ලබන 27 වනදා ඒකාබද්ධ විපක්ෂය නුගේගොඩදී පවත්වන රැලියට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හා මන්ත්‍රීවරියක් සහභාගි නොවන බව වාර්තා වේ....
ලබන 27 වනදා ඒකාබද්ධ විපක්ෂය නුගේගොඩදී පවත්වන රැලියට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හා මන්ත්‍රීවරියක් සහභාගි නොවන බව වාර්තා වේ.
ඒ අනුව පක්ෂය විසින් ඉදිරිපත් කළ විදේශ සංචාරයකට සහභාගී වීම හේතුවෙන් එම රැලිය පැවැත්වෙන දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරියක් වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහභාගී නොවන අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නඩු කටයුත්තක් හේතුවෙන් සහභාගී නොවන බවද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පැවසී ය.
කෙසේ වෙතත් එම රැලියට සහභාගි නොවන ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු පුද්ගලයකුට දඬුවම් කිරීමට සිදු නොවන බව එහි සංවිධායකයෝ පවසති.
COMMENTS