දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මං ඔය ඥාතීන්ට වාහන දුන්න කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ - ශෂී කතා කරයි
Homeගොසිප්

මං ඔය ඥාතීන්ට වාහන දුන්න කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ - ශෂී කතා කරයි

PropellerAds

මං ඔය ඥාතීන්ට වාහන දුන්න කිසි දෙයක් දන්නෑ මාත් දැනගත්තෙ පත්තරෙන් විමල් පහුගිය අවුරුදු 23 ම සිල් අරගෙනත් නෑ - ශෂී කතා කරයි මෑත කාලයේ...

හෙට 29 සඳුදා සිට ආයෙත් තද වැසි එනවා - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
මියගිය පිරිස 122 දක්වා ඉහළට - නිල්වලා ගඟ අවට තවම අවදානම් - දක්ෂිණ අධිවේගයේ මාර්ග කිහිපයක් වැසේ
රටේ ආපදාවක් වෙලාවක ලයිව් චාට් ෂෝ කිරීම ගැන ප්‍රේක්ෂිකාවක ඇසූ පැනයට ස්වර්ණවාහිනී නිවේදකයාට කේන්තියාම


මං ඔය ඥාතීන්ට වාහන දුන්න කිසි දෙයක් දන්නෑ

මාත් දැනගත්තෙ පත්තරෙන්
විමල් පහුගිය අවුරුදු 23 ම සිල් අරගෙනත් නෑ
- ශෂී කතා කරයි


මෑත කාලයේ විවිධ ප්‍රවෘත්ති නිසා ආන්දෝලනයක් ඇති කර තිබෙන ශෂී වීරවංශ (විමල් වීරවංශගේ බිරිය) පසුගිය සතිඅන්ත පුවත්පතකට මුල්වරට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.
මෙහිදී විමල්ගේ පාස්පෝට් සිද්ධි,ඥාති සංග්‍රහ සහ වාහන අවභාවිතාව ගැන බිරිය ශෂී කථා කර තිබෙන අතර
එයින් උපුටාගත් කොටස් කිහිපයක් පහත පරිදිය.

ඔබට කොහොමද විමල් වීරවංශ මන්ත්‍රිතුමා මුණගැසුණේ...?
 94 අවුරුද්දෙ තමයි මට එයා මුණ ගැහෙන්නේ. මගේ සහෝදරයෙක් වූ අජිත් කුමාර එක්ක ගෙදර ඇවිත් තමා මට හම්බ වෙන්නේ. නිතර නිතර දේශපාලන වැඩවලට තමයි ආවේ ගියේ.

ඒ කාලෙද ඔබ අර නියෝජිත තැපැල්හලක් (ඒජන්සි පෝස්ට් ඔෆිස්) පවත්වාගෙන ගියේ...?

ඔව්. ඒ කාලේ තමයි ආරම්භ කරලා තිබුණේ. අපි 1996 තමයි විවාහ වුණේ.

ඒ කාලේ විමල් වීරවංශ නෙවෙයි නේද නම...? විමලසිරි ගම්ලත් කියලනේ භාවිත කළේ...?

විමල් වීරවංශ තමයි නම. හැබැයි ඒ ගොල්ලෝ පුවත්පත්වලට ලියන කොට අන්වර්ථ නාමවලින් පෙනී හිටියනේ.

ඔබේ නම ශෂී වීරවංශ නෙවෙයි නේද...?

මට ශෂී කියල තමයි ගෙදරයි, යාළුවොයි ඔක්කොම කතා කරන්නේ. වීරවංශ වුණේ බැන්දට පස්සේ. මං උදයන්ති.
රන්දුණු කියලා කෑල්ලක් තියෙනවා. රන්දුණු මුදියන්සේලාගේ උදයන්ති රණසිංහ.

2016දී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) දෙකක් ළඟ තබාගත්තා කියලා සිද්ධියක් ඇති වුණා නේද...?
මං සම්බන්ධයෙන්ද...? ඒක වැරැදි තොරතුරක්. කවුරු හරි පැමිණිල්ලක් දාලා... මට...

විමල් වීරවංශ මන්ත්‍රිවරයාටත් එවැනි චෝදනාවක් ආවා...
ඒකත් බොරු දෙයක්නේ. වැඩේ වෙලා තියෙන්නේ වීසා එක ගහලා තියෙන්නේ අලුත් එක නැතිවෙලා පරණ එකක්, අහෝසි කරපු එකක් හම්බවෙලා වීසා එකක් ගහලා. ඒක කවුරු හරි මෙයා ළඟ ඉන්න කෙනෙක් අතින් වෙච්ච දෙයක්. ඒක ගමන් බලපත්‍ර දෙකක් තිබුණු සිද්ධියක් නෙවෙයි. ඒක ඉදිරියේදී උසාවිය නිවැරැදි කර ගනියි.

තාම නඩුව යනවා...?
ඔව්, තාම නඩුව යනවා. මේ ආණ්ඩුව තියෙනකම්ම යයි මගේ හිතේ. නිවැරැදි වුණොත් අවුලක්නේ ඒක නිසා.

මෑත භාගයේ විමල් මන්ත්‍රිතුමාගේ සොහොයුරා සරත් වීරවංශත් මේ චෝදනාව යටතේම අත්අඩංගුවට පත් වුණා නේද...?

වාහන අවභාවිතාව කියලනේ දාන්නේ. එයාවත් ගත්තා.

ඔබේ සැමියා අමාත්‍ය ධුරය දරද්දී ඒ කාලේ ලොකු කතාබහක් ගියා නේද අර ඉන්දීය ගායක සෝනු නිගම් ලංකාවට ගෙන්වන්න අමාත්‍යාංශයේ මුදල් වැය කළා කියලා...? ඔබ ඒ ගැන මුකුත් දන්නවද...?
නෑ... මම ඒ ගැන මුකුත් දන්නේ නැහැ. සෝනු නිගම් ගේන එක ගැන මම දන්නවා. මම හුඟක් කලා කටයුතුවලට සම්බන්ධ කෙනෙක් හින්දා අමාත්‍යාංශයෙන් මොනව හරි අනුග්‍රහයක් කළාද කියන එක මම දන්නේ නැහැ.

ඔබ ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් නේද...?
නෑ... මම ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් නෙවෙයි...

එහෙනම්...?
මම කතාව ලිව්වා. ඒවාට වෙන වෙන කලාත්මක පැතිවලින් දායකත්වය දැරුවා. සින්දු ලිව්වා. තේමා ගීත ලිව්වා. ඒ ඇරෙන්න නිෂ්පාදිකාවක් වෙලා නෑ.

රිද්මි විමුක්ති වීරවංශ කියන්නේ කවුද..?
විමුක්ති වීරවංශ කියලා ඉන්නවා මෙයාගේ අක්කගෙ දරුවෙක් ඉන්නවා.

ඉෂිකා නදී පෙරේරා කියන්නේ..?
ඉෂිකා

ඔව් ඉෂිකා..?

ඉෂිකා කියන්නේ මෙයාගේ සෙකට්‍රි කෙනෙක්.

මේ නම් අර වාහන දුන්නැයි කියන ලැයිස්තුවේ තිබුණා..?
ඒ ගැන මං දන්නේ නෑ. අමාත්‍යාංශයේ වැඩ ගැන මං දන්නේ නෑ.

වීරවංශ මන්ත්‍රිතුමාගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් මහත්තයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා වීරවංශ මන්ත්‍රිතුමාගේ ඥාතීන් සිය ගණනක් ස්වේච්ඡාවෙන් අමාත්‍යාංශයේ සේවය කළා. ඒ නිසා අවශ්‍ය 
වෙලාවට සුදුසු පරිදි ප්‍රවාහන පහසුකම් දුන්නා කියලා..?

මං ඒක දන්නේ නෑ. ඇත්තටම අමාත්‍යාංශයේ දේවල් ගැන මගෙන් අහලා වැඩක් නෑ. අවුරුදු පහක් මහත්තයා මිනිස්ටර් වෙලා හිටියා. එකම එක දවසක්වත් ඔය අමාත්‍යාංශයකට, කන්තෝරුවකට ගොඩනොවුණු කෙනෙක් මම. කිසිම දවසක ගිහින් නැහැ. ඒ නිසා මම නිලධාරීන් අඳුනන්නේ නැහැ. යම් යම් කටයුතුවලට ගෙදරට එන දෙතුන් දෙනා හැරෙන්නට මං ඔය කිසිම කෙනෙක් අඳුනන්නේ නැති නිසා ඔය අමාත්‍යංශයේ සිද්ධවෙච්ච දේවල් ගැන මොනවත්ම දන්නේ නැහැ. මම මගේ දරුවෝ දෙන්නගෙ කටයුතු සහ මගේ වෙනත් ව්‍යාපාර කටයුතු ගැන හොයලා බලන්න තිබුණු නිසා ඕවා ගැන හොයන්න වෙලාවක් තිබුණේ නෑ.

ඔබ පුවත්පත් බලනවාද..?
ඔව් බලනවා.

පුවත්පත්වල පළවුණා ඔබේ සැමියා අමාත්‍ය ධුරය දරන කාලයේ මත්තේගොඩ, කහතුඩුව පැතිවල ඉදිකරපු නිවාස එයාගෙ ඥාතීන්ට අඩු මිලකට ලබාදුන්නා කියලා. ඔබ ඒ ගැන දැනුවත්ද..?
මම දැක්කා දාලා තියෙනවා පත්තරවල.

එපමණයිද..?
ඔව්. මම දැක්කා දාලා තියෙනවා.

ඔබ ඇහුවේ නැද්ද මොකක්ද මේ කතන්දරය කියලා..?

නෑ...සමහර විට ඥාති වෙන කෙනෙක් ගෙයක් ඉල්ලපුවම එයාට සල්ලි දෙනව නම් ඒ නියමිත මිල ගෙවනව නම් එයාලට ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඥාතිකම හේතුවක් වෙන්නේ නෑ නොදී ඉන්න. එහෙම දුන්නද නැද්ද කියන එක මම දන්නේ නෑ. එයාගෙ ඥාතිකම ගෙයක් නීත්‍යනුකූලව ලබාගන්න බැරි වෙන හේතුවක් නෙවෙයිනේ.

මේ ප්‍රදේශයේ නගරාධිපති බුද්ධදාස මහත්තයා කියනවා විමල් වීරවංශ හිටපු ඇමැතිතුමාට පානදුරේ අක්කර දහතුනක ඉඩමක කාමර විසිපහක හෝටලයක් ඉදිකරනවා කියලා.?
සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොරයි. සම්පූර්ණයෙන්ම බොරු. මේ වෙනකොටත් ඔප්පුවෙලා ඉවරයි ඒවා තනිකර බොරු කියලා.

ඇමැතිතුමා මැතිවරණ නීති උල්ලංඝනය කළා. ග්‍රාම නිලධාරීන්ට ජංගම දුරකතන තෑගි දුන්නා. මේ ගැන මැතිවරණ කොමසාරිස්ට ලියුම් පවා යවලා තිබුණා..?
ඔව් මං ඒවා පත්තරවලින් දකිනවා හැරෙන්නට ඕව ඇත්තද නැත්තද මොනවත් දන්නේ නෑ.

විමල් වීරවංශ දක්ෂ කථිකයෙක් හැටියට ප්‍රකට නමුත් තවත් පක්ෂ නායකයකුට "ආප්පයා", "සිරිසේනයෝ" කියලා කතා කරන එක හරියි කියලා ඔබ හිතනවද..?
මේකයි. මට එයාගෙ දේශපාලන භාවිතය ගැන විවේචනය කරන්න මට ඇති අයිතියකුත් නෑ. එහෙම විවේචනය කරන්න මට ඇති කැමැත්තකුත් නෑ. මට ඒක ඇති වැඩකුත් නෑ. එයාගෙ ගමන ඒක. ඒවා ගැන ඔයා මගෙන් අහලා වැඩකුත් නෑ.

විමල් වීරවංශ ඔබේ සැමියා රිමාන්ඩ් එකේදි පෝය දවසෙ සිල් ගත්තා. සාමාන්‍යයෙන් ඔහු පෝය දවසට සිල් ගන්නවද..?

ඉස්කෝලෙ යන කාලෙ සිල් අරන් තියෙනවා කියලා අද කිව්වා දැන් මම බලන්න ගියාම.

ඒ කියන්නේ මීට කලින් සිල් අරන් නෑ..?
බැන්දට පස්සෙ සිල් අරන් නෑ.

විමල් වීරවංශ මන්ත්‍රිතුමා අත්අඩංගුවට පත්වුණු වෙලාවේ එතැනදි ඥාති දියණියකට නිලධාරීන් පහරදුන්නා කියලා කතාවක් තියෙනවා..?

මම ඇත්තටම ඥාති දියණියක් එතැනට ආවද දැක්කෙත් නෑ. එයාගෙ කවුරුත් නෙවෙයි. ඊට පස්සේ මම නිවුස් එක දැක්කා. එයාගෙ ඥාතියෙක් නෙවෙයි මට ඥාති වෙන කෙනෙක්. එයා එතෙන්ට ආපු බවවත් ඒ සිද්ධියවත් මම දැක්කේ නෑ. තාම මට කතා කරගන්නවත් බැරි වුණා. ඒ හින්දා මොකක් වුණාද කියන එක මම දන්නේ නෑ.

මියුරු භාෂිත ලියනගේ කියලා කෙනෙක් අඳුනනවද..?

මම අඳුනනවා ඒ කාලේ.

මේ අත්අඩංගුවට ගැනීම සිදුවුණු වෙලාවේ මේ සෙනඟ පිරිස ගෙන ආවය කියලා මාධ්‍ය ජාලවල පළවෙලා තියෙනවා. ඔබ මේ ගැන මොකුත් දන්නවද..?
නෑ.. මං ඒ ගැන මොකුත් දන්නේ නෑ. මං දන්නේ නෑ.

ඒ අත්අඩංගුවට පත්වෙන වෙලාවේ කෑමොර දෙන්න, හයියෙන් අඬන්න කාන්තාවන් කුලියට ගෙන ආවයි කියලා වෙබ් අඩවිවල යනවා..
වෙබ් අඩවිවල යන දේවල් මේ රටේ ජනතාව තාමත් පිළිගන්නවා කියලා හිතනවද..? වෙබ් අඩවිවල තියෙන දේවල් ජනතාව කිසිසේත්ම පිළිගන්නේ නෑ.

ඔබත්, නීතිඥවරුනුත් උසාවියෙන් කාරුණික ඉල්ලීමක් ඉල්ලා තිබුණා දියණියගේ අධ්‍යාපන කටයුතු නිසා ඇප ලබාදෙන්න කියලා..?
මගේ දුව ඔයිට ඉස්සර වෙලා තාත්තා උපවාස කරනකොටත් මෙයා හරියට අවුල් වුණා. පුතා කොහොමහරි ඒක දරාගන්නවා. ඔය මගේ පුතා. උසස් පෙළ කළා. මේ ආණ්ඩුව 2015 ආවත් හරි මගේ පුතා උසස් පෙළ කළේ අවුරුදු දෙකම ඉස්කෝලෙ නොගිහින් තමා උසස් පෙළ කළේ. ඉස්කෝලෙ නොගියා කියන්නේ වෙනම ඉගෙන ගෙන තමයි විභාගෙ ඉල්ලුවේ. ගෙදර තමා වැඩියෙන්ම හිටියේ.

ඇයි එහෙම වුණේ..?
එහෙම වුණේ ආණ්ඩු පෙරළිච්ච ගමන් එතැනට එනවනේ ඔය දේශපාලනඥයන්ගේ, මේජර්ලගේ දරුවෝ අරගෙන මෙහෙ එනවනේ අලුත් ආණ්ඩුවේ. මේගොල්ලන්ට පාට් දාන්න ගත්තා. ඊට පස්සේ ගෙදර තියාගෙන මම ඉගැන්නුවේ.
මගේ දුව, මේ දරුවා ඔය වෙන හැම කම්පනයකදීම ඉස්කෝලෙ යන්නේ නෑ. තාත්තට මොනවා හරි වෙයි කියලා බයයි. රෑට නිදා ගන්නේ නෑ.

ඔබ කිහිපවතාවක් ප්‍රශ්න කිරීම්වලට භාජන වුණේ ඇයි..?
මට පාස්පෝට් දෙකක් තියෙනවා කියලනේ. එතකොට දැන් ඒ නඩුවත් යනවා. මේ ළමයි හැමදාම උසාවිවලයි, පොලිසිවලයි ඉන්නේ.

ඔබේ සොහොයුරියද තනූජා නිශාන්ති කියන්නේ..?
ඔව්.


එයාගෙ ස්වාමියා ආනන්ද අශෝක කුමාර..?
ඔව්.

ඔහුගේ නමත් තියෙනවා වාහන ලබාදුන්නා කියලා..?
ඒක ගැන ඇත්තටම මම දන්නෙ නෑ. මොකක්ද කියලා දන්නෙ නැහැනේ. මට ඒක ගැන කතා කරන්න බැහැ.

ඔබලාගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් කිව්වනේ ඥාතීන් ඇමැතිතුමා ළඟ සේවය කළා කියලා..
  මම නොදන්න ඥාතීන් මහත්තයට ඉන්නවනේ. ඒ ගොල්ලන්ගෙ සමහර ඥාතීන් එතැන වැඩ කරන්න ඇති සමහරවිට.

සාකච්ඡාව - අනුර බණ්ඩාර රාජගුරු  (මව්බිම)
ඡායාරූප - ජේ.වීරසේකර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මං ඔය ඥාතීන්ට වාහන දුන්න කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ - ශෂී කතා කරයි
මං ඔය ඥාතීන්ට වාහන දුන්න කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ - ශෂී කතා කරයි
http://ift.tt/2jAmQ0k
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_372.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_372.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy