ආ ණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන් පසුගිය කාලයේ නීති විරෝධීව කටයුතු කළ ආකාරය දැක්‌වෙන ලිපි ගොනු අමාත්‍යාංශවලින් දැනටමත් හොර රහසේ පන්නන බවට ආරංචි ලැ...
ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන් පසුගිය කාලයේ නීති විරෝධීව කටයුතු කළ ආකාරය දැක්‌වෙන ලිපි ගොනු අමාත්‍යාංශවලින් දැනටමත් හොර රහසේ පන්නන බවට ආරංචි ලැබෙන්නේ යෑයි මහනුවර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ඊයේ (08 දා) ප්‍රකාශ කළහ.
ලිපි ගොනු පැන්නවූවාට පලක් නොවන බව කී එස්. බී. දිසානායක මහතා මෙම ජනාධිපතිවරණයෙන් පරදින බව ඔවුන් හොඳ හැටි දැනගෙන මෙම ලිපි ගොනු මෙසේ ඉවත් කරන බව ද කීවේය.
මෙම මැතිවරණය පිළිබඳව ආණ්‌ඩුව වඩාත් බලාපොරොත්තුව තබා ගෙන සිටින්නේ යාපනය ඡන්ද බව ද ඒත් මෙදා ඔවුන් හිතන තරම් නොලැබෙන බව ද හෙතෙම සඳහන් කළේය. උතුරු නැගෙනහිර පැවති යුද්ධ සමයේ ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඇතුළු හමුදා නිලධාරීන් වීරයන් ලෙස සැලකු අතර අද අපේ හමුදා නිලධාරීන්ව මෙන්ම ගෝඨාභය රාජපක්‌ෂ මහතා පිළිබඳව මේ ආණ්‌ඩුව සැහැල්ලුවට හිතන බවත් හෙතෙම පැවසීය.
දිවයින

COMMENTS