ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් මහතා සීමා නිර්ණය කමිටුවේ ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් මහතා සීමා නිර්ණය කමිටුවේ අවසන් වාර්තාව අත්සන් තබා තිබේ.
ඒ අනුව, සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයින් පස් දෙනා අතුරින් මේ දක්වා කමිටු වාර්තාවට අත්සන් තබා නැත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නීතිඥ මිස්බාර් සතාර් මහතා පමණී.
එක්සත් ජාතික පක්ෂය ඉතා සැලසුම් සහගත අයුරින් සීමා නිර්ණය කමිටුවට පත් කොට ඇති තම නියෝජිතයා හරහා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමා ගැනීමට උත්සහ දරන බව කැෆේ සංවිධානය පවසයි.
ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබද තීරණාත්මක කමිටු වාර්තාවකට අත්සන් තැබීම ප්‍රමාද කිරීම හේතුවෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය පීඩාවකට ලක් කිරීමට නීතිඥ බිස්බාර් සතාර් මහතා කටයුතු කර ඇති බවද එම සංවිධානය සඳහන් කළේය.
මේ අතර කැෆේ සංවිධානය වෙත විශ්වාස කටයුතු ආකාරයෙන් දැනගැනීමට හැකිව ඇත්තේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ක්‍රියා කලාපය ජනාධිපතිවරයා විසින් දැඩි විවේචණයට ලක් කර ඇති බවයි.
COMMENTS