පවතින දේශගුණික තත්වය හා ආහාර සුරක්ෂිතතාව හමුවේ ගත යුතු ක්‍රියා මාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ විශේ...
පවතින දේශගුණික තත්වය හා ආහාර සුරක්ෂිතතාව හමුවේ ගත යුතු ක්‍රියා මාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ විශේෂ රැස්වීමක් ලබන 13 වැනිදා පෙරවරු 9.30 ට පැවැත්වේ.
ඒ අනුව උද්ගතව ඇති ගැටළු පිළිබද මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කොට ගනු ලබන තීන්දු තීරණ ජනාධිපති කාර්යාලයට වෙත යැවීමට නියමිතය. මීට අමතරව 2017 වසර දිළිදුකමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කොට ඇති බැවින්, එම වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ආකාරය සැළසුම් කිරීම මෙම විශේෂ කමිටුව පැවැත්වීමේ තවත් අරමුණකි.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන සමාජ සවිබල ගැන්වීම් සහ සුභ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සම්බන්ධිකරණ කමිටුව පැවැත්වෙනු ඇත.
COMMENTS