රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේ මං තීරු වෙනස් කිරීමේ පුවරු වල සිංහලෙන් පමණක් තොරතුරු සඳහන් වීම පිළිබඳව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යා...
රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේ මං තීරු වෙනස් කිරීමේ පුවරු වල සිංහලෙන් පමණක් තොරතුරු සඳහන් වීම පිළිබඳව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය විසින් වග කිව යුතු පාර්ශව දැනුවත් කිරීමෙන් අනතුරුව මේ වනවිට එම ඇතැම් පුවරු සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා වලින් පමණක් සඳහන් කිරීමට කටයුතු කර තිබේ.
නමුත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යටතේ සඳහන් වී ඇත්තේ සිංහල සහ දමිළ යන භාෂා යොදාගත යුතු බවය. ඉංග්‍රීසි යනු සම්බන්ධිකරණ භාෂාවයි.
නමුත් රාජගිරිය වැලිකඩ මංසන්ධියේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස කළ ඉල්ලීමට මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතිචාර දක්වා ඇත්තේ එම පුවරු සිංහල සහ ඉංග්‍රීසි ලෙස වෙනස් කිරීමෙනි.
මේ අනුව වැටහෙන කාරණාව වන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ නිවැරදි වැටහීමක නොසිටින බවයි. මේ පිලිබඳව යළි පෙන්වා දෙමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ජාතික ව්‍යාපාරය විසින් අද (10) මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී.සී දිසානායක මහතා වෙත යළි ලිපියක් යොමු කර තිබේ.
එම ලිපිය පහතින්,
2017 ජනවාරි මස 10 වැනිදා අඟහරුවාදා
ඩී. සී දිසානායක මහතා
ලේකම්තුමා,
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය
බත්තරමුල්ල
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් රාජගිරියේ ප්‍රදර්ශනය කරන මාර්ග සලකුණු සම්බන්ධයෙනි.
මහජනතාව දැනුවත් කිරීමේ පුවරු සිංහල භාෂාවෙන් පමණක් සඳහන් වන බව පෙන්වා දෙමින් මීට ඉහත 2017 ජනවාරි 04 වන දින ඔබ අමාත්‍යංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරියට ද පිටපත් සහිතව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ජාතික ව්‍යාපාරය යොමු කළ ලිපියට මේ වනතෙක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිසි ප්‍රතිචාර දක්වා නොමැත.
ඒ වෙනුවට එතෙක් සිංහල භාෂාවෙන් පමණක් සඳහන් වූ ඇතැම් පුවරු වල පමණක් ඉංග්‍රිසි භාෂාවෙන් තොරතුරු සඳහන් කිරීම සිදුකර තිබේ. එම ක්‍රියාව යම් මට්ටමක සාධනීය එකක් වුව ද , දමිළ භාෂාවෙන් මෙම මං තීරු වෙනස් වීම පිළිබඳ සඳහන් නොවීම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බරපතල ලෙස උල්ලංගනය කිරීමක් බව දන්වා සිටිමු.
විශේෂයෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නීතිගත කළ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ පිහිටි වැලිකඩ මං සන්ධියේ වත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුගමනය නොකිරීම රාජ්‍ය සේවකයින් ලෙස රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමකි.
මේ පිළිබදව සොයා බලා මේ වන විටත් දැඩි අපහසුතාවකට පත්ව සිටින මහා මාර්ගය භාවිත කරන පිරිසට සහනයක් වීම සදහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව මාර්ග පුවරු සවි කිරීමට කටයුතු කරන මෙන් ‘රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ජාතික ව්‍යාපාරය‘ කාරුණිකව ඉල්ලා සිටී.
ස්තුතියි
මීට
විශ්වාසී
අරවින්ද ඉන්ද්‍රජිත්
අහමඩ් මනාස්
නඩරාජන් කිරුබා
COMMENTS