්වා 13 ට එහා යන විසඳුම කෝ කියලා. එවිට එතුමා කිව්වා මට ඒක කරන්න බැහැ කියලා. ඒක කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් කිව්වා. උතුරේ ප්‍රශ්නයට තේරීම් කාරක සභාවෙන් ලබා දෙන ඕනෑම විසඳුමක්‌ ලබා දෙන්න සූදානම් බව කිව්වා. නමුත් ඔහුට තේරීම් කාරක සභාවක්‌ පත් කරන්න බැරි වුණා. සුළු දේශපාලන පක්‍ෂවලට ඔහු ගැන විශ්වාසයක්‌ තිබුණේ නැහැ.“

“අද එජාපය කරන්නේ එදා මහින්ද රාජපක්‍ෂ කී සහ මුළු ලංකාවටම පොරොන්දු වූ 13 ට එහා ගිය බලය බෙදීමක්‌ ලබා දෙන්නේ. දැන් මේ සාකච්ඡා කරගෙන යන්නේ 13 ට වැඩි යමක්‌ දෙන්න. නමුත් අවසන් තීරණයකට ඇවිත් නැහැ. අපට පුළුවන්කම ලැබුණා තේරීම් කාරක සභාවක්‌ පත් කරන්න. අද විශාල පිළිගැනීමක්‌ තිබෙනවා අලුත් ව්‍යවස්‌ථාවක්‌ රටට අවශ්‍යයි කියලා. අපේ රටට අලුත් ආරම්භයක්‌ අවශ්‍යයි. එදා මහින්ද රාජපක්‍ෂ පොරොන්දු වූ දේ අපි කරනවා. ඇයි දැන් මේකට අකුල් හෙළන්නේ. මේ ක්‍රියාදාමයට එරෙහිව වැරදි ප්‍රචාර ලබා දෙන්නේ ඇයි? අපට තේරෙන්නේ නැහැ. අපට ජනවරමක්‌ ලැබිලා තිබෙනවා. විසඳුමක්‌ සෙවීමට. ඒක දැන් අපි කරගෙන යනවා. රජය වෙනුවෙන් අපි ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉල්ලීමක්‌ කරනවා මේකට සහාය දෙන්න.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29302,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ පොරොන්දු ඉටුකිරීමට එජාපය සූදානම්! (VIDEO)
මහින්දගේ පොරොන්දු ඉටුකිරීමට එජාපය සූදානම්! (VIDEO)
http://ift.tt/2iTZaph
https://i.ytimg.com/vi/aiLZIjqdx7Y/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/video_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/video_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy