"ජනාධිපති අපේක්‌ෂක සජිත් මහතා කාන්තාවන්ට සනීපාරක්‌ෂක තුවා දෙනවා කියපු එකට විපක්‌ෂයේ මන්ත්‍රී ගොල්ලෝ හිනා වෙනවා. අද සනීපාරක්‌ෂක තුවායක්...
මෙහිදී තවදුරටත් කතා කළ රසාදරී මහත්මිය මෙසේ ද කියා සිටියාය.
සජිත් ජනාධිපති අපේක්‌ෂකතුමා කාන්තාවන්ට සනීපාරක්‌ෂක තුවා දෙනවා කියලා කියපු එකේ වැරැද්දක් මම දකින්නේ නැහැ. අද මේ සනීපාරක්‌ෂක තුවා මිලදී ගන්නවත් සල්ලි නැති දුප්පත් ගෑනු ළමයි, කාන්තාවන් මේ රටේ කොච්චර නම් ඉන්නවද? මේ ප්‍රශ්නය ගැන වෙනත් කිසිම ජනාධිපති අපේක්‌ෂකයෙක් ජන රැලිවල කතා කළේ නැහැ. ජනාධිපතිකමට ඉල්ලන තරුණ නායකයකුට මේ වගේ දෙයක් සිහිපත් වීම ලොකු දෙයක්.
අද පාසල් යන සමහරක් ලොකු දුවලා සමහර දවස්‌වලට දින දෙක තුනක් ඉස්‌කෝලේ යන්නේ නැහැ. ඒ අයට සනීපාරක්‌ෂක තුවා මිලදී ගන්න මුදල් නැතුව අඳින්නේ රෙදි කෑලි. මෙන්න මේ වගේ තත්ත්වයක් රටේ තියෙන්නේ.
සජිත් ඇමැතිතුමා මේ කියපු දේට විපක්‌ෂයේ මන්ත්‍රී ගොල්ලා හිනා වෙනාව. නමුත් ඒ අයට මේ ප්‍රශ්නය පේන්නේ නැහැ. සජිත් ඇමැතිතුමා යමක් කරනවා කිව්වොත් ඒ දේ කරන කෙනෙක්. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාගේ ඉදිරි වැඩපිළිවෙළ ඉදිරියට ගෙනි යන රට ගැන හැඟීමක් ඇති තරුණ නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා.
දිවයින

COMMENTS