ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය පෙරේදා (02) රාත්‍රී රැස්වී විශේෂ තීරණ හතරක් සම්මත කර ගැනීමත් සමඟ එම පක්ෂයේ තිබූ අර්බුදය මුළ...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය පෙරේදා (02) රාත්‍රී රැස්වී විශේෂ තීරණ හතරක් සම්මත කර ගැනීමත් සමඟ එම පක්ෂයේ තිබූ අර්බුදය මුළුමනින්ම විසඳාගත හැකි වූ බව එම කොංග්‍රසයේ නියෝජිත සබ්රි හසන් අලි මහතා පවසයි.
උත්තරීතර මණ්ඩල රැස්වීම පෙරේදා රාත්‍රී 8.30ට කොළඹ පිහිටි දරුස්සලාම් පක්ෂ මූලස්ථානයේදී පැවති අතර මේ සදහා පක්ෂ නායක අමාත්‍ය රවුෆ් හකීම් සහ මහ ලේකම් හසන් අලි යන දෙපලම සහභාගී වී තිබේ.
මුස්ලිම් කොංග්‍රසය දෙකඩ වන්නට තරම් බලපෑ කරුණු පිළිබද උත්තර මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර යෝජනා හතරක් ඉදිරිපත් කළ අතර මෙම යෝජනා හතරම කිසිදු විරෝධයකින් තොරව සම්මත කර ගැනිණි.
මේ අනුව මෙම කොංග්‍රසයේ ව්‍යවස්ථාව වෙනස් කරමින් 2015.11.06 වැනි දා ලේකම්වරයාට අමතරව පත්කළ අනෙක් ලේකම්ධූරය අහෝසි කළ යුතු බවටත්, ජාතික ලැයිස්තු ධූරය පොරොන්දු වූ පරිදි පක්ෂයේ මහ ලේකම් එම්.ටී.හසන් අලි මහතාට ලබා දීම හා ඒ සඳහා පත්කළ එම්.එච්.සල්මාන් ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවටත්, ලබන පෙබරවාරි 12 වැනි දා ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂ මහා සම්මේලනය කොළඹදී රැස්වී පක්ෂයේ නව නායකයකු, මහ ලේකම්වරයෙකු මෙන්ම නිත්‍ය උත්තරීතර මණ්ඩල සාමාජිකයින් 34 දෙනෙකු පත්කර ගතයුතු බවටත්, පක්ෂ ව්‍යවස්ථාව පෙර පැවති ආකාරයටම ප්‍රතිසංශෝධනය කිරීම ආදී යෝජනා උත්තර මණ්ඩලයේ දී සම්මත විය.
මේ අනුව හසන් අලි මහතා ලබන 09වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිතව ඇති අතර මෙදිනට පෙර සල්මාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් විය යුතුබවටද මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය නිර්දේශ කළේය.
COMMENTS