නාවික හමුදාවේ රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ සහ නාවික හමුදා බුද්ධි නිලධාරීයෙකු ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද...
නාවික හමුදාවේ රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ සහ නාවික හමුදා බුද්ධි නිලධාරීයෙකු ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(26) අධිකරණයට දැනුම් දුන්නේය.
පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනාව සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන සිටින ලුතිනන් කොමදෝරු දම්මික අනිල් මාපා අද අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණය වෙත දන්වා ඇත.
එහිදී එම චෝදනා මත සැකපිට වැලිසර නාවික හමුදා කඳවුරේ එවකට බුද්ධි අංශ බාර නිලධරයාව සිටි ධම්මික අනිල් මාපා මහතා පෙබරවාරි 9 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද නියෝග කළේය.
පක්කිලිසාමි යෝගනාදන් හා රත්නසාමි ප්‍රේමනානන්දන් යන දෙදෙනා 2009 දී පැහැරගෙන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන මෙම නඩුවේදී මෙම නියෝගය ලැබුණු අතර රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව එම සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද අධිකරණය අවසර දුන්නේය.
ලුතිනන් කොමදෝරු දම්මික අනිල් මාපා එවකට වැලිසර නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරියෙකු ලෙසින් සේවය කර ඇත.
COMMENTS