ව්‍යවස්ථා ක්‍රියාදාමය කඩා කප්පල් කිරීමේ ක්‍රියාදාමයක් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදු කර ඇතැයි ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල කමිට...
ව්‍යවස්ථා ක්‍රියාදාමය කඩා කප්පල් කිරීමේ ක්‍රියාදාමයක් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදු කර ඇතැයි ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල කමිටු සභාපති ලාල් විජේනායක මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
වර්තමානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිය විරෝධය පළ කර සිටි නමුත් 2016 මාර්තු මස 9 වන දින යෝජනාවක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ශ්‍රි ලංකාවට අවශ්‍යය බව පැවසු බවත් ඒ අනුව නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා ව්‍යවස්ථා සභාවක් ලෙස කටයුතු ස්ථාපිත කරන විට ඔහු කිසිසේත් එයට විරෝධය පළ නොකළ බව ද විජේනායක මහතා මෙහිදී කියා සිටියේය.
එහිදී පක්ෂව තම ඡන්දය භාවිතා කළ රාජපක්ෂ මහතා වසර එක හමාරක් ගත වී අවසානයේ විරුද්ධත්වය පළ කිරීම තුළින් ඔහුගේ සත්භාවය කෙරෙහි ගැටළු සහගත තත්ත්වයක් මතු කරනු ලබන බව ද ඒ මහතා පැවසීය.
මෙවැනි කිසිදු ස්ථීර ප්‍රතිපත්තියක් නොමැති පුද්ගලයින් පාර්ලිමේන්තුවේ සිටීම ගැටළුවක් බවත් එවැනි තත්ත්වයක් තුළ රටට අත්වන ඉරණම පිළිබඳ සිතිය නොහැකි බව ද විජේනායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS