එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයේ කටයුතු කරන ඇමැති කබීර් හෂීම් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව වාර්තා ව...
එක්සත් ජාතික පක්ෂයට හිතවාදී වෙබ් අඩවි වාර්තා කරන්නේ එම පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා හෝ දයා ගමගේ ඇමැතිවරයා පත්කිරීමට නිර්දේශය වී ඇති බවයි.
කබීර් හෂීම් මහතා පක්ෂයේ සභාපතිවරයාව සිටිමින් පක්ෂය බෙදීමට කටයුතු කරන බවත් පක්ෂය තුළ කල්ලි කණ්ඩායම් සාදන බවත් මැති ඇමතිවරුන්ගෙන් එල්ලවී ඇති චෝදනා මත ඔහු ධුරයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බව ද සඳහන්ය.
පක්ෂයට විරුද් දේශපාලන කණ්ඩායම් සමග රහසිගතව සාකච්ඡා පවත්වමින් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ යැයිද කබීර් හෂීම් මහතාට චෝදනා එල්ල වී ඇතැයිද වාර්තාවන් කියයි.
COMMENTS