නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා සියලු පක්ෂ සහාය දුන්නත් කුමන්ත්‍රණ කර අතරමගදී විනාශ කරමින් කාදැමුවේ ජයම්පති වික්‍රමරත්න ස...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා සියලු පක්ෂ සහාය දුන්නත් කුමන්ත්‍රණ කර අතරමගදී විනාශ කරමින් කාදැමුවේ ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් මන්ත්‍රීවරුන් විසින් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ සාමාජික ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ඒ පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඔවුන්ට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම නොව එම ක්‍රියාවලිය දිගින් දිගටම ඇදගෙන යාම යැයි ද මන්ත්‍රීවරයා කීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සදහා වූ මෙහෙයුම් කමිටුවේ වැඩ මුල් කාලයේ දී ඉතාම හොඳින් කෙරීගෙන ගියා නමුත් එහි විද්වත් කමිටු සාමාජිකයන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ නොදී මෙය පාලනය කිරීමට ගිය එමගින් ඔවුන් පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලය සහ මෙහෙයුම් මණ්ඩලයේ අයත් නොමග යැවීමට කටයුතු කළා. විද්වත් කමිටුවේ සාමාජිකාවක් දෙදෙනෙක් අපට කිව්වේ ජයම්පති වික්‍රමරත්න සුමන්තිරන් මන්ත්‍රීවරු දෙදෙනා ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ නොදුන් බවයි. අගමැති, කතානායක සහ විපක්ෂ නායකගේ එකමුතුවෙන් ජනාධිපතිවරයා ඉවත් කිරීම, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කතාව ආදී මේ ඔක්කොම තියෙන්නෙ ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් මන්ත්‍රීවරු දෙදෙනා එකතුව කෙටුම්පතට හොරෙන් රිංගවීමට ඇතුලත් කළ දේවල් තුළයි. මේ දෙදෙනාට ව්‍යවස්ථාවක් හදන්න ඕනේ නැහැ මේ ක්‍රියාවලිය දිගටම තිබුණොත් පමණයි ඔවුන්ට එන්ජීඕ හදන්න පුළුවන් වෙන්නේ.”
COMMENTS