මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය හැකි බවට අභියාචනාධිකරණය අද(31) ත...
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය හැකි බවට අභියාචනාධිකරණය අද(31) තීන්දු කළේය.
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල ද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද ලබාදීමට නියමිතය.
අදාළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමේ අභිලාෂය ඇතිව එහි ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් විසින් මෙම නඩුව ගොනු කර තිබිණි. ඒ, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පාර්ශව කිහිපයක් වග උත්තරකරුවන් කරමින්.
අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට මාර්ගය අවට රැස්වූ සරසවි සිසුහු දහසකට ආසන්න පිරිසක් නිහඬ විරෝධතාවයක යෙදී සිටිති.
ඔවුහු කළු පටි බැඳ, කළු කොඩි ඔසවා කළු රෙදි වලින් මුහුණු ආවරණය කරගෙන විරෝධතා පුවරු රැගෙන සිටිති.
මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ සාකච්ඡාවක් ලබන 02 වනදා පැවැත්වෙන බව වාර්තා වේ.
කෙසේවෙතත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අවධානය යොමුකර යුක්ති සහගත ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියා සිටියේ අදාළ පෞද්ගලික වෛද්‍ය ආයතනයට පිළිගැනීමක් ලබාදීමට වැඩපිළිවෙල රැසක් මේ වන විට ක‍්‍රියාත්මක වන බවයි.
COMMENTS