දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනුවර අලුතින් වෙනස් කරන සැලසුම මෙන්න
Homeප්‍රවෘත්ති

මහනුවර අලුතින් වෙනස් කරන සැලසුම මෙන්න

PropellerAds

මහනුවර නගරය සහ අවට නගර  සියල්ලම ඉදිරි කාලයේදී විධිමත් සංවර්ධන සැලැස්මක් අනුව නාගරික සංවර්ධන අධිකාරිය දශලක්‍ෂ පහලොස් දහසක් ආයෝජනය කර ඇති බව...

ගාල්ලට යළිත් පොලිස් ඇඳිරි නීතිය
විජයදාස ව්‍යවස්ථා ක්‍රියාදාමය කඩාකප්පල් කිරීමේ වෑයමක - ලාල් විජේනායක
අර්ජුන් සමඟ දුරකථන සංවාද කළ කෝප් සාමාජිකයින් ඉවත් කරන්නැයි ඉල්ලීමක්
මහනුවර අලුතින් වෙනස් කරන සැලසුම මෙන්න

මහනුවර නගරය සහ අවට නගර  සියල්ලම ඉදිරි කාලයේදී විධිමත් සංවර්ධන සැලැස්මක් අනුව නාගරික සංවර්ධන අධිකාරිය දශලක්‍ෂ පහලොස් දහසක් ආයෝජනය කර ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ ශ‍්‍රී දළඳා මාලිගා පරිශ‍්‍රයේ ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණයේ පළමු අදියර දළඳා මාළිගාවට උරුමකොට පූජා කිරීමේ අවස්ථාවට ඊයේ (25) එක්වෙමිනි. 

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මේ දළදා මාලිගයෙන් ආලෝකමත් වන මේ මහනුවර නගරය සහ අවට නගර  සියල්ලම ඉදිරි කාලයේදී විධිමත් සංවර්ධන සැලැස්මක් අනුව නාගරික සංවර්ධන අධිකාරිය දශලක්‍ෂ පහලොස් දහසක් ආයෝජනය කරලා තිබෙනවා. මේ මහනුවර නගරයේ අනාගතය වෙනුවෙන්. විශේෂයෙන්ම මෙහි ජලාපවහන පද්ධතිය, මලාපවහන පද්ධතිය දියුණු කිරීමට. ඒ වගේම මේ ලංකාවේ ප‍්‍රථම බහුවිධ ප‍්‍රවාහන මධයස්ථානය ගෙන එන්නට මේ ඉදිරි කාලයේ දී කටයුතු කරනවා. ඒ අනුව තව අවුරුදු 4ක් පමණ යන විට මේ දළඳා මාලිගා පරිශ‍්‍රය පමණක් නෙමෙයි මේ නගරයත් අලූත්ම නගරයක් සැබෑ මහනුවරක් බවට ගොඩනැගෙන්නට කටයුතු යෙදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මහනුවර, අනුරාධපුරය පමණක් නෙමෙයි අපි යාපනයත් උපාය මාර්ගික නගරයක් හැටියට ගොඩනගන්න කටයුතු කරනවා. අපි උතුරු පළාත් සභාවට බලය දුන්නත් ජනතාවගේ ප‍්‍රශ්න ගැන කතා කරනවා වෙනුවට ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා වෙනුවට අපට තවමත් ඇහෙන්නේ දේශපාලන අදෝනා හා වෛරී ප‍්‍රකාශ පමණයි. ඒ නිසා අපෙනුත් ආදර්ශයක් ඒ ප‍්‍රදේශවලට ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.“

“විශේෂයෙන්ම මේ ගොඩනැගිල්ල පිළිබඳව කියනවා නම්, 2015 වසරේ අපි ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 20000 ක් ලාභ ලබන තැනක් බවට පත් කළා. කාලෙකට ඉස්සරවෙලා විදුලිබල මණ්ඩලය ජනතාවගේ සල්ලි කන, ඞීසල් මාෆියාව, ගල් අගුරු මාෆියාව නොයෙක් ආකාරයේ කල්ලි කණ්ඩායම් විසින් සාරය උරාබොන තැනක් බවට පත්වෙලා තිබුණා. අනෙක් රටේ ලොකුම ආයතනය ඛණිජ තෙල් සංස්ථාව, ඔය ආයතනයෙත් හිතවතුන්ට ටෙන්ඩර් දෙන එක වලක්වලා විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අපි හඳුන්වලා දුන්නා. මම ඔය තීරණය ගත්ත දවසෙම රුපියල් බිලියන 550 ක් ඛණිජ තෙල් සංස්ථාවට ඉතිරි උනා. ඒවා දරා ගන්න බැරි සමහර අය මොන මොන ප‍්‍රකාශ කළත් රටට බරක් වෙලා තිබුණු මෙම රාජ්‍ය ආයතන දෙක ගලවාගන්න  අපට පුළුවන් උනා. ඒ නිසා ඒ රාජ්‍ය ආයතන දෙකේ අධ්‍යක්‍ෂ මණ්ඩලවලින් මම ඉල්ලා හිටියා මේ දළඳා වහන්සේට අපෙන් ඉටුවිය යුතු වගකීමක්, යුතුකමක් තිබෙනව එය ඉටු කරමු කියලා. ඒ අධ්‍යක්‍ෂක මණ්ඩල නොපිරිහෙලා එයට දායක උනා. ඒ සඳහා උර දීපූ එම ආයතනවල සියළු සේවකකාරකාදීන්ට අපේ ස්තූතිය පුද කරන්න  ඕනේ.“ යැයි ඇමතිවරයා සඳහන් කළේය.

“ඉදිරිකාලයේදී අපේ රටේ වැදගත් සෑම ස්ථානයක්ම මේ දළඳා වහන්සේ වැඩ සිටින, මේ දළඳා මාළිගයේ පමණක් නෙමෙයි අටමස්ථානය, කතරගම කිරිවෙහෙර ආශ‍්‍රිත ප‍්‍රදේශය ඇතුළු මේ සෑම ආගමික ස්ථානයක්ම විධිමත් නාගරික සැලැස්මකට අනුව දියුණු තියුණු කිරීමට අපි කටයුතු කරනවා.“ යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය. 

DPlanKandy

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවර අලුතින් වෙනස් කරන සැලසුම මෙන්න
මහනුවර අලුතින් වෙනස් කරන සැලසුම මෙන්න
http://ift.tt/2jrAvZy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_942.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_942.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy