බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන කටයුතු ලබන මාර්තු මාසය වන විට කඩිනමින් අවසන් කිරීමට එම කොමිෂන් සභාව කටයුතු කරමින්...
බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන කටයුතු ලබන මාර්තු මාසය වන විට කඩිනමින් අවසන් කිරීමට එම කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
දැනට ඉතිරිව තිබෙන විමර්ශනවලට අදාළ කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙන බව එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
2015 මාර්තු 06 වැනි දින ආරම්භ කළ මේ කොමිෂන් සභාවේ කාලය අත්හිටුවීමට හෝ දීර්ඝ කිරීමට බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට පමණක් බවත් සුපුරුදු පරිදි කොමිසමේ වැඩකටයුතු පෙරේදා (02) ආරම්භ කළ බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඉකුත් වසරේ පමණක් එම කොමිසම වෙත පැමිණිලි 1,595ක් ලැබී ඇති අතර ඉන් විෂය පථයට පැමිණිලි 1,165ක් අදාළ නොවූ නිසා ඒවා විමර්ශනය නොකිරීමට එම කොමිසම කටයුතු කර තිබිණි.
මේ වනවිට එම කොමිෂන් සභාව විසින් පැමිණිලි 171ක විමර්ශන කටයුතු අවසන් කර තිබෙන අතර තවත් පැමිණිලි 150ක් පමණ අවසන් කිරීමට නියමිතව ඇත.
COMMENTS